වීණා 6 කොටස
කසාදෙ වැඩවලට උදව් වෙලා කුස්සියේ තිබ්බ හැම වැඩක්ම ඉවර කරලා අම්මයි මායි ගෙදර යන්න ලෑස්ති වෙනකොට රෑ දහයත් පහුවුනා.
“ආ….වීණා එහෙම ඔය ගෙදර යන්නද හදන්නේ?….”
අපි යන්න හදනකොටම ලොකු නෝනා කුස්සියට ආවා.
“අනේ…ඔව් නෝනා.අපි මේ යන්න කියලා බැලුවේ….”
මට කලින් අම්මයි එහෙම කිව්වේ.
“දැන් යන්න එපා…මේ මහ රෑ.දැන් දහයත් පහුවෙලා.අද වලව්වේ ඉදලා උදේම යන්න…”
මහ රෑ වෙලා අපි ගෙදර යන්න හදපු එකට ලොකු නෝනා කැමති වුනේ නෑ.
“අනේ බෑ නෝනා.අපේ මනුස්සයා උදේම ගෙදර එනවනේ.උන්දැට කහට කෝප්පයක්වත් හදලා දෙන්න ගෙදර ඉන්න එපැයි….”
“හා එහෙනම්.දෙන්නත් එක්කලා පරිස්සමින් යන්න….”
ගෙදර ඇවිල්ලා මුහුණ හෝදගෙන වෙනදා පුරුදු ඇදුම ඇදගෙන ඇදට වැටුනට පස්සේ දැනුනේ පුදුම සනීපයක්.
🌄🌥️⛅🌤️🌞
පහුවදා උදේ මන් නැගිටිද්දී හතත් පහුවෙලා තිබ්බා.ඇදෙන් නැගිට්ටත් ඔලුව කැරකෙනවා වගේ.ඇගට පනත් නෑ. මන් බොහොම අමාරුවෙන් කුස්සියට ගියා.යද්දී අම්මා බත් මුට්ටිය ලිපෙන් බානවා.දවස් පහ හයකට පස්සේ අප්පා ත් ගෙදර ඇවිත් තිබුනා.
“ආ…වීණා නැගිට්ටද? දත් මැදලා මූණ කට හෝදගෙන මේ තේ ටික බීපන්… මේ අප්පා එද්දී බූන්දි වගයක් ගෙනල්ලා තිබුනා.අර රාක්කෙ ඇති.අරන් කාපන්….”
මන් ළිද ලගට ගිහින් දත් මැදලා මූණ කට හෝදගෙන ඇවිත් තේ බිව්වා. සීනි දාලා තේ බොන්න බෑ අප්පිරිය හින්දා මන් බිව්වේ කහට විතරයි.කහට බීලා කෝප්පෙත් අතේ තියාගෙනම කල්පනා කරේ මන් ඉස්සරහට මොනවද කරන්නේ කියලයි.දැන් මගෙ කුසට මාස එකහමාරක් විතර වෙනවා.
මන් තවත් කොහොමද මේක අම්මගෙන් හන්ගගෙන ඉන්නේ. ටික වෙලාවක් යද්දී මගෙ බඩ කලතගෙන බීපු කහට ටික ඔක්කාරෙට එන්න වුනා🤢.මන් කටයි බඩයි අල්ලගෙන පිළික්කන්න පැත්තට දුවන් ගියා.🤮🤮 අම්මත් සද්දෙ ඇහිලා මගෙ පස්සෙන් ආවා.
“අනේ….මගෙ පුතේ වීණා උඹට මොකද වුනේ රත්තරං😥තාම උඹට අඩුවක් නැද්ද? කෝ යමුකො ගේ ඇතුළට බත් ටිකක් කාලා බෙහෙත් ටික බොමු.හවස් වෙනකොට අඩුවක් නොවුනොත් ඉස්පිරිතාලෙ යමු….”
මට අම්මා ගැන හරියට දුක හිතුණා. ඇඩූ මුහුණෙන් අම්මා මගේ පිට අත ගෑවා. �මන් අම්මගෙ ඇගට වාරුවෙලා ගේ ඇතුළට ආවා.මට බෙහෙත් ටික බොන්න අම්මා බත් ටිකක් බෙදන්න කුස්සියට යන්න හැදුවා.ඒත් මන් අම්මගෙ අතින් අල්ලලා නතර කරගත්තා.
“ඇයි මගෙ දුවේ?උඹට ආයෙමත් අසනීපද?….”
“අනේ….මගෙ රත්තරං අම්මේ මට සමාවෙන්න😭😭😭මෙච්චර දවසක් ඔයාට බොරු කරාට.මන් අසරණයි අම්මේ😭😭😭……”
මන් අම්මගේ කකුල් දෙක අල්ලගෙන බිම වැතිරිලා සේරම දේවල් අකුරක් නෑරම කිව්වා.කිසිම දෙයක් හැන්ගුවේ නෑ.
“වීණා…..😠😡🤬මන් හිතුවේ නෑ දුවේ උඹ මේ වගේ මෝඩ වැඩක් කරගනී කියලා.දෙයියන්ගෙ නාමෙට කියපන් වීණා ඇයි උඹ මෙච්චර මෝඩ වුනේ කියලා.
යකෝ….🤬පු0චි මහත්තයා අපියි අහසට පොළව වගේ.කිසිම දේක බරපතල කමක් නැතුව උඹ පු0චි මහත්තයා එක්ක පෙම් පලහිලව්වක් පටන් ගත්තෙ ….උඹට හිතන්න බැරි වුනාද ගොන් ඊරියේ ඔයවගේ දේකට කවදාවත් වලව්වෙන් අවසරයක් ලැබෙයි කියලා.😡😡වීණා මේ බලපන්…උඹේ අප්පා මේක දැනගත්තොත් මෙතන මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ…..”
අම්මා සෑහෙන වෙලාවක් මට දොස් කිව්වා.අම්මගෙ හිතේ මන් පු0චි මාත්තයත් එක්ක සම්බන්දයක් ඇති කරගත්තු එකට තරහක් තිබ්බා. මට වෙච්චි දේට දුක උහුලගන්න බැරිව අම්මා සෑහෙන වෙලාවක් ඉකි ගගහා ඇඩුවා😭😭😭.පව්….දෙයියනේ අම්මා.
වදපු අම්මගෙ හිතට සතුටක් ,සැනසීමක් දෙන්න බැරි මන් මහා අවාසනාවන්ත කාලකණ්ණි දුවෙක් වුනා.
සෑහෙන වෙලාවක් ගතවුනා.අම්මා තාමත් හූල්ල හූල්ල බන්කුව උඩට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා.මන් හෙමිහිට අම්මා ළගට ගියා.ගිහින් බිමින් ඉද ගත්තා. මන් දිහා බලපු අම්මා මගෙ ඔළුව අතගෑවා.
“වීණා….ඇයි පුතේ උඹ අහස අල්ලන්න ගියේ?….පු0චි මහත්තයා උඹෙන් ඔහොම දෙයක් අහපු පළවෙනි දවසෙම උඹට තිබුනේ බැහැයි කියන්න….අන්තිමට ඌ උඹව අමාරුවෙ දාලා දරුවෙකුත් දීලා වෙන කෙල්ලෙක්ව කසාද බැදගත්තා. උන්ට උඹලා සෙල්ලම් බඩු ගානයි මයෙ දුවේ.උඹට වෙච්චි දේට ඌට පොඩ්ඩක් වත් දුකක් නෑ.දැක්කද ඊයෙ හිනාවෙවී හිටපු අපූරුව.උඹ නාඩා ඉදින් දුවේ😭😭😭……”
මට අඩන්න එපා කිව්වත් අම්මගෙ ඇස්වලින් කදුලූ ගලාගෙන ගියා.මන් අම්මගෙ පපුවට තුරුල් වෙලා ඉකි ගගහා ඇඩුවා.එතකොටම අප්පා ගේ ඇතුළට ආවා.
“වීණා…මේ මොකද වෙලා තියෙන්නේ? ඇයි උඹ අඩන්නේ?..චාන්දනී….මොකෝ මේ දෙන්නත් එක්කලා අඩන්නේ😭… ඇයි මේ?…”
මන් එතනින් නැගිටලා ගිහින් කාමරේ ඇදෙක් ඇලවුනා.ඊට පස්සේ අම්මා වෙච්චි සේරම විස්තරේ අප්පා එක්ක කිව්වා.ඒක අහපු අප්පා යක්ශාවේශ වෙලා මගෙ කාමරේට ආවා.
“වීණා මොකක්ද යකෝ තෝ මේ කරගත්තේ?🤬🤬 මන් උඹව හැදුවේ මලක් වගේ.මේ වත්තෙ කිසිම කෙනෙක්ගෙන් කිසිම කතාවක් අහගන්න නොදී උඹව හැදුවේ….”
“අනේ….කෑගහන්න එපා දැන්.අහල පහල මිනිස්සුන්ට ඇහෙයි.කෙල්ලට බනින්න එපා.ඒකිගෙ කැමැත්තෙන් වෙච්චි දෙයක් නෙවෙයි මේක….”
අම්මා ඇවිත් තාත්තගෙ කෑ ගැහිල්ල නවත්තන්න හැදුවා.
“කාලකන්නියා….ඌ මගෙ අසරණ කෙල්ලව අමාරුවෙ දාලා උගෙ ගෑනිත් එක්ක සන්තොශෙන් ජීවත් වෙන්නද? ඒවා කොහෙද මේ රාජා ත් එක්ක.මන් ඕකව බාවනවා.පු0චි මාත්තයෝ මන් තෝව ඉතුරු කරන්නෙ නෑ…”
එහෙම කියපු අප්පා කුස්සියෙ වහලෙ තිබ්බ කඩුව අතට ගත්තා.වෙන්න යන වින්නැහිය තේරුම් ගත්තු අම්මයි මායි අප්පව නවත්තන්න හැදුවා.
“අනේ…රාජා ඕක නවත්තන්න.පින් සිද්ද වෙයි.අපිට හැප්පෙන බෑ වලව්වේ අයත් එක්ක.එහෙම වුනොත් මේ කෙල්ලව උන්
මරාවි….”
එහෙම කියලා අම්මයි මායි බොහොම අමාරුවෙන් අප්පව නවත්ත ගත්තා. ඒත් අප්පගෙ තරහව නිවුනෙ නෑ.අප්පගෙ අතින් කඩුව ඇදලා ගත්තු අම්මා ඒක කුස්සියෙ වහලෙ යටින් හැන්ගුවා. සාලෙ බන්කුව උඩ ඉදගෙන අප්පා වේගෙන් හුස්ම ගත්තා.මන් හිමීට බයෙන් බයෙන් අප්පා ළගට ගියා.
“අප්පා…. මට සමාවෙන්න අප්පා.මන් හින්දා අප්පා මිනීමරුවෙක් වෙන්න එපා. අප්පා වලව්වට ගිහින් පු0චි මාත්තයට මොනවා කිව්වත් පු0චි මාත්තයා ඉසුරි අක්කව අතෑරලා මාව කසාද බදින්නේ නෑනෙ.මේව ලොකු මාත්තයා දැන ගත්තොත් මහ විනාශයක් වෙන්නෙ අප්පා….”😭😭😭😧
මන් හඩමින්ම අප්පට එහෙම කිව්වා. ටික වෙලාවකින් අප්පා අම්මත් එක්ක කුස්සියට ගිහින් මොනවදෝ මන්දා කුටු කුටු ගෑවා.මන් අරමුණක් නැතිව ඔහේ බලන් හිටියා.මන් කුසට අත තියාගත්තා. ඔයා බය වෙන්න එපා පැටියෝ 🤰🤰 මොන දුකක් විදලා හරි මන් ඔයාව බලා ගන්නවා.මේ වත්තෙන් ගිහිල්ලා හරි.
ටික වෙලාවකින් අම්මයි අප්පයි මන් ළගට ආවා.අප්පගෙයි අම්මගෙයි මුහුනු ව්ව්ල තිබ්බේ බැරෑරුම් බවක්.
“වීණා…..දුවේ උඹේ ඇදුම් ටිකයි තව ඕනි කරන බඩු ටිකයි අරන් ලෑස්ති වෙයන් රෑ වෙද්දී උඹ මෙහෙන් යන්න ඕනි…. මන් උඹව දන්න කියන තැනක නවත්තනවා….”
අප්පා එහෙම කියනකොට මට හිතා ගන්න බැරිවුනා මාව කොහෙද යවන්න හදන්නේ කියලා.ඒත් මට දැනුනා ඉස්සරහට මේ වත්තෙ මට ඉන්න බැරිවෙයි කියලා.මන් අප්පගෙනුයි අම්මගෙනුයි අහුවා මාව කොහෙද යවන්නේ කියලා.
“උඹ කිසි දේකට බය වෙන්න ඕනි නෑ වීණා.හෙට පාන්දරම එළිය වැටෙන්න කලින් උඹ ලෑස්ති වෙයන් අපෙ අම්මගෙ න0ගි කෙනෙක් ඉන්නවා වැලිමඩ එහෙ යන්න.උඹ බඩට මාස අටක් පහු වෙනකන් එහෙ ඉදපන්.එහෙ ඉන්නෙ මගෙ පු0චි විතරයි.එයා උඹව හොදට බලා ගනියි.
මෙහෙ වත්තෙ උන් උඹව කෝ කියලා ඇහුවොත් අපි කියන්නේ උඹ හදිස්සියෙම කසාද බැදලා ගියා කියලා. වත්තෙ උන්ට මගුල් කිව්වෙ නැත්තෙ උඹ බැන්දේ සි0හල කොල්ලෙක් හින්දා කියලා කියන්නේ.මාස අටක් පහුවුනාට පස්සෙ අපි උඹව ගෙදර එක්කන් එන්නම්.ඊට පස්සෙ වෙන දේවල් පස්සෙ බලාගමුකො….”
මට අම්මයි අප්පයි ගැන හරියට දුක හිතුනා.මන් හින්දා ඒ දෙන්නා මොන තරම් දුකක් විදිනවද? කිසිම කෙනෙකුට වරදක් නොකරපු ඒ දෙන්නට අද මන් හින්දා වත්තේ මිනිස්සුන්ට බොරු කියන්නත් වෙලා.
මන් කාමරේට ගිහින් ලොකු බෑග් එකකට ඇදුම් ටිකයි තව අවශ්‍ය කරන බඩු ටිකයි දා ගත්තා.පු0චි මාත්තයා මට දුන්නු රත්තරං මාලෙත් දා ගත්තා. අම්මවයි,අප්පවයි දාලා යන්න වෙන එක ගැන මට දැනුනේ ලොකු දුකක්.
පහුවදා පාන්දර තුනහමාරට මන් නැගිට්ටා.ඇදුම් බෑග් එකයි අම්මා දීපු කෑම පාර්සලෙයි අතට ගත්තු මන් අප්පාත් එක්ක වැලිමඩ යන්න ගෙයින් එළියට බැස්සේ පාන්දර හතරයි කාලට විතර.
මන් අම්මට දණ ගහලා වැන්දා.ඒ ඇස්වල තිබ්බෙ කදුලූ.
“පරිස්සමින් ගිහින් එන්න වීණා. මාත් උඹව බලන්න මාසෙකට සැරයක් එන්නම්.පරිස්සම් වෙලා ඉදපන්.උඹ දැන් බඩදරු අම්මකෙනෙක්….”
පාන්දර පහට තිබ්බ කෝච්චියෙන් අප්පයි මායි වැලිමඩට ආවා.අප්පා කියපු ආච්චි අම්මගෙ ගෙදරට එද්දී උදේ නවයට විතර ඇති.
🕘 ඒ ආච්චි අම්මා අපිව හොදින් පිළිගත්තා.ඒ ගෙදර තිබ්බේ කන්දක් ගාව.සිමෙන්ති ගඩොලින් බැදපු ගෙයි වහලෙට දාලා තිබ්බේ ඇස්බැස්ටෝ ශීට්.ගෙයි මිදුලේ පැත්තකට වෙන්න මුලු යායකම එළවළු වර්ග තවාන් කරලා තිබ්බා. ගෙයි ඉස්සරහ මිදුලේ ලස්සන මල් වර්ග ගොඩාක් වවලා තිබ්බා.ඒවා දිහා බලාගෙනම මන් අප්පා එක්ක ගේ ඇතුලට ගියා.මන් එලියෙන් මුහුණ හෝදද්දී තාත්තා ඒ ආච්චි අම්මට මන් ගැන විස්තරේ කිව්වා.ඒක අහලා ඒ ආච්චි අම්මා හරියට දුක් වුනා.
“දුවේ ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.ඔයයි දරුවයි මේ තනි මට බරක් නෙවෙයි.ඔයා දැන් විවේක ගන්න දුවේ. මන් කෑම ටිකක් හදන්නම්.ඔය තත්වෙ ඉන්නැද්දී බඩගින්නේ ඉන්න හොද නැහැ….”
ටිකක් දවල් වෙද්දී අප්පා කෑමත් කාලා යන්න ලෑස්ති වුනා.අප්පාට අද මෙහෙ ඉන්න කියන්න හිතුනත් අම්මා විතරනෙ ගෙදර ඒ හින්දා මන් අප්පට යන්න හා කිව්වා.
ගෙයි කඩුල්ල ගාව ඉදන් මන් අප්පා නොපෙනී යනකන් බලන් හිටියා.
“දුවේ….දැන් ගේ ඇතුළට එන්න.මේ වෙලාවෙ එලියෙ ඉන්න එපා.මන් දුවට මේ අඹ ගෙඩි වගයක් කැඩුවා ගහෙන්. ගැට අඹ වුනාට ලුණු එක්ක කන්න හරිම රසයි….”
මන් ආච්චි අම්මා දුන්නු අඹ ගෙඩිවලින් දෙකක්ම කෑවා.
ඊට පස්සේ ඉස්තෝප්පු කෑල්ලෙන් ඉද ගත්තා.ආච්චි අම්මත් ඇවිත් මන් ගාවින් වාඩිවුනා.
“දුවේ,ඔයා බය වෙන්න එපා.දදරුවා ලැබුනට පස්සෙ උනත් මන් ගාව ඉන්න. මට ඔයාලව බරක් නෙවෙයි….”
ආච්චි අම්මා මට ගොඩාක් ලෙන්ගතු වුනා.මට එයා ගැන ගොඩාක් විස්තර කිව්වා.මේ ආච්චි මගෙ අප්පගෙ,අම්මගෙ න0ගි.එයා කසාද බැදලා තියෙන්නේ සි0හල මනුස්සයෙක්ව.එයාලා දෙන්නට පිරිමි දරුවෙක් ඉදලා තියනවා.එයා පිළිකාවක් හැදිලා අවුරුදු දහයෙදි මැරිලා. ඊට පස්සේ එයාලට වෙන දරුවෝ ඉදලා නෑ.ඒ සීයත් දැනට අවුරුදු හත අටකට කලින් ලොරියක් පල්ලෙ වැටිලා මැරිලා.
ඊට පස්සේ මේ ආච්චි අම්මා තනියෙන්මයි ජීවත් වෙලා තියෙන්නේ. මේ ගේයි වත්තයි තියන ඉඩම ගොඩාක් ලොකුයි.අක්කර දෙකක් විතර තියනවා. ඒ වත්ත පුරාවටම විවිධ එළවළු වර්ග වවලා තියෙනවා.තව සමහර පළතුරු වර්ගත් තියෙනවා.ආච්චි අම්මා ඒවා පොළට ගෙනිහින් විකුණනවා.
දැන් මන් මේ වැලිමඩට ඇවිත් මාස හතරක් වෙනවා.මේ මාස හතරට අම්මයි අප්පයි කීප වතාවක්ම ඇවිත් මාව බලලා ගියා.ඒ ආපු හැම වෙලාවකම මට පු0චි මාත්තයා ගැන අහන්න හිතුණත් මන් ඇහුවේ නෑ.අම්මටයි අප්පටයි කේන්ති ගියොත්.මට පු0චි මාත්තයව හැම තිස්සෙම මතක් වෙනවා.
අනේ…පු0චි මාත්තයා දන්නව නම් එයාගෙ දරුවා මගේ කුසේ වැඩෙන බව.දැන් නම් මට දරුවා පයින් ගහනවා,දගලනවා දැනෙනවා.අනේ මේ දරුවගෙ මූණ දකිනකම් මට ඉවසිල්ලක් නෑ.මන් ඒ තරමටම දරුවට ආදරේ කරා.
“දුවේ….මෙහාට එන්නකෝ….”
“ඇයි ආච්චි අම්මේ…..”
“ආ….මන් මේ ගව්ම් ටික දුවට ගෙනාවෙ ටව්මෙන්.බලන්නකෝ දුවට ගානට ඇති ඕවා….”
ආච්චි අම්මා මට ලොකු කවරෙක දාපු ගව්ම් වගයක් දුන්නා.අනේ හරිම ලස්සන ගව්ම්.දරුවො ලැබෙන්න ඉන්න කාලෙ අදින ලස්සන ගව්ම් වගයක්.එතන ගව්ම් හතරක් තිබ්බා.ඒවා මට ගානට තිබුනා.
“අනේ ආච්චි අම්මේ මේවා හරිම ලස්සනයි.ඔයාට ගොඩාක් සල්ලි වියදම් වෙන්න ඇති මේවට….”
“අනේ දුවේ මේ තනි මට මොනවට වියදම් වෙනව කියලද?මේ වත්තෙ තියන එළවළුයි,පළතුරු වලිනුයි එන ආදායම තනි මට වැඩිත් එක්ක….”
දවල් නාලා ඉවරවෙලා මන් ආච්චි අම්මා ගෙනත් දීපු ගව්ම් වලින් එකක් ඇද ගත්තා.කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවා.අනේ ඒ ගව්මට මන් හරිම ලස්සනයි.ඉදිරියට නෙරා ආ කුසට අත තියාගෙනම මන් මිදුලට ගියා.යද්දී ආච්චි අම්මා මිදුල අතුගානවා.
“කෝ දෙන්න ආච්චි අම්මේ මට ඉදල. මන් අතුගාන්නම්….”
“අනේ එපා දුවේ දුවට මහන්සි වෙන්න හොද නෑනෙ.දුව ගිහින් ටී.වි එක දාගෙන බලන්න….”
ගෙදර සේරම වැඩ කරේ ආච්චි අම්මා.මන් කොච්චර වැඩ කරන්න හැදුවත් ආච්චි අම්මා මට වැඩ කරන්න දුන්නේ නෑ.පොඩි පොඩි වැඩ විතරයි මන් කරේ.මන් ක්ලීනින් ගියේ ආච්චි අම්මත් එක්ක.අනික් බඩදරු අම්මලා තමන්ගෙ සැමියගේ අතේ එල්ලිලා ක්ලීනින් එද්දී මන් ක්ලීනින් ගියේ ආච්චි අම්මගේ අතේ එල්ලිලා.වෙලාවකට මට මන් ගැනම මහා දුකක් දැනෙන්න වුනා.😧
ආච්චි අම්මා මන් කන්න ආස හැම දෙයක්ම මට හදලා දුන්නා.මට අම්මවයි අප්පවයි හැම තිස්සෙම මතක් වෙනවා. හැබැයි දැන් පු0චි මාත්තයට මාව අමතක වෙලත් ඇති.එයා මට දීපු ගින්දරින් තාමත් මාව පිච්චෙනවා🔥🔥.
