වීණා 4 වන කොටස

දවසින් දවස ගෙවිලා ගියත් එදායින් පස්සේ මට පු0චි මාත්තයව හම්බුනේ නෑ.මන් වැඩිපුරම හිටියෙත් ගෙදරමයි.ලොකු නෝනා මොකේකටවත් වැඩකට මාව වලව්වට ගෙන්න ගත්තෙත් නෑ.ආරන්චි වෙච්ච විදියට පු0චි මාත්තයගෙයි ඉසුරි නෝනගෙයි කසාදෙ තව මාස දෙකකින් වලව්වෙ ගන්නවා.ඒ ආරන්චිය අහපු වෙලාවෙ ඉදන්ම මන් හිටියේ හරිම වේදනාවෙන්.ජීවත් වෙන්න ඕනි හින්දා ජීවත් වුනා කිව්වොත් හරි.පු0චි මාත්තයා ඉස්සරහදී මාව අමතක කරලා ඉසුරි නෝනව කසාද බදින්න කිව්වත් මගෙ හිත මට හදාගන්න බෑ.


“ගෙදර කව්ද?….ගෙදර කව්ද…..”


එලියෙන් කවුරුහරි කතා කරන සද්දෙ ඇහුන හින්දා මන් ගියා කව්ද ආවෙ කියලා බලන්න.ඇවිත් හිටියේ ඉසුරි නෝනා.හැබැයි තනියම.
“ආ…වීණා මන් මේ නිකන් මේ පැත්තේ ඇවිදින්න ආවා.නිකමට ඔයාවත් බලලා යන්න ඕනි කියලා හිතුවා….”


“ඉසුරි නෝනා එන්න ගේ ඇතුළට….”
මන් ඉසුරි නෝනට ගේ ඇතුලට කතා කරාම එයා ඇවිත් පුටුවක ඉද ගත්තා. ඉසුරි නෝනගෙ ගෙදර අය මොනතරම් අහන්කාර වුනත් ඉසුරි නෝනා හරිම හොදයි. ටික වෙලාවකින් අම්මාත් කුස්සියෙ ඉදන් සාලෙට ආවා.

“ආ… මේ නෝනා නේද වලව්වේ පු0චි මහත්තයව කසාද බදින්න ඉන්නේ. අනේ නෝනාව දැක්කෙ හරියටම අදනෙ.නෝනා මේ කොහේහරි යන ගමන්ද?….” අම්මා ඉසුරි නෝනගෙන් එහෙම ඇහුවෙ හරිම දයාබර බවකින්.


“අනේ… ඔව් නැන්දේ…මන් මේ ටිකක් වත්තෙ ඇවිදින්න ආවා.නැන්දා සි0හල වගේ නේද?….”


“අනේ ඔව් නෝනා.අපේ මනුස්සයා දෙමළ.මන් සි0හල.අපි අතර ජාති භේදයක් නෑ නෝනා.අපි ඔක්කොම මිනිස්සුනෙ….”


“ඒකනම් ඇත්ත නැන්දේ…..මේක මොකක්ද නැන්දේ.ෆොටෝ දාපු ඇල්බම් එකක් නේද? මන් මේක බැලුවට කමක් නැද්ද?….”


ඉසුරි නෝනා සාලෙ ස්ටූල් එක උඩ තිබ්බ ෆොටෝ දාපු පොත අතට අරන් අම්මගෙන් ඇහුවා.
“අනේ බලන්න නෝනා.කමක් නැහැ.ඕකෙ තියෙන්නේ මගෙ අම්මගෙයි තාත්තගෙයි අයියලා දෙන්නගෙයි මගෙයි ෆොටෝ…”

අම්මා එහෙම කියනකොට ඉසුරි නෝනා ඒ ෆොටෝ පොත පෙරලලා බැලුවා. 😱😱ඒකෙ ෆොටෝ දිහා බලන් හිටපු ඉසුරි නෝනා එකපාරටම කලබල වෙලා ඉදගෙන හිටපු පුටුවෙනුත් නැගිට්ටා.


“නැ…නැන්දෙ…ම්…මෙ…මේ ඉන්නෙ ඔයාගෙ පව්ලෙ අ…අම්මා අයද?….”


