2 කොටස🌹
🌹🌹අම්මත් එක්ක ගෙදර ආපු මන් බත් කාලා ඉවරවෙලා කාමරේ දොරත් වහගෙන පු0චි මාත්තයා දුන්නු තෑග්ග මොකක්ද කියලා බැලුවා.අනේ….😱😱
හරිම ලස්සන රත්තරං මාලයක් 📿
ඒත් ඇයි පු0චි මාත්තයා මට මේවගේ වටින තෑග්ගක් දුන්නේ??මන් කල්පනා කරන්න ගත්තා.🤔🤔මට කවදාවත් ඒ වගේ ලස්සන මාලයක් හම්බෙලා නෑ.අනේ හරිම ලස්සනයි.මන් ඒ මාලෙ අම්මට හොරෙන් කබඩ් එකේ ඇදුම් ටිකට අස්සෙන් හැන්ගුවා.
🌤️🌞පහුවදා උදේ ඉර පෑව්වට පස්සේ මන් නැගිට්ටේ.අද පොඩි එවුන්ට පන්තිත් නැති හින්දා කරන්න කියලා ලොකූ වැඩකුත් නෑ. මිදුල අතුගාලා කැලේට යන්න හිතුණා දර කඩන්න.
“අම්මා…මන් කැලේට යනවා දර කඩන්න…”
“හ්ම්ම් ගියාට කමක් නෑ වීණා. හැබැයි පරිස්සමින්.ඔය සතා සිව්පාවො ඉන්නවා කැලේ…” අම්මටත් කියලා කැලේට ගියා දර කඩන්න.අපේ වත්තෙ හුගාක් ගෑනුඅය දර කඩන්න යන්නේ තේ වත්ත උඩහා තියන කැලේට.මාත් ගිහින් දර කඩන්න ගත්තා .අහුල ගත්තු දරයි කඩාගත්තු දරයි මිටියකට වගේ අහුරලා ගහකට එතුනු වැලක් කඩාගෙන මිටිය ගැට ගැහුවා.
කැලේ ඇතුලේ තිබුනු ඇඹුල්පේර ගහක ගෙඩි හොදට පිරිලා තියනවා දැක්කා.ඉතින් දර මිටිය බිම තිබ්බ මන් ඒ ගහෙන් ඇඹුල්පේර කඩන්න ගත්තා.අම්මෝ පුදුම රසක් තියෙන්නේ.තවත් ගෙඩි කීපයක්ම කඩාගෙන ලේන්සුවට තියලා ගැටගහ ගත්තු මන් ගහෙන් බිමට පැන්නා. පනිනවත් එක්කම මගෙ පිටට පු0චි ගල් පාරක් වැදුනා.මන් එකපාරටම වටපිට බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ.
ඒ ගැන වැඩිය තැකීමක් නොකරපු මම දර මිටිය ගන්න පාත් වෙනවත් එක්කම ආපහු ගල් පාරක් වැදුනා.
මේපාර නම් මට කේන්ති ගියා.ඇයි යකෝ කව්ද මේ මට හැන්ගිලා ඉදලා ගහන්නේ.පිටිපස්ස බලනකොට එකපාරටම ලොකු මහත ගහකට මුවාවෙලා කව්දෝ ඉන්නවා දැක්කා.
මට බයක් දැනුනේ නෑ.මොකා වුනත් කමක් නෑ.අද දෙනවා හොදවයින් දෙකක් 👊🤜🤛✊ කියලා හිතපු මන් එකපාරටම දුවලා ගිහින් ඒ ගහ අස්සෙ හිටපු මනුස්සයව ඇදලා අරන් හොද පයින් පාරක් ගැහුවා බිමටම වැටෙන්න. “අම්මෝ” කියාගෙනම ඒ මනුස්සයා කෑ ගැහුවා.
“දෙයියනේ…😱😱පු0චි මාත්තයා. අයියෝ… මට සමාවෙන්න පු0චි මාත්තයා .මන් හිතුවේ වෙන කවුරුහරි කියලා.අනේ… කෝ නැගිටින්න….”
අනේ අපොයි මන් ගහලා තියෙන්නේ පු0චි මාත්තයාටද? මන් සමාව අරගෙන පු0චි මාත්තයාව නැගිට්ටෙව්වා.වැදුණු පාරට පු0චි මාත්තයා තාමත් කොන්ද අතගානවා.
“අම්මෝ වීණා මගෙ කොන්ද. ඔයා කරාටේ දන්නවද? අම්මෝ…. “
“අනේ සමාවