වෙනදා වගේ නෙවෙයි අද ලොකු නෝනගේ මුහුණ හරිම අමුතුයි.මන් වටපිට බැලුවත් පු0චි මාත්තයා පේන්න හිටියේ නෑ.මන් ලොකු නෝනගෙන් ඇහුවා ඇයි මට එන්න කිව්වේ කියලා.

“වීණා පොඩ්ඩක් එන්නකෝ…මට වීණාත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා…”


එහෙම කියපු ලොකු නෝනා මාව එයාලගෙ කාමරේට එක්කන් ගියා.මට හිතාගන්න බැරි වුනා ලොකු නෝනා මට මොනවද කියන්න හදන්නේ කියලා.
කාමරේ ඇද උඩින් මට ඉදගන්න කියපු ලොකු නෝනත් ඇදේ පැත්තකින් ඉදගත්තා.


“වීණා ,මේ අහන්න දරුවෝ ඔයයි මගෙ පුතයි අතර තියන සම්බන්දෙ මොකක්ද?…”


අනේ දෙයියනේ ලොකු නෝනා කොහොමද දන්නේ මන් පු0චි මාත්තයට ආදරේ කරනවා කියලා.මගෙ පපුව ඩග් ඩග් ගෑවා.තාමත් ලොකු නෝනා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මූණ දිහා බලන් ඉන්නවා.මගෙ ඇස්දෙකෙන් කදුලූ කැට කඩන් වැටුනා.😥😥😥මන් බොහොම අපහසුවෙන් කතා කරා.

“අනේ ලොකු නෝනා මට සමාවෙන්න. අනේ ලොකු මාත්තයට මේවා ආරන්චි වුනොත් අපිව වත්තෙනුත් එලවයි. මට සමාවෙන්න ලොකු නෝනා😥😫🙏🙏…”

මන් අත්දෙක එකතු කරලා වැදගෙනම ලොකු නෝනට කිව්වා.


“වීණා මේවා ලොකු මහත්තයා දැගන්නේ මන් කිව්වොත්නේ.අඩන්න එපා 😫😥 මන් දන්නවා වීණාට මගෙ ශාලක පුතාව අමතක කරන්න බැරි විත්තිය.පුතා තමයි මට ඊයෙ සේරම විස්තරේ කිව්වේ.මගෙ පුතාත් වීණාට හුගාක් ආදරෙයි.ඒත් දරුවෝ මේවා කවදාවත් වෙන දේවල් නෙවෙයි.ලොකු මහත්තයට ආරන්චි වුනොත් මෙතන යකා නටයි.එයා කවදාවත් මේවගේ දේකට කැමති වෙන්නෙ නෑ…”


මන් හොදටම ඇඩුවා😥. ලොකු නෝනා මාව සනසන්න ගොඩාක් දේවල් කිව්වා.අනේ… මට පු0චි මාත්තයට අමතක කරන්න බෑ දෙයියනේ.මාව මැරිලා යයි.😥😫.පු0චි මාත්තයා මගෙ ජීවිතේ.එකතු වෙන්න බැරිබව දැන දැනත් අපි ඈත් වෙන්න බැරි තරමටම ලන්වුනා.


“වීණා, දරුවෝ අමාරුවෙන් හරි ඔයා ශාලකව අමතක කරන්න.ලොකු මහත්තයා අකමැති නිසයි මේ සේරම. නැත්නම් මන් කවදාවත් අකමැති නෑ වීණා ව මගෙ ලේලි කරගන්න.මගෙ හිතේ ඔය ජාති,ආගම්,කුලභේද නෑ. වීණා මගේම දරුවෙක් වගේ මට.වීණා දැන් ගෙදර යන්න.පු0චි මහත්තයව සදහටම අමතක කරන්න වීණා.ලොකු මහත්තයා දැනගත්තොත් මිනීමැරුමක් වෙයි මෙතන…”


මන් වෙනුවෙන් ලොකු නෝනගෙ හිත උණු වුනා.ඒත් ලොකු නෝනත් ලොකු මහත්තයගෙ වචනෙ ඉස්සරහ අසරණයි.මන් හොදටෝම ඇඩුවා.😥😥😥වලව්වෙන් එළියට බැහැපු මම පිස්සියෙක් වගේ ගෙදරට දිව්වේ.හොද වෙලාවට අම්මවත් අප්පවත් ගෙදර හිටියේ නෑ.