ඉසුරි නෝනා ගොත ගගහා එහෙම අහපු විදියට මාත් පුදුම වුනා.ඉසුරි නෝනට මේ මොකද වුනේ කියලා.


“ඔව්..නෝනා මේ මගේ දෙමව්පියොයි සහෝදරයො දෙන්නයි.ඇයි නෝනා එකපාරටම කලබල වුනේ….”
එකපාරටම මොකුත් හිතාගන්න බැරුව අම්මා ඉසුරි නෝනගෙන් එහෙම ඇහුවා.
“නැන්දෙ…මේ….මේ ෆොටෝ වල ඉන්නේ මගෙ තාත්තයි,බාප්පයි,ආච්චියි,සීයයි. එතකොට ඔයා මගෙ චාන්දනී නැන්දා නේද?…..අනේ නැන්දේ….😥😥🙏🙏….”

එහෙම කියපු ඉසුරි නෝනා එකපාරටම මගෙ අම්මව වැළදගෙන අම්මට දණ ගහලා වැන්දා. මට මේ මොකුත්ම හිතා ගන්න බැරිවුනා.දෙයියනේ..😱එතකොට ඉසුරි නෝනා මගෙ අම්මගෙ ලොකු අයියගෙ දුවද?


“අනේ… නෝනා ඔයා එතකොට මගෙ අයියගෙ දුවද?මන් වීණා ගෙ තාත්තත් එක්ක එද්දී ඔයාට අවුරුදු දෙකක් විතර ඇති මගෙ හිතේ….අනේ 😥😥මේක පුදුම හමුවීමක්නෙ….”😥


අම්මත් කදුලු සල සලාම ඉසුරි නෝනව බදා ගත්තා.ඊට පස්සෙ ඉසුරි නෝනා මාවත් බදා ගත්තා.


“වීණා… ඔයා මගෙ නැන්දගෙ දුව.ඒ කියන්නෙ මගෙ න0ගී.ඔයාලා මට නෝනා කියන්න එපා.නැන්දේ ඔයා මට දුව කියන්න.වීණා…ඔයා මට අක්කා කියන්න….”😃😃😃
“දුවේ…ඔයාගෙ ආච්චියි සීයයි එහෙම තාමත් මාත් එක්ක තරහද?….”

“අනේ…නැන්දේ සීයා නම් නැතිවෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා.ඒත් සීයා ජීවත් වෙලා හිටපු අන්තිම කාලෙ නැන්දව දකින්න ආසාවෙන් හිටියේ. එයා අන්තිමට නැන්දයි මාමයි ගැන තිබ්බ තරහා නැති කරගත්තා.ඒත් ආච්චි අම්මා සීයගෙ කැමැත්ත ඉශ්ට කරේ නෑ.ආච්චි අම්මගේ හිතේ අදටත් තියෙන්නේ නැන්දයි මාමයි එක්ක පුදුම වයිරයක්. එයාට දෙමළ මිනිස්සුන්ව පේන්න බෑ. වලව් මාන්නෙයි දේපළයි තත්වෙයි හින්දා එයාගෙ ඔලුව ඉදිමිලා…..”


ඉසුරි නෝනා ඒ ටික කිව්වේ හිතේ මහ ලොකු දුකක් හන්ගගෙන.


“එතකොට පුතේ පුතාගෙ තාත්තයි බාප්පයි මොකද කියන්නේ මන් ගැන….”


තමන්ගේ සහෝදරයෝ දෙන්නා ගැන ඇති වුනේ අම්මගේ හිතේ ඇතිවුනේ ලොකු කැක්කුමක්.
“අපේ තාත්තගෙ හිතේ නම් නැන්දා ගැන එහෙම කියන්න තරම් ලොකු තරහවක් නැහැ.ඒත් ආච්ච්ගෙ වගේම බාප්පගෙ හිතෙත් නැන්දයි මාමයි ගැන තියෙන්නේ ලොකු වයිරයක්….”


“අනේ දරුවෝ, එයාලගෙ හිත් වල කොච්චර වයිරයක් තිබ්බත් මන් ගැන මගෙ හිතේ වයිරයක් නැහැ පුතේ.තාමත් මන් එයාලට ආදරෙයි….”


අන්තිමට ටික අම්මා කිව්වේ ඇස්වල කදුලු පුරවගෙන.මට අම්මා ගැන දුක හිතුනා.