කාලය වේගෙන් ගෙවිලා ගියා.දැන් මගෙ කුසට මාස අටක් ගෙවිලත් ඉවරයි. වෙනදා වගේ නෙවෙයි කකුල් ඉදිමිලා යම් යම් අපහසුතා මට දැනෙන්නට වුනා.
උදේම බත් කාලා ඉවරවෙලා මන් කාමරේට වෙලා දරුවා වෙනුවෙන් මහපු ඇදුම් ටික බලන්න වුනා.ටිකක් වෙලා යද්දී එළියෙන් වාහනේක සද්දයක් ඇහුනා.එළියට ගිහින් බලද්දී ඇවිල්ලා හිටියේ අම්මයි අප්පයි.
“අනේ…😀මගෙ දුවේ උඹට දැන් කොහොමද?….”
“මන් හොදින් ඉන්නවා අම්මේ.ආච්චි අම්මා මාව ගොඩාක් හොදට බලා ගන්නවා…”
අම්මයි අප්පයි ඇවිත් ගේ ඇතුලින් ඉද ගත්තා.එතකොටම ආච්චි අම්මත් කුස්සියේ ඉදන් සාලෙට ආවා.
“ආ…මේ පුතාලනේ.මන් ඒත් බැලුවා කව්ද කියලා…ඉන්න මන් පුතාලට බොන්න මොනවහරි හදාගෙන එන්නම්…”
ආච්චි අම්මා හදපු දොඩම් බීම බොන අතරතුරම අම්මයි අප්පයි කතා කරා.
“පුන්චි, අපි ආවෙ වීණා ව ගමට එක්කන් යන්න.දැන් දරුවා ලැබෙන්න තියෙන්නේ තව මාස එකහමාරක් විතරනේ….”
එහෙම කිව්වේ මගෙ අම්මා.ආපහු ගෙදර යන්න ලැබෙන එක ගැන නම් මට තිබුනේ ලොකු සතුටක්.
“එතකොට දරුවනේ….ගමට ගිහින් වීණා ගැන මොනවද කියන්නේ…ඒ අය අහයිනෙ වීණා ගෙ මහත්තයා ගැන….”
“ඔව්….අපි කියලා තියෙන්නේ වීණා ගෙ මහත්තයා හදිස්සියෙම රට ගියා කියලා.ඉතින් එයා ආපහු එනකන් වීණයි දරුවයි ඉන්නේ අපි ගාව කියලා කිව්වා….”
මට අම්මයි අප්පයි ගැන හරියට දුක හිතුනා.අනේ එයාලා මන් හින්දා මිනිස්සුන්ට මොනතරම් බොරු කියන්න වෙලාද තියෙන්නේ.😢😢😭😭
මාස අටකට පස්සේ මන් ආයෙමත් වත්තට ආවා.ගෙවී ගිය මාස අටේදී වත්තෙවත් මිනිස්සුන්ගෙවත් එහෙම කියන්න තරම් ලොකු වෙනසක් පෙනුනේ නෑ. ආපු ත්‍රීවිල් එකෙන් බැහැලා අපි ගෙවල් පේළිය දිගේ එද්දී ත0ගම්මා හම්බුනා.
“ආනේ…..වීණා න0ගී ඔයාව දැක්ක කල්. අපිට නොකියාම මගුල් කෑවා නේද? හරි හරි කමක් නෑ.කෝ මාත්තයා ආවෙ නැද්ද?….”
“අනේ…..දරුවෝ ඒ පුතාට හදිස්සියෙම රට යන්න අවස්තාවක් හම්බුනානෙ.එයා වීණා ව මේ තත්වෙන් දාලා යන්න කැමති වුනේ නැහැ.ඉතින් අපි බලෙන්ම වගේ යැව්වේ.ලොකු රස්සාවක්නෙ.දරුවගෙ අනාගතේට වුනත් හොදයිනේ.ඒ පුතා ආපහු එනකන් වීණායි දරුවයි අපි ගාව ඉන්නේ……”
අම්මා ඒ විදියට ත0ගම්මට බොරුවක් කිව්වා.
ගේ ඇතුලට ආපු මන් මූණ හෝදගෙන ඇදේ ඇලවුනා.ගමන් මහන්සිය නිසාම මට නින්ද ගියා.ආපහු ඇහැරෙනකොට දවල් දෙකත් පහුවෙලා.
“අම්මේ….මන් ඇලට ගිහින් නාගෙන එන්නද?….”
“අනේ…..පුතේ උඹ තනියෙන් නම් යන්න එපා.ලිස්සුවොත් එහෙම.මේ කාලෙ හොදට පරිස්සම් වෙන්න ඔනි.උඹ තනියම කොහේවත් යන්න එපා.ටිකක් ඉදින්කෝ උඹට ඇලට යන්න ඕනිම නම් මන් මේ කොස් මුට්ටිය ලිපෙන් බාලා එනකන්….”