කාමරේට ගිය මන් දොර වහන් හොදටම ඇඩුවා.😫😫😫😥😪ජීවිතේ ගැන වචන වලින් කියාගන්න බැරි තරම් අසරණකමක් දැනුනේ.අවුරුදු ගානකට කලින් මගෙ අම්මත් එයාගෙ ආදරේ වෙනුවෙන් දෙමව්පියෝ ඉස්සරහ මේ වගේ අඩන්න ඇති.ඒත් අන්තිමට එයාලා එයාලගෙ ආදරේ ජයගත්තා.ඇයි දෙයියනේ අපි දෙමළ වුනත් හැමෝගෙම ඇගවල් වල දුවන්නේ එකම රතු ලේ නේද?

අඩලා අඩලා හෙම්බත් වෙච්ච මන් මූණ කට හෝදගෙන වළ0 ටික හේදුවා. ඊට පස්සේ රෑට කන්න දෙයක් හදලා ඉස්තෝප්පු කෑල්ලෙන් ඉද ගත්තා. ලොකු නෝනට කොහොම පොරොන්දු වුනත් මන් කොහොමද පු0චි මාත්තයව අමතක කරන්නේ?පු0චි මාත්තයා මට දීපු ආදරේ මන් කෝමද අමතක කරන්නේ?

මොනවා වුනත් පු0චි මාත්තයා මාව අතහරින එකක් නෑ.ඒ විශ්වාසෙ මගෙ හිතේ තිබුනා.අරමුණක් නැතිව මන් ඔහේ කල්පනා කරමින් හිටියා.


“වීණා…., මොනවද ඔය හැටි කල්පනා කරන්නේ. මන් දුර තියාම බලාගෙනයි ආවේ…”


අම්මගෙ කටහඩිනුයි මන් පියවි ලෝකෙට ආවෙ.එච්චර වෙලා මන් කල්පනා කරේ පු0චි මාත්තයා ගැනයි.

“නෑ අම්මා.කම්මැලි කමට මන් නිකන් කල්පනා කර කර හිටියේ.කෝ අම්මේ අප්පා…”


“අප්පා එන්න තව ටිකක් පරක්කු වෙයි වීණා.ලබන සතියෙ ලොකු මාත්තයගෙ යාළුවෙක්ගේ ගෙදරක ටොයිලට් වලකුයි, ළිදකුයි කපන්න තියනවලු. අප්පටත් එහෙට වැඩට එන්නලු.දවස් දෙකක් තුනක් විතර යයි මගෙ හිතේ…”

කුස්සියට ගිහින් මන් අම්මට නාන්න වතුර ටිකක් උණුකරලා ගේ අතුගෑවා. ටික වෙලාවකින් අප්පා ගෙදර ආවා.

“වීණා පුතේ මේ එන්නකො…”


“ඇයි අප්පා…”


“පුතේ මේ තේ ඩි0ගක් වක් කරන්නකෝ පු0චි මාත්තයටත් එක්ක.කෝ ඔය පුටුවක් තියන්න පු0චි මාත්තයට වාඩි වෙන්න…”


දෙයියනේ මගෙ පු0චි මාත්තයා… අමාරුවෙන් වුනත් අමතක කරන්න හදපු රුව ආයෙමත් මගෙ ඇස්දෙක ඉස්සරහට ඇවිත්.මගෙ ඇස් වලට කදුලූ පිරුනා.ඒ බව නොපෙන්නා පු0චි මාත්තයටයි අප්පාටයි වාඩි වෙන්න පුටු දෙකක් ඉස්තෝප්පු කෑල්ලෙන් තියලා මන් තේ හදන්න කුස්සියට ගියා.


අනේ…😥😥😫කොයි තරම් උත්සහ කරත් මට බෑ පු0චි මාත්තයව අමතක කරන්න.මගෙ හිත හොදටම හඩා වැටුනා.
තේ දෙක හදපු මම ට්‍රේ එකක තියන් ඉස්තෝප්පු කෑල්ලට ගියා. ☕☕


මුලින්ම තේ එක දුන්නේ අප්පා ට.