“නැන්දේ සමහර විට ශාලකගේ අම්මා අපේ කසාදෙ වැඩවලට උදව් කරන්න නැන්දටයි වීණා න0ගිටයි වලව්වට එන්න කියයි.ඔයාලා අපේ ආච්චිටයි තාත්තටයි… එහෙම පේන්නෙ නැතුව ඉන්න….”


“අනේ… දරුවෝ මට හාන්කවිසියක්වත් මතක් වුනේ නෑ ඒ ගැන අහන්න.දැන් කව්ද්ද ඔයදෙන්නගෙ කසාදෙ තියෙන්නේ…”


“ලබන මාසෙ නෙවෙයි ඊලග මාසෙ හතර වෙනිදා.වලව්වෙමයි කසාදෙ ගන්නේ. නැන්දයි,මාමයි,වීණායි එන්න ඕනි එදාට….”


අනේ දෙයියනේ ඒ කියන්නේ තව මාස එකහමාරකින් පු0චි මාත්තයා කසාද බදිනවා.වෙනදා වගේම මගෙ හිතට දැනුනේ දරාගන්න අමාරු දුකක්.😭😭😭 පු0චි මාත්තයව අමතක කරනවා කියලා මොනතරම් උත්සහ කරත් මට ඒක කරගන්න බැරිවුනා.😥😥

“නැන්දේ එහෙනම් මන් යන්නම්.මට පරක්කුත් වුනා.ගොඩාක් වැඩත් තියනවා කරගන්න.වීණා න0ගී මන් යනවා….”

“දරුවෝ,ඔයා කාටවත්ම කියන්න එපා මන් ඔයාගෙ නැන්දා විත්තිය.මගෙ අම්මගෙ හිතේ මන් ගැන තියෙන්නේ තාම තරහක්නේ.ඔයා මේ ගැන වලව්වේ කාටවක්වත් ,ඔයාගෙ පව්ලෙ කාටවක්වත් කියන්න එපා….”

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

දවසින් දවස ගෙවිලා ගිහින් හිටි හැටියේම මාව අසනීප වෙන්න ගත්තා. කන කන හැම දේම වමනෙ යන්න ගත්තා🤮🤢🤮.උදේ පාන්දරට නැගිටිද්දී දැනුනේ පුදුම අපහසුතාවයක්.ඒත් මන් ඒ ගැන ගනන් ගත්තේ නෑ.හැබැයි අම්මා නම් බයත් වෙලා හිටියේ.

“මොකද වීණා උඹට වෙලා තියෙන්නේ? මූණත් එක්ක ඇදිලා ගිහින්.වමනෙ යන්නෙ උඹ මොනව හරි අප්පිරියාවෙන් කෑවද?අර එහා පැත්තෙ ගෙදර සුමනපාලගෙ පොඩි එකීටත් ඔය වමනෙයි බඩ යන ලෙඩකුයි තිබිලා බෙහෙත් ගෙනාවලු ඉස්පිරිතාලෙන්. හෙට උදෙන්ම ලෑස්ති වෙයන් උඹත් ඉස්පිරිතාලෙ ගිහින් බෙහෙත් ගන්න. මොන ජාතියෙ ලෙඩද මිනිස්සුන්ට දැන් හැදෙන්නේ…”


පව් අම්මා මන් ගැන ගොඩාක් බයවෙලා.අම්මලා එහෙම තමා දරුවන් ගැන ගොඩක් හිතනවා. ඇගට දැනිච්ච අපහසුතාවය හින්දම මන් ඇළට නොගිහින් ළිදෙන්ම නාගත්තා.නාගෙන ඉවර වෙලා නිදා ගත්තා.

☀️🌥️🌤️
පහුවදා උදේම නැගිටලා මායි අම්මයි ඉස්පිරිතාලෙ ගියා බෙහෙත් ගන්න. ගොඩාක් උදෙන්ම ගියේ පරක්කු වුනොත් පෝළිමේ සෑහෙන වෙලා ඉන්න ඕනි හින්දා. අපි යනකොට වැඩිය සෙනග හිටියේ නෑ.විනාඩි දහයක් විතර තමයි පෝළිමේ ඉන්න වුනේ.
මගේ වාරය ආවම මාව අම්මා ඩොක්ටර් ගාවට එක්කන් යන්න හැදුවා.