අම්මයි මායි ඇලට නාන්න ගියා.මාස අටකට පස්සේ තමයි මන් මේ ඇළට යන්නේ.වෙනදා නම් රෙදි බාල්දියත් අරගෙන අඩිපාර දිගේ එක පිම්මෙට දුවනවා.ඒත් අද හරිම වෙනස්.අම්මා මගෙ අතිනුත් අල්ලගෙන බොහොම පරිස්සමින් ඇළට ගියේ.
වෙනදා වගේ ඇලේ දියබු0 ගහලා පීනන්න දැන් බැහැනේ.මට ගලක් උඩ ඉද ගන්න කියලා අම්මා තමයි මාව නෑව්වේ.
නාගෙන ඉවර වෙලා ගෙදර එද්දී හතරට විතර ඇති.මන් ඉස්තෝප්පු කෑල්ලෙන් වාඩිවෙලා හිටියා.මට පු0චි මාත්තයව මතක් වුනා.අනේ…..පු0චි මාත්තයා මේ වෙලාවෙ නම් වලව්වේ ඇති.මට පු0චි මාත්තයව දකින්න ආසාවක් ඇති වුනා. අම්මා දැන් ඉස්සර වගේ වලව්වට යනවද දන්නේ නෑ.
“අම්මේ….මන් ටිකක් පල්ලෙහාට ගිහින් එන්නද?….”
“අනේ පුතේ උඹට තනියෙම යන්න බෑනෙ.මටත් එන්න තිබුනා.මන් මේ උඹට කන්න කිරිකොස් මාළුවක් හදනවා.දැන් හවස් වෙලානෙ මයෙ පුතේ.උඹට ඇවිදින්න ආසම නම් වැඩිය දුර නොයා ඉක්මනට වරෙන්…..කවුරු හරි උඹෙන් මොනවහරි ඇහුවොත් අර මන් කියාපු විදියටම උත්තර දීපන්…..”
කාලෙකට පස්සේ මන් ආපහු වත්ත පල්ලෙහා ඇවිදින්න ආවා.කොළ පාට තණකොල බිස්සේ මන් ඇවිද්දා. ඇවිදගෙන ගිහින් ගලක් උඩ වාඩි වුනා.
“වීණා….ඔයා……”
කව්ද මට කතා කරේ කියලා බලන්න මන් පිටිපස්ස හැරුනා.දෙයියනේ…😱😱😱 ඉසුරි අක්කා.මන් ඉනට අත තියාගෙනම නැගිට්ටා.උවමනාවෙන් බලද්දියි මට තේරුම් ගියේ ඉසුරි අක්කටත් දරුවෙක් ලැබෙන්නයි ඉන්නෙ කියලා.ඉසුරි අක්කගේ ඇස් තිබුනේ මගෙ කුස දිහා.
“ඉසුරි අක්කේ කොහොමද ඔයාට ?….”
මන් බොහොම අමාරුවෙන් ඇහුවා.
“අනේ මන් හොදින් න0ගී.ඔයාට මාස කීයද දැන්?කවද්ද දින තියෙන්නේ ?…..”
“ලබන මාසෙ විසිඅට දින තියෙන්නේ අක්කේ.තව මාසයක් විතර තියනවා. අක්කට දැන් මාස කීයද ?…”
“මට දැන් මාස පහයි න0ගී.මට නැන්දා කිව්වා ඔයා හදිස්සියෙම කසාද බැන්දා කියලා.එයා සි0හල කෙනෙක්ලුනෙ.අනේ හොදයි න0ගී.ඔයා සතුටින් ඉන්නවනේ. නැන්දා කිව්වා ඔයාගෙ මහත්තයට හදිස්සියෙම රට යන්න වුනා කියලා….”
“ඔ…ඔව් අක්කේ.එයා බැහැයි කිව්වා මාව මෙහෙම දාලා යන්න.ඒත් මන් යන්න කිව්වා.හොද පඩියක් හම්බෙනවනේ. මට අම්මලා ගාව ඉන්න පුළුවන්….”
මාත් එක්ක ටිකක් වෙලා කතා කර කර හිටපු ඉසුරි අක්කා වලව්වට ගියා.මාත් ගෙදර ආවා.මන් යද්දී අම්මා මග බලාගෙන ඉන්නවා.
