අපි මිත්‍යා මත විශ්වාස කරන්න පටන් ගන්නේ ඉතාම පුංචි කාලේ ඉඳලමයි. සමහර ඒව නම් ඇත්ත විදිහට හිතන් ඉන්න එකෙන් අපට නරකක් වෙන්නෙත් නෑ. නමුත් අපි කොයි දේත් ඇත්ත දැන ගන්න කැමතියි නේ. මේ සමහර මිත්‍යා මිථ්‍යා මත නිසා ඔබව විවිධ විදියට පාලනය වෙනවා වෙන්න පුළුවන්; හොඳට හෝ නරකට. ඇත්තම ඇත්ත කියල හිතාගෙන හිටපු මිත්‍යා මත කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

01 T V එකෙක් දිහා ලඟ ඉඳන් බලන් හිටියොත් ඇස් නරක් වෙනවා ද

මේ කතාව අපි පුංචි කාලේ ඉඳන්ම අම්මලා තාත්තලාගෙන් එපා වෙනකල් අහල තියෙනවා. නමුත් මේක ඔප්පු කරන්න තරම් විද්‍යාත්මක සාධක නෑ. නමුත් ළඟට වෙලා ටීවී බැලුවොත් ඇස් වෙහෙසට පත් වෙන්න නම් පුළුවන්කමක් තියෙනවා.

02 සබන් වලට විෂබීජ විනාශ වෙනවද

ටීවී එකේ නම් සබන් වර්ග බැක්ටීරියා එක්ක සටන් කරලා විනාශ කරලා දානවා පෙන්වනවා. නමුත් සබන් වලට විෂ බීජ හෝ බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවක් නෑ. නමුත් සෝදලා හරින්න පුළුවන්.

03 රැවුල /රෝම කැපුවොත් අලුතින් එන ඒවා ඝනකමින් වැඩිද

රැවුල / කොණ්ඩෙ කැපුවම හෝ රෝම ඉවත් කළාම අලුතින් එන ඒවා ඝනකම වැඩියි කියලා මතයක් තියෙනවා. එහෙම හිතෙන්නේ තියුණු තලයකින් රෝම ඉවත් කරද්දී රෝම ගස හෝ කෙස්ගස කේශ මූලයෙන් ගැලවිලා නොගොස් කැපිල විතරක් ඉතිරි වෙන නිසා. කැපිලා ඉතිරි වන කොටස නැවත වැවෙන කොට අතට අහුවෙද්දි ඝණකම වැඩි වගේ දැනෙනවා.

04 හඳට නියාම චීන මහා ප්‍රාකාරය පේනවද

චීන මහා ප්‍රාකාරය දිගින් වැඩියි තමයි , නමුත් හඳට ගියාම නම් පේන්නේ නෑ. ඇත්ත වශයෙන්ම මුහුදු මට්ටමෙන් කිලෝමීටර් සීයක් දුරින්වත් චීන මහා ප්‍රාකාරය පේන්නේ නෑ. සමහර ආලෝක සහ කාලගුණ තත්ත්ව වලදී අභ්‍යවකාශයේ තරමක් දුරට චීන මහා ප්‍රාකාරය පේන අවස්ථා තියෙනවා.

05 ප්‍රතිජීවක වලින් වෛරස් නසන්න පුළුවන් ද

ප්‍රතිජීවක දෙන්නෙ බැක්ටීරියා ආසාදන වලට. ඒවාට වෛරස් නසන්න හෝ වෛරස් වලට විරුද්ධව සටන් කරන්න හැකියාවක් නෑ. නමුත් ප්‍රතිජීවක වලින් බැක්ටීරියා නසනවා විතරක් නෙවෙයි ප්‍රතිජනනයත් නවත්වනවා.

06 Coca cola බිව්වාම දත් දිරනවා ද

කොකාකෝලා කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම පානය. කෝක් වලින් වෙන්න පුළුවන් හානි ගැන ගොඩක් දේවල් අන්තර්ජාලයේ තියනවා. ඉන් එකක් තමයි කොකාකෝලා කෝප්පයක දතක් දාල තිබ්බොත් දවසක් ඇතුලත දත දිරනවා කියන එක. කොකාකෝලා වලට එහෙම සුපිරි බලයක් නෑ. නමුත් කොකාකෝලා වල තියෙන පොස්ෆරික්, කාබොනික් හා සිට්‍රික් අම්ල නිසයි මෙහෙම කියන්නේ. නමුත් කොකාකෝලා හැර වෙනත් සිසිල් බීම වලත් මේ අම්ල තියෙනවා.

07 ජලය හරහා විද්‍යුතය සන්නයනය වෙනවා ද

මේකට නම් අපි ලේසියෙන්ම ඔව් කියලා උත්තර දෙනවා. නමුත් විද්‍යුතය සන්නයනය වෙන්න නම් අයණ තියෙන්න ඕන. ජලයේ වෙනත් අපද්‍රව්‍ය කලවම් උණාම විතරයි අයණ තියෙන්නෙ. පිරිසිදු ජලය ඒ කියන්නේ ආස්‍රත ජලය හරහා විදුලිය ගමන් කරන්නේ නෑ.

08 වවුලො අන්ධයි ද

සාමාන්‍යයෙන් අපි දන්නේ වවුලෝ ගමන් කරන්නේ ශබ්දය පරාවර්තනය උපයෝගී කරගෙන විතරයි කියලා. එහෙනම් උන්ට ඇස් දෙකක් තියෙන්නෙ මොකටද? ඇත්ත කතාව තමයි වවුලන්ට සමහර ආලෝක තත්ත්ව වලදී ඇස් පේනවා.

09 මැරුනාම කොණ්ඩය, නියපොතු වැවෙනවද

මැරුණාම ශරීරයේ සියලුම ජීවී ක්‍රියාවන් නවතිනවා. කොණ්ඩය, නියපොතු වැවෙනවා වගේ පෙනෙන්නේ ඒවා විජලනයට හා සංකෝචනයට ලක් වෙන නිසයි.

10 ගෙම්බෙක් ඇල්ලුවොත් ඉන්නන්ගෙන් නිදහස් වෙනවා ද

ඉන්නන් ඇතිවන්නේ පැපිලෝමා කියන වෛරසය නිසා. මේක ලේසියෙන්ම කෙනෙක්ගෙන් තවත් කෙනකුට බෝ වෙන්න පුළුවන්. නමුත් ගෙම්බෝ සහ මේ වෛරසය අතර කිසිම සම්බන්ධයක් නෑ. ඉන්නන්ගෙන් නෙවෙයි මොනවයින් නිදහස් වෙනවා කිව්වත් මම නම් ගෙම්බෙක් අල්ලන්නේ නෑ.

11 චුවින්ගම් ගිලුනොත් බඩේ ඇලෙනවද

පුංචි කාලේ අපි කාටත් චුවින්ගම් එකක් දෙකක් ගිලිලා තියෙනවා. වැඩිහිටියන් අපිව බය කරන්නේ කරන්නෙ ඒක අවුරුදු හතක් බඩේ ඇලිලා තියෙනවා කියලා. ආමාශයික අම්ල වලට චුවින්ගම් වල ඇලෙන ගතිය නැති කරන්න බැරි උනත්, උදර පේශි සංකෝචනය නිසා දවසක් හෝ දෙකක් ඇතුළත චුවින්ගම් බඩෙන් ඉවත් වෙනවා.