“මේ….ලෙඩේ තියන කෙනා විතරක් ඩොක්ටර් ගාවට යන්න.අනික් අය එළියෙන් ඉන්න.එළියෙ සෙනග අඩු වුනාට ඇතුලේ ගොඩක් ඉන්නවා….”

නර්ස් කෙනෙක් එහෙම කිව්වට පස්සෙ අම්මා මාව විතරක් ඇතුළට යවලා එයා එළියෙ බ0කුවක් උඩින් ඉද ගත්තා.


ඇතුළට ගියාට පස්සෙ ඩොක්ටර් මට පුටුවෙන් වාඩිවෙන්න කිව්වා.මට තියන ලෙඩයි,අසනීප තත්වයන් ගැන අහපු ඩොක්ටර් මාව පරීක්ෂා කරා.මොකද්දෝ මන්දා ටෙස්ට් එකක් කරන්න ඕනි කියපු ඩොක්ටර් ඒ ටෙස්ට් එක කරාට පස්සෙ රිපෝට් එක එනකන් ටිකක් ඉන්න කිව්වා.
ටික වෙලාවකින් ඩොක්ටර් මට කරා.


“ආ…ඔයාගෙ රිපෝට් එක ආවා…මන් ඒක බැලුවා.මේ රිපෝට් එකේ හැටියට ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ.මේ කාලෙදි ගොඩාක් හොදට පරිස්සම් වෙන්න ඕනි. අම්මයි දරුවයි දෙන්නම.ගුණදායක කෑම ජාති කන්න බොන්න ඕනි.තව…. මාසෙකට සැරයක් මෙහෙ සායන වලට සහභාගී වෙන්නත් ඕනි.සැරින් සැරේට වොමිට් වෙන එකට මන් බෙහෙත් ටිකක් ලියලා දෙන්නම් ඒක එළියෙ ෆාමසියෙන් ගන්න….”


ඩොක්ටර් කියපු දේවල් අහලා මට දෙයියො සිහිවුනා.😱 මගෙ දෙකන් පසාරු කරගෙන යනවා වගෙයි මට දැනුනේ.👂⚡අනේ….පු0චි මාත්තයා ඔයා මොනවද මේ මට කරේ….😭😭😭


බෙහෙත් තුන්ඩුවත් අරන් මන් එළියට ආවේ පණගිය මළකදක් වගේ. මාව දැකපු අම්මා මන් ලගට දුවගෙන ආවා. අනේ…😭😭මට දැනුනේ උහුලගන්න බැරි දුකක්.අම්මා මේ ගැන දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි.

“වීණා, දුවේ උඹට කලන්තෙයි වගේද ආපහු?මන් උඹට කිව්වා එද්දී කාලා වරෙන් කියලා.ඒ කියලත් උඹ කෑවෙ නැහැනෙ.දොස්තර මහත්තයා මොකද කිව්වේ….”


අම්මා එහෙම ඇහුවට පස්සේ මන් බොහොම අමාරුවෙන් වචන පිටකරගත්තේ.


“අ…අම්මේ…මේ…මේ බෙහෙත් ටික ගන්න කිව්වා ෆා…ෆාමසියෙන්….”


“උඹ මෙහෙන් ඉදන් හිටපන්කො දුවේ. මන් ගිහින් ෆාමසියෙන් බෙහෙත් ටික අරගෙන එන්නම්.මන් මේ උඹට බොන්න ක්‍රීම්සෝඩා බෝතලයක් ගත්තා.මේක බීපන්….”
ඒ බීම බෝතලේ බිව්වම තමයි මගෙ ඇගට යන්තමින් පණක් ලැබුනේ. ටික වෙලාවකින් අම්මා බෙහෙත් ටික අරන් ආවා.

