ලෝකයේ එක එක රටවල නාගරික තරුණ තරුණියන්ගෙන් සියයට අසූ එකක්ම තමන්ගේ සිරුරේ කොහේ හරි තැනක ටැටූ එකක් කරගෙන ඉන්නවා කියලා ‘ඬේලි මේල්’ වෙඞ් අඩෙවිය කියනවා. ඒ අපේම අපේ රටේ තරුණ තරුණියො ආවට ගියාට ටැටූ ගැහුවට අපේ සිරුරේ ටැටූ එකක් කරන්න හොඳ තැන් වගේම නරක තැන් කීපයකුත් තියෙනවා කියලා ඔවුන් කියනවා.
සාමාන්‍යයෙන් අපේ රටේ තරුණ තරුණියන් ටැටූ එකක් කරන්න කලින් හිතන්නෙ මොන වගේ ඩිසයින් එකක් කළොත් හොඳයි ද කියලා විතරයි. ඒත් ලෝකයේ ගොඩක් රටවල ටැටූ එකක් කරන්න කලින් වෛද්‍ය පරීක්ෂණයක් පවා තියෙනවා. ඒ වගේම ටැටූ ගැනත් ටැටූ කරන්න හොඳ තැන් සහ නරක තැන් ගැනත් හඳුන්වා දීමක් කරනවා. අපේ රටේ ටැටූ කරන අය ඒ වගේ හැඳින්වීමක් නොකරන නිසා ටැටූ එකක් කරන්න හොඳ නැති තැන් ගැන අවබෝධයක් ලබා ගන්න එක බොහොම වටිනවා.
ටැටූ කරන්න හොඳම නැති තැන්වලින් මුලින්ම තිබෙන්නේ මුහුණ. මුහුණේ කම්මුල්, නළල, නිකට, ඇස් අවට ප්‍රදේශවල ටැටූ එකක් කරන්න හොඳම නැහැ. ඒකට හේතුව තමයි මුහුණේ සම ගොඩක් සිනිඳුයි. ඒ නිසා ටැටූ එක කරන වෙලාවට ඒ ඉඳිකටුවලින් විෂබීජ මුහුණේ අභ්‍යන්තරයට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ වගේම නාසය, කන්, මුඛය වගේ ශරීර අභ්‍යන්තරයට ඍජුවම සම්බන්ධ වෙන ස්ථාන තුනක්ම තියෙන්නෙ මුහුණේ. මේ නිසාත් මුහුණේ ටැටූ කරන එක අවදානම් සහිත වෙන්න පුළුවන්.
දෙවෙනි ස්ථානය තමයි හිස් කබල. ඒ කියන්නේ තට්ටෙ. තට්ටෙ යටින් කෙලින්ම තියෙන්නෙ මොලය. මොළයට විෂබීජ ඇතුළු වෙනවා කියලා කියන්නේ ආයෙත් කතා කරන්න ඕනෙ නැති දෙයක්. ඒ නිසා මොලේ පරිස්සම් කර ගන්න ඕනෙ නම් තට්ටෙ ටැටූ කරන්නෙ නැතිව ඉන්න. ඒ වගේම ටැටූ මකන්න පාවිච්චි කරන කිරණ වර්ගවලට හිස නිරාවරණය වීමත් අවදානම් සහිතයි.
කන් පෙති උඩ ටැටූ කරන එක ගැනත් කියන්නම ඕනෙ. කන් පෙති කියලා කියන්නේ කාටිලේජ විතරක් තියෙන ස්ථානයක්. ඒ වගේම කන් පෙතිවල ටැටූ කරන එකෙන් කන් ඇතුළට විෂබීජ ඇතුළු වෙන්න පුළුවන්. ඒ වුණත් වැඩිම අවදානය තියෙන්නේ ටැටූ රිමූව් කරන්න ගියොත් තමයි. කන් පෙති කියන්නෙත් හිස, මොලයට නිරාවරණය වෙන තැනක්.
පෙකනිය වටේට ටැටූ එකක් කර ගත්තා නම් ලස්සනයි. ඒත් අවදානම් සහිතයි. සාමාන්‍යයෙන් පෙකනිය කියන්නේ ගොඩක් සංවේදී තැනක්. පෙකනිය වටේට ටැටූ කළොත් පෙකනිය ඇතුලෙන් රුධිරය වහනය වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ සංවේදිතාව වැඩි නිසාම තමයි. ඒ වගේම ටැටූ කරද්දි බාහිරට එන්නෙ නැති රුධිරය කැටි ගැසිලා පෙකනිය ඇතුළෙන් දුගඳ වහනය වෙන්නත් පුළුවන්.
දෙතොල් ඇතුළත ටැටූ කරන එක කැනඩාවේ බොහොම ප්‍රසිද්ධයි. දෙතොල්වල ටැටූ කරන එක හොඳ නැහැ කියලා කියන්නේ දෙතොල අධික සංවේදී ඉන්දි්‍රියයක් නිසයි. ටැටූ එක කරන් අතරෙ රුධිරය පිටතට ආවෙ නැති වුණොත් තොල් ඇතුළතින් පැසවන්නට වුණත් ඉඩ තිබෙනවා කියලා තමයි කියන්නෙ.
ඊට අමතරව පිරිමි ළමයින් වෘෂණ කෝෂවල ශිෂ්ණයේ ටැටූ කරන අවස්ථා තිබෙනවා. ඒකත් අවදානම් සහිතයි. ඒකට හේතුව තමයි ටැටූ එක කරද්දි ඇතිවන අධික වේදනාව ඒ ඉන්දි්‍රියයන්ට දරා ගන්න අපහසු වුණොත් වාෂණ කෝෂ තුළ ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය දුර්වල වියහැකි වීම.
ඒ වගේම ගැහැණු ළමයින් පියයුරු උඩ ටැටූ කරන එක අවදානම් සහිතයි. ඒකට හේතුව විදියට හඳුන්වලා තියෙන්නේ දරු ප්‍රසූතියකින් පස්සෙ දරුවාට කිරි දෙන්න පටන් ගත්තාම ක්ෂිර ග්‍රන්ථිවලට හානි වෙලා තිබුණොත් ක්ෂිරය නිෂ්පාදනය වීම හරියට සිද්ධ වෙන්නේ නැති වෙන්න ඉඩ තිබෙන නිසයි.
ඒ වගේම කාන්තාවන්ගේ යෝනි මාර්ගය බාහිරට විවර වන ස්ථානයේ යෝනි තොල් ආශ්‍රිත ප්‍රදේශයේ ටැටූ කිරීම හෝ කරාබු වැනි පළඳනා දැමීම ඉතාම අවදානම් සහිතයි. ඒකට හේතුවත් විෂබීජ සිරුර තුළට යාමේ අවදානම කියලා තමයි ඬේලි මේල් වෙබ් අඩෙවිය කියන්නෙ. ඉතිං මේ වගේ ස්ථාන හැරුණාම ඇඟේ තියෙන වෙන ඕනෙම තැනක ටැටූ එකක් කරගත්තාට කිසිම ප්‍රශ්නයක් නැහැ.
ප්‍රභාති රත්නසූරිය