“පු0චි මාත්තයා තේ එක ගන්න…”

හිත මොන තරම් දැඩි කරගත්තත් මට පු0චි මාත්තයගේ මූණ දකිද්දී දැනුනේ දරාගන්න අමාරුම දුකක්.අනේ මේ රත්තරං ඇස්දෙක මට අයිති කරගන්න බැරිවුනානෙ.තේ එක ගත්තු පු0චි මාත්තයා මගෙ ඇස්දෙක දිහා බලන් හිටියා.තවත් එතන හිටපු මගෙ ඇස් වලට පිරුණු කදුලූ පිටවෙන්න තිබුනා. මන් ඉක්මනට එතනින් ආවා. පු0චි මාත්තයා දකින්න ඇති මගෙ ඇස්වල තියන කදුලූ😥😥😥.

අප්පත් එක්ක කතා කර කර හිටපු පු0චි මාත්තයා තේ එක බීලා අම්මයි අප්පටයි යන්නම් කියලමයි ගියේ.


“මන් යනවා චාන්දනී නැන්දේ.යනවා රාජා මාමේ….වීණාටත් කියන්න මන් ගියා කියලා….”


දවසින් දවස ගෙවිලා ගියා.පොඩි අයට සන්ගීතෙ උගන්නන ඇරෙන්න ගෙදරින් කොහේටවත් මන් ගියේ නෑ.නෑවෙත් රෙදි හේදුවෙත් ගෙදර ලිදෙන්.ගෙදරින් එළියට වැඩිය නොගියේ පු0චි මාත්තයව මුණගැහෙයි කියලා.එහෙම වුනොත් අමාරුවෙන් හරි හදාගන්න උත්සහ කරපු හිත ආයෙමත් බිදිලා යයි. කොයි තරම් උත්සහ කරත් මට පු0චි මාත්තයව හැම තිස්සෙම මතක් වෙනවා.😥😫😧

හෙට අප්පා ගොඩක් දුරක වැඩකට යනවා ලොකු මාත්තයගෙ යාළුවෙක්ගේ ගෙදර.ආපහු එන්න දවස් දෙකතුනක් විතර යන හින්දා මන් හෝදන්න තියන රෙදිටිකත් අරන් ගියා ඇළට.


රෙදිටික හෝදගෙන අඩිපාරෙදි පු0චි මාත්තයව හම්බුනා.හිත දැඩි කරගෙන නොදැක්කා වගේ එන්න හැදුවත් පු0චි මාත්තයා මගෙ අතකින් අල්ල ගත්තා.

“වීණා…,ඇයි ඔයා මාව මගාරින්න හදන්නේ?මන් වෙනුවෙන් ඔයාගෙ හිතේ තිබ්බ ආදරේ දැන් හිදිලා ගිහින්ද වීණා. එදා ඔයාට අපෙ අම්මා කියපු හැම දෙයක්ම මන් දන්නවා.අපේ ආදරේ ගැන මන් අම්මට කිව්වේ අම්මා අපි දෙන්නට උදව් කරයි කියලා හිතලා.

ඒත් වීණා, අම්මා වුනත් තාත්තා ඉස්සරහා හරිම අසරණයි.😩😩මොන දේ වුනත් මට ඔයාව අමතක කරන්න බැහැ වීණා.එහෙම වුනොත් මාව මැරිලා යයි. ඇයි ….ඇයි… ඔයා කතා කරන්නැත්තේ වීණා .කතා කරන්න මගෙ රත්තරං….” 😥😥💕💕


“අනේ පු0චි මාව අඩවන්න එපා දෙයියනේ😫😥මටත් පු0චි මාත්තයගෙ ආදරේ අමතක කරලා ජීවත් වෙන්න බෑ. ඒත් අපි හිතුවක්කාර තීරණයක් ගත්තොත් ලොකු මාත්තයා අපේ අම්මටයි අප්පටයි යහතින් ඉන්න දෙන එකක් නෑ.අනේ පු0චි මාත්තයා මාව අමතක කරලා දාන්න.අපිට කවදාවත් එකතු වෙන්න බෑ….”😥😥😥😫


තවත් එතන නොරැදි මන් අඩිපාර දිගේම අඩමින් ගෙදරට ආවා.මන් ගෙදෙට්ට යද්දි අම්මා එළවළු වගයක් සුද්ද කරනවා.
“වීණා ආන් පුතේ උඹට ලොකු නෝනා පණිවිඩයක් එව්වා අද රෑට එහාට එන්න කියලා.අනිද්දා ලොකු නෝනලාගේ නෑදෑ කට්ටියක් එනවලු වලව්වට.උයන්න උදව් වෙන්න වෙන්න ඇති.මට එන්න විදියක් නෑනෙ පුතේ හෙට උදෙන්ම අප්පා අර ගමන යනවනේ…”