ගෙදර ආවට පස්සේ මන් කලේ කල්පනා කරපු එක.🤔🤔අනේ දෙයියනේ මන් කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නේ?මට හිතුනා ජීවිතේ නැති කරගන්න.ඒත් එහෙම වුනොත් මගෙ දෙමව්පියන්ට මොනවා වෙයිද? මන් දෑතින්ම කුස පිරිමදින්නට වුනා.අනේ…. මේ දරුවගෙ අනාගතේට මොනවා වෙයිද දැන්.😭😭😭

“වීණා, දුවේ මන් වලව්වට යනවා.උඹ බය නැතුව හිටපන්.මන් කෑම බෙදලා තියෙන්නේ.කාලා බෙහෙත් ටික බොන්න….”


අම්මා මේ දවස් ටිකේම පු0චි මාත්තයගෙ කසාදෙ වැඩවලට උදව් වෙන්න යනවා වලව්වට.දවල්ට අම්මට ගෙදර ඉන්න වෙලාවක් ලැබෙන්නෙම නෑ. ඒ හින්දමද මන්දා අම්මට මගෙ අපහසුකම් තේරුම් ගන්න වෙලාවක් තිබුනේ නෑ.මේ නුවරඑළිය පරිසරය සීතල වුනත් මගෙ මුළු ඇග පුරාම දාඩිය දාලා තිබ්බා.අනේ…😭😭😭මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වා.මොන ප්‍රශ්නෙ ආවත් එයා මාව කසාද බදියි.ඉස්සරහට මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරිවුනා.මන් ඔහේ ඇදේ වැතිරිලා වහලෙ දිහා බලන් කල්පනා කරන්නට වුනා.


“වීණා….වීණා න0ගී….”


ඉසුරි අක්කා කතා කරන සද්දෙ මට ඇහුනා.මන් ඉක්මනට ගිහින් දොර ඇරියා.
ඉසුරි අක්කගෙ අතේ මොකක්ද පාර්සලේකුත් තිබ්බා.


“වීණා…..නැන්දා කිව්වා ඔයාට සනීප නැහැ කියලා.මන් මේ ඉක්මනට දුවගෙන ආවෙ මොකද වුනේ කියලා බලන්න…”
“අනේ…නෑ ඉසුරි අක්කේ ලොකු අසනීපයක් නෙවෙයි.මේ කෑමක් ඇලජික් වෙලා වමනෙ ගියා ඒකයි…”
මන් ඇත්ත හන්ගගෙන ඒ විදියට බොරුවක් කිව්වා.


“වීණා, ශාලකගෙයි මගෙයි කසාදෙට තව දවස් තුනයිනෙ තියෙන්නේ.මන් මේ ඔයාට ලස්සන ගව්මක් ගෙනාවා.එදාට ඔයා මේක අදින්න.ඔයා සුදු හින්දා මේ ගව්ම ඔයාට ලස්සනට තියෙයි….”

“අනේ ඔයාට තැන්කිව් ඉසුරි අක්කේ….”


“තැන්කිව් මොකටද?ඔයා මගෙ නන්ගිනෙ.😀😙😙😘මේ….ඒක නෙවෙයි ඔයාට නැද්ද තාම කොල්ලෙක්….”

ඉසුරි අක්ක එහෙම අහනකොට මට පු0චි මාත්තයව මතක් වුනා.අනේ මන් කොයිතරම් හීන මැව්වද පු0චි මාත්තයගෙ මනමාලි වෙන්න.ඒත් අද ඒ සේරම හීන බොද වෙලා ගිහින්.ටිකක් වෙලා කතා කර කර හිටපු ඉසුරි අක්කා ගියා.


ඉසුරි අක්කා හරිම හොදයි.මට ලැබෙන්න ඉන්න දරුවා ගැන ඇත්ත ඉසුරි අක්කට කිව්වොත් එයා සමහර විට මේ කසාදෙ නවත්තලා මගෙ දරුවට සාදාරණයක් කරයි.ඒත් ඊට පස්සෙ මොනව වෙයිද?


ලොකු මාත්තයා මොන තරම් නපුරු කෙනෙක්ද කියලා මේ මුළු වත්තම දන්නවා.මේ ගැන ඇත්ත ලොකු මාත්තයා දැන ගත්තොත් අපිව මරලා දායි.මගෙ දරුවට සාදාරණයක් ඉශ්ට වෙනකොට මගෙ දෙමව්පියෝ මැරෙයි.😭😭😭

මේක මගෙ දයිවය කියලා හිත හදා ගත්තත් මන් කොහොමද මේ දරුවත් එක්ක තනියම ජීවත් වෙන්නෙ.අප්පා මේක දැනගත්තොත් මොනවා වෙයිද?
හැමදාම මේ රහස හන්ගගෙන ඉන්න බෑ. කව්දා හරි එලිවෙයි.එදාට මට වෙන්නෙ පාරට බහින්න.