“දුවේ…..ගෙට ගිහින් අත හෝදගෙන බත් කාපන්.මන් බත් බෙදලා තියෙන්නේ…”
කාලා ඉවරවෙලා නිදාගනිද්දී මන් ඉසුරි අක්කයි පු0චි මාත්තයයි ගැන මතක් කරගත්තා.පු0චි මාත්තයා ඉසුරි අක්කට ගොඩාක් අදරේ කරනවා ඇති.දරුවෙක් ලැබෙන්න ඉන්න හින්දා එයාලා ගොඩාක් සතුටින් ඇති.අනේ😢😢ඒ ආදරය සතුට මට නෑනෙ.ඉසුරි අක්කා පු0චි මාත්තයට කියයි මටත් දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ කියලා.මාස ගානකින් මන් පු0චි මාත්තයව දැක්කේ නෑ.මට දොළ දුකක් ආවා පු0චි මාත්තයව දකින්න.
🌹🌹🌹🌹🌹🤰🌹🌹🌹🌹🌹
උදෙන්ම නැගිටපු මන් දත් මැදලා මූණ හෝදගෙන අම්මා හදලා දීපු පෑන්කේක් එක්ක තේ බිව්වා.දරුවා ලැබෙන්න දින ලන්වෙන්න ලන්වෙන්න දරුවා ගැන බලාපොරොත්තු වලින් මසිත පිරී යන්නට විය.ඒ තරමටම,අවජාතක දරුවෙකු බිහි කරන්නට සිදුවීම ගැන මගේ හිත රිදුම් දෙන්නට විය.
මන් අම්මටත් කියලා වත්ත පහළ ඇවිදින්න ගියා.උදෙන්ම ඒ තණකොල බිස්සේ ඇවිදින එකත් ගතට දැනුනේ ඉතාම සනීපයක්.මන් ටිකක් දුර ඇවිදගෙන ගිහින් පල්ලෙහා තියන වතුර පාර දිහා බලන් හිටියා.එකපාරටම කාගෙදෝ මන්දා අඩි සද්දයක් ඇහුනා. මන් හිමීට ඒ පැත්තට හැරුනා.
දෙයියනේ😱😱😱මට මගේ ඇස් අදහගන්න බැරිවුනා.මගෙ ඉස්සරහ හිටගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි පු0චි මාත්තයා.තවත් විදියකින් කිව්වොත් මට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා.පු0චි මාත්තයා පුදුම වෙලා වගේ මන් දිහා බලන් හිටියා.
“වීණා…..,ඔයා දැන් වෙනස් වෙලා,මහත් වෙලා.ලස්සන වෙලා.මට ඊයෙ ඉසුරි කිව්වා ඔයාව හම්බුනා කියලා.ඉසුරිටත් දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නේ….”
ඉසුරි අක්කට දරුවෙක් ලැබෙන්න ඉන්න එක ගැන පු0චි මාත්තයා කිව්වේ හරිම සන්තෝශ බවකින්.
“ඒක නෙවෙයි වීණා ඔයාගෙ මහත්තයා හදිස්සියෙම රට ගියාලු නේද? අපරාදෙ ඔයාට දරුවා ලැබෙද්දී එයා ඔයා ළග නෑ. මන් හිතන්නේ එයා ඔයාට ඇත්තටම ආදරේ කරලා නෑ.ඇත්තටම ආදරේ කරපු කෙනෙක් නම් තමන්ගේ වයිෆ්ට දරුවෙක් ලැබෙන්න ඉද්දී රට යයිද? මම නම් ඉසුරිව පොඩ්ඩක් වත් තනි කරන්න කැමති නෑ…..”
පු0චි මාත්තයගෙ වචන ඊතල වගේ මගෙ පපුව පසාරු කරගෙන ගියා.මගෙ ඇස් වලින් කදුලු කඩා හැලුනා. මට දැන් හිතෙනවා පු0චි මාත්තයා මට කවදාවත් ඇත්තටම ආදරේ කරේ නැද්ද කියලා.මගෙ හිත හොදටෝම රිදුනා.
පු0චි මාත්තයා මාව තව තවත් අසරණ කරා.
“මන් ඉතින් කිව්වේ ඔය හැටි කල්පනා කරන්න දෙයක් නෙවෙයි වීණා.එයා ඔයාට ආදරේ නැතුව ඇති.අනික… ඉතින් ඔයා එයාව බදින්න කලින්………”
“ඇති පු0චි මාත්තයා මේ හොදටම ඇති. මට ඇත්තටම ආදරේ කරේ කව්ද බොරුවට ආදරේ කරේ කව්ද කියලා මන් දැන් හොදටම දන්නවා.🤬මන් ඉන්න තත්වෙ ගැන බලලද පු0චි මාත්තයා මට ඔහොම කතා කරන්නේ.පින් සිද්ද වෙයි මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න….”
තවත් එතන නොරැදි මන් ගෙදරට ආවා. පු0චි මාත්තයා මට කියපු දේවල් මට සෑහෙන්න බරක් වුනා.
🌹🌹🌹🌹🌹නැවත හමුවෙමු🌹
සියලුම හිමිකම් කතෘ සතුය