අම්මා එහෙම කිව්වම මට එකපාරටම හා කියන්නත් බැරිවුනා. ඇයි දෙයියනේ මාව මේ විදියට අසරණ වෙන්නේ.පු0චි මාත්තයගෙයි මගෙයි ආදරේ ලොකු නෝනා දැන ගත්තු දා ඉදන්ම මන් වලව්ව්ට යන එක ටිකක් අඩු කරා.මට පු0චි මාත්තයව දකිද්දී වාව්ගන්න බෑ.ඒත් මාව තේරුම් ගත්තු ලොකු නෝනා ඇයි මාව වලව්වට ගෙන්න ගන්නේ.පු0චි මාත්තයට මගෙ හිතේ තියන ආදරේ තේරුම් ගත්තු ලොකු නෝනා දැන දැන හරි නොදැන හරි මේ කරන්නේ මාව තවත් අඩවන එක.මාව තවත් අසරණ කරන එක.

හවස් වෙලා කාලා එහෙම මන් අම්මටයි අප්පටයි කියලා වලව්වට ගියා.දුර තියාම මන් දැක්කා සාලෙ පු0චි මාත්තයා වාඩිවෙලා ඉන්නවා.පු0චි මාත්තයා මාව දැක්කේ නෑ.මන් හිමීට කුස්සිය පැත්තෙන් ඇතුළට ගියා.යද්දී ලොකු නෝනයි ආරියවතී නැන්දයි එළවළු කපනවා.

“වීණා එන්න පුතේ, ඔයා දැන් කාලද ඉන්නේ…”


“ඔව් ලොකු නෝනා.මන් කාලා ආවෙ ගෙදරින්….”


“එහෙනම් වීණා මේ වම්බටු ටික කපන්නකෝ බටු මෝජු හදන්න….”

ලොකු නෝනා දීපු වට්ටියයි,පිහියයි අරගෙන මන් කුස්සියේ පැත්තකින් ඉදගෙන බටු කපන්න ගත්තා. ටික වෙලාවකින් ආරියවතී නැන්දා එලියට ගියා අච්චාරුවකට හොද ගස්ලබු ගෙඩියක් කඩන්න.එතකොට ලොකු නෝනා මන් ගාවට ආවා.

“වීණා මාත් එක්ක තරහද එන්න කිව්වට….”


“අනේ… නෑ ලොකු නෝනා.මන් කිසිම තරහක් නෑ…”


“මන් දන්නවා වීණා ට දුක ඇති ශාලක ව දකිනකොට.මන් එයාට කිව්වා වීණා ට පේන්න වැඩිය එන්න එපා කියලා. වීණා දුක් වෙන්න එපා….”


ලොකු නෝනා එහෙම කියලා එතනින් ගියේ මගෙ ඔළුවත් අතගාලා.පු0චි මාත්තයා ගැන කියලා ලොකු නෝනා මාව ඇඩෙව්වා.ඇස්දෙකට උනපු කදුලු කවුරු හරි දකියි කියලා පිහදාගත්තා.

බටු කපලා ඉවර වෙලා අච්චාරුවට ගස්ලබු කැපුවා.ඊට පස්සේ තවත් එළවළු වර්ග කීපයක්ම සෝදලා කැපුවා.
කුස්සිය හොදට අස් කරලා මකුළු දැල් කැඩුවා.රෑ දහය විතර වුනා වැඩ ඉවර වෙද්දී.🌇🕙


“වීණා, ඔයා අර ගබඩා කාමරේට එහා පැත්තේ තියන කාමරෙන් නිදිය ගන්න. ඒ ඇද උඩ කොට්ටෙකුයි පොරවන්න සීට් එකකුයි ඇති.පාන්දර පහමාරට විතර නැගිටින්න් වීණා….”


ඊට පස්සේ මන් ලොකු නෝනට දණ ගහලා වැදලා ඒ කාමරේට ගියා නිදාගන්න.කාමරේ දොර වහලා මන් ඉක්මනට නිදාගත්තා.රෑ දහයත් පහු වෙච්ච හින්දා මට හොදටම නිදිමත තිබ්බා.ඇදට වැවැටිච්ච මට ඉක්මනින් නින්ද ගියා.🌃
ටිකක් වෙලා යනකොට මට කාමරේ දොර ඇරෙන සද්දෙ ඇහුනා.මට හොදටම බයත් හිතුනා �හොල්මන් වත්‍ද කියලා.ඒ සද්දෙත් එක්කම මන් නැගිටලා කාමරේ චිමිනි ලාම්පුව පත්තු කරා.