මන් කොට්ටෙ බදාගෙන හොදටම ඇඩුවා 😭😭😭.
හවස් වෙලා අම්මා ගෙදර ආවා.අම්මගෙ අතේ කෑම පාර්සලේකුත් තිබ්බා.අම්මා ඒක මට දුන්නා.


“වීණා ,ඕක ලොකු නෝනා උඹට දුන්නේ. අද කෑමට බටුමෝජුත් හැදුවා.කහබත් තියෙන්නේ.අත හෝදගෙන කාපන්….”
බටුමෝජු තියනවා කිව්වම මට හරිම ආස හිතුනා.මන් හරිම ආසාවෙන් ඒ බත් එක කෑවෙ.😋😋

🌹🌹🌹🌹😭🌹🌹🌹🌹🌹😭🌹🌹🌹
අද පු0චි මාත්තයගෙ කසාදෙ.ඉසුරි අක්කා හරිම සතුටින් ඇති.ලොකු නෝනා, ලොකු මාත්තයා,ඉසුරි අක්කගෙ පව්ලෙ අය එහෙම ගොඩාක් සන්තෝශෙන් ඇති. අනේ ඒ සතුට මට නෑනෙ😭😭ඒ වෙනුවට මට උරුම වුනේ දරා ගන්න බැරි දුකකුයි,වේදනාවකුයි.කමක් නෑ පු0චි මාත්තයා ඔයා ඉසුරි අක්කව කසාද බැදලා සතුටෙන් ජීවත් වෙන්න.මන් මුලු ජීවිත කාලෙටම දුක් විදින්නම්.


ඒ ගැන හිත හිතාම මන් ඉසුරි අක්කා දීපු රෝස පාට දිග ගව්ම ඇන්දා. කොන්ඩෙ කඩලා දාලා පුන්චි මාත්තයා දීපු මාලෙ දා ගත්තා.කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවා.ඒ ගව්මට මාව හරිම ලස්සනට පෙනුනා.

“වීණා..,දුවේ ලෑස්තිද?ඉක්මන් කරන්න….”

එහෙම කියාගෙනම අම්මත් කාමරේට ආවා.මාව දැකපු අම්මගෙ මූණෙ ඇදුනේ හරිම ලස්සන සන්තෝශ සිනාවක්.


“අනේ….මගෙ කෙල්ලෙ උඹ අද සුරන්ගනාවියක් වගේ ලස්සනයි. අනේ දෙමළ කෙල්ලෙක් වුනත් උඹ අදනම් සි0හල කෙල්ලෙක් වගේ….”


අම්මා මාව බදා ගත්තා.අනේ මන් අම්මට දෙන ගින්දරක්.🔥🔥මගෙ ඇස්වලට කදුලු පිරුනා.ඒ බව අම්මට නොපෙන්නා අපි දෙන්නා වලව්වට ගියා.
වලව්වට යන පාර දෙපැත්තේ පාට පාට ලස්සන බැලුන් බෝල එල්ලලා.ජාතික කොඩි හැම තැනකම ලෙල දෙනවා🇱🇰🇱🇰🇱🇰🇱🇰. රෑට පත්තු වෙන ලස්සන පාට පාට බල්බ් වැල් හැම තැනකම එල්ලලා තිබුනා.මුලු වලව්වම ම0ගල සිරියෙන් වෙලාගෙන තිබ්බේ.


සිතුවිල්ලේම අම්මයි මායි වලව්වේ කුස්සිය පැත්තෙන් ගොඩ වුනා.වත්තේ ගෑනු අය ගජරාමෙට කුස්සියෙ වැඩ. අම්මත් ගිහින් ඒ වැඩකරා.මාත් උදව් වෙන්න ගියා.
“ආනේ……මේ වීණා කෙල්ල නේද?😱😱😱දෙයියනේ අදුර ගන්නත් බෑ.අපි කවදාවත් දැකලා නෑනේ වීණා මේ විදියට ඇදලා ඉන්නවා.ඇස්වහක් කටවහක් නෑ අද වීණා හරිම ලස්සනයි. හරියට සි0හල කෙල්ලෙක් වගේමයි….”

ඒ විදියට මාව වර්නනා කරේ ආරියවතී නැන්දා.ඇදුමෙන් කොයි තරම් ලස්සන වුනත් මගෙ ජීවිතේ අදුරෙ ගිලිලා ඉවරයි. එතකොටම ලොකු නෝනා ලස්සන ඔසරියක් ඇදගෙන කොන්ඩෙත් ගෙඩියක් වෙන්න බැදගෙන කුස්සියට ආවා.ආරියවතී නැන්දා වගේම ලොකු නෝනත් මාව දැකලා පුදුම වෙලා😱😱 මගෙ ලස්සන ගැන කතා කරා.

“වීණා, ඔයා අද කුස්සියෙ වැඩවලට උදව් වෙන්න එපා.ඔය ඇදුමෙ දැලිකුණු ගෑවෙයි.එලියෙන් ඉන්න තව කට්ටිය ඉන්නවනෙ….”


ලොකු නෝනා එහෙම කියපු හින්දා මන් එලියට ගියා. කොහොමත් මට ලොකු වැඩක් කරගන්න අමාරුයි.මන් එළියට ඇවිල්ලා පුටුවක වාඩිවුනා.වලව්වේ හිටියේ පුදුම සෙනගක්.ඉසුරි ආක්කගෙ පැත්තේ නෑදෑයොයි ,ලොකු නෝනගෙයි ලොකු මාත්තයගෙයි පැත්තෙ නෑයොන්ගෙන් වලව්වම පිරිලා ඉතිරිලා තිබ්බා. ටික වෙලාවකින් මන් ගාවට කව්දෝ පිරිමි කෙනෙක් ආවා.දැක්ක ගමන් මන් අදුර ගත්තා ඒ ඉසුරි අක්කගෙ තාත්තා කියලා. ඒ වගේම මගෙ ලොකු මාමා.

“දුව ඔයා ශාලකගේ යාළුවෙක්ද?


“ඔ…ඔව් අන්කල්.ඇයි?
“ආ…නෑ මොකුත් නෑ දුව….නිකන් ඇහුවේ..”


ලොකු මාමා එහෙම කිව්වත් මට සැක හිතුනා එයා මන් කව්ද කියලා දැනගෙනවත්ද කියලා.මන් ආපහු ඇහුවා ඇයි කියලා.


“දුවට පුලුවන්ද අපේ දුවට ලෑස්ති වෙන්න ටිකක් උදව් කරන්න.එයා කාමරේ ඉන්නවා…”


“හා.මට පුලුවන් අන්කල්….”

මන් ඉසුරි අක්කා ඉන්න කාමරේට ගියා. ලස්සනම ලස්සන උඩරට මනාලියක් විදියට මාල හත දාලා සුදු ඔසරියක් ඉසුරි අක්කා ඇදලා හිටියේ.අනේ හරිම ලස්සනයි.😍👰👰💕💕💖

“ආනේ…..😱😱😱වීණා න0ගි ඔයා අද මාර ලස්සනයි අනේ….😘😘😘…”


ඉසුරි අක්කා දැකපු ගමන්ම මගෙ ලස්සන ගැන කිව්වා.

වේලාව ඉක්මනින්ම ගෙවිලා ගියා. පෝරුවේ චාරිත්‍ර කරන වෙලාවේ තමයි මන් පු0චි මාත්තයව දැක්කේ.අනේ නිළමේ ඇදුම් ඇදලා පු0චි මාත්තයා හරිම ලස්සනයි.එයාගෙ අතින් අල්ලන් ඉසුරි අක්කා හිටියේ.හැමෝම කිව්වා හරිම ලස්සන ජෝඩුවක් කියලා.💑💑😘💕


අනේ මන් කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද හිටියේ මේ විදියට ලස්සන මනමාලියක් වෙලා පු0චි මාත්තයත් එක්ක පෝරුවට නගින්න.😭😭මගෙ ඒ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගියා.😭😭😥.ඉසුරි අක්කා හිටියේ ගොඩාක් සතුටින්.පු0චි මාත්තයත් හිටියේ ගොඩාක් සතුටින්.මට වෙලාවකට හිතෙනවා මාව අහිමි වුනා කියලා පු0චි මාත්තයට කිසිම දුකක් නෑ නේද කියලා.මගේ සතුට,සැපත, සැනසීම උදුරගෙන අද පු0චි මාත්තයා සතුටින් ඉන්නවා.ඒත් මන් තුන් හිතකින්වත් ප්‍රාර්ථනා කරේ නෑ පුන්චි මාත්තයට නරකක් වෙන්න කියලා.එයාගෙ සතුටයි මන් පැතුවේ.