දෙයියනේ😱😱 පු0චි මාත්තයා.මට හොදටම බය හිතුනා.කාමරේ දොර වහපු පු0චි මාත්තයා මගෙ ළගට ආවේ 🤫🤫අතින්ම සද්ද කරන්න එපා කියාගෙන.මගෙ පපුව ඩිග් ඩිග් ගානවා. ලොකු නෝනා එහෙම දැක්කොත් පු0චි මාත්තයා මේ කාමරේ ඉන්නවා මට හොදටම බැනුම් අහන්න වෙයි. කාමරේට ඇවිත් පු0චි මාත්තයා මගෙ ලගින් ඉදගත්තා.මට පු0චි මාත්තයා ලගින් ලාවට වගේ මත්පැන් ගදක් දැනුනා.

“ඇයි වීණා ,ඔයා යා… මාත් එක්ක තරහා වෙලා….” බීලා හින්දා පු0චි මාත්තයට වචනත් පැටලුනා.

“අනේ…. පු0චි මාත්තයා පිපින්සිද්ද වෙයි. මෙතනින් යන්න.අනේ මන් වදින්නම්….🙏🙏😥😥ලොකු නෝනා ආවොත් එහෙම මට බැනුම් අහන්න වෙයි.අනේ යන්න පු0චි මාත්තයා ඔයා මෙතනින්.අපිට දැන් කතා කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ පු0චි මාත්තයා….”😥😭😫

මන් අඩ අඩාම එහෙම කිව්වත් පු0චි මාත්තයා ඒ මොකේකටවත් ඇහුන් කන් දුන්නේ නෑ.
“ය..යන්න…න් නෑ මන් මෙතනින් යන්නෙ නෑ වීණා….මන් ඔයාට ආදරෙයි වීණා. ඔයාට මාව මෙතනින් පන්නන බෑ වීණා….”
මන් හොදටම බය වෙලයි හිටියේ.වෙලාව රෑ එකොළහයි.🕚කොච්චර කිව්වත් පු0චි මාත්තයා ගියේ නෑ.බීලා හිටපු නිසා මට තවත් බය හිතුණා.එකපාරටම පු0චි මාත්තයා මගෙ අත් දෙකෙන්ම මාව අල්ලගෙන තුරුල් කර ගත්තා.
😭😭😭මන් කොයිතරම් උත්සහ කරත් මට බැරිවුනා පු0චි මාත්තයගෙන් බේරෙන්න😭😭😭

පාන්දර හතරට විතරට මට ඇහැරුණා. ඇහැරිලා බලනකොට මන් පු0චි මාත්තයගෙ නිරුවත් පපුව උඩ ඔළුව තියාගෙන නිදාගෙන ඉදලා තියෙන්නේ. අවුල් වෙච්ච හිසකෙස් හදාගෙන ඇගට දැනිච්ච අමාරුව යටපත් කරගෙන මන් නැගිටලා පු0චි මාත්තයට කතාකරා.

“පින්සිද්ද වෙයි පු0චි මාත්තයා දැන්වත් මෙතනින් යන්න.ලොකු නෝනා කාමරේට ආවොත් එහෙම මට බැනුම් අහන්නයි වෙන්නේ….”🙏😥😥😭😭

පු0චි මාත්තයා ඔලුවත් අතගගා නැගිට්ටා.ඊට පස්සේ කමිසෙත් ඇදගෙන මන් ගාවට ආවා.


“වීණා…. මෙ මේ මට සම්…සමාවෙන්න….”


” පු0චි මාත්තයා මෙතනින් යන්න කිව්වම අහලා.දැන් ලොකු නෝනා එයි කාමරේට….”


පු0චි මාත්තයා මන් දිහා බලන් ඉදලා කාමරෙන් ගියා.මන් බිම වැටිලා හොදටෝම ඇඩුවා.ඇයි දෙයියනේ පු0චි මාත්තයා මට මෙහෙම කරේ???😭😭😭 මන් කොහොමද දැන් ලෝකෙට මූණ දෙන්නේ??මගෙ ජීවිතේ විනාශ වුනා😭😥😥😭

🌹🌹🌹නැවත හමුවෙමු🌷🌷🌷


හිතෙන දේ කමෙන්ට් කරන්න

සියලුම හිමිකම් කතෘ සතුය