හැමෝම පු0චි මාත්තයටයි ඉසුරි අක්කටයි සුභ පැතුවා.හදවතම දුකින් පුරෝගෙන මාත් බොහොම අමාරුවෙන් වචන ගැටගහගෙන ඒ දෙන්නට සුභ පැතුවා.ඒ වෙලාවේ පු0චි මාත්තයගෙ ඇස් තිබ්බේ මන් ගාව.ඒත් ඒ ඇස්වල දුකක් ගෑවිලාවත් තිබ්බේ නෑ.


මන් ලග තිබ්බ පුටුවක ඉද ගත්තා. මාව දැකපු පු0චි මාත්තයගෙ යාළුවෙක් පු0චි මාත්තයට මොනවද කිව්වා.මට ඒක ඇහුනා.


“අඩෝ….ශාලක කව්ද බන් අර රෝස පාට ගව්ම ඇදන් ඉන්න කෙල්ල.අම්මෝ බන්… මෙහෙ ඉන්නවද මෙච්චර ලස්සන කෙල්ලො….”


“යකෝ….ඔය කෙල්ල අපේ වත්තෙ ඉන්න ටැමිල් කෙල්ලෙක්.උඹට ඕන්නම් කියපන් මන් සෙට් කරලා දෙන්නම්…..”


පු0චි මාත්තයා කියපුවා අහලා මට යකා නැග්ගා.මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරලා දැන් හදන්නේ තව කොල්ලෙකුට මාව ජෝඩු කරන්නද?

මගුල් ගෙදර හිටපු ගොඩාක් අය හවස ගියා.අම්මා කිව්වා අපි රෑ වෙලාම යමු කියලා.මන් හිටියේ හරිම අපහසුවෙන්. සෙනග අඩු හින්දා මන් ටිකක් අම්මා ඉන්න පැත්තට ගියා. අම්මා මට 🍦 වගයක් දුන්නා.මාත් ඒක ආසාවෙන් කෑවා.🍦 කාලා කප් එක හෝදන්න යද්දී සින්ක් එක ලගදී පු0චි මාත්තයව හම්බුනා.

“වීණා,අද ඔයා ගොඩාක් ලස්සනයි. හැමෝම කියනවා ඒ ගැන….”


“ඔව් මට ඇහුනා පු0චි මාත්තයා ඔයා ඔයාගෙ යාළුවට කියපු දේවල්. මාව විනාශ කරලා පු0චි මාත්තයා දැන් හදන්නේ ඒ මිනිහට මාව විකුනන්නද?😠😡….”


“අනේ….වීණා ඔයාගෙ හිත රිදුනනම් මට සමාවෙන්න…ඔයාට හොද කෙනෙක් ලැබෙයි.මටත් වඩා හොද කෙනෙක්…”

“පු0චි මාත්තයා ඔය දේවල් හිතන්න තිබ්බේ මගේ ජීවිතේ විනාශ කරන්න කලින්.තවත් මිනිහෙක් ගාවට දැන් යන්න පුලුවන්ද මට😭😭…පු0චි මාත්තයා ඉසුරි නෝනත් එක්ක සතුටින් ඉන්න. පු0චි මාත්තයට දීපු ආදරෙත් එක්ක පු0චි මාත්තයගෙන් ලැබුනු තෑග්ගත් එක්ක මන් සදාකාලිකව තනියම ඉන්නම්…..”

තවත් එතන නොරැදී මන් කුස්සිය පැත්තට ගියා.

♥️♥️♥️ඊළඟ කොටසින්හ හමුවෙමු♥️♥️♥️


හිතෙන දේ කමෙන්ට් කරන්න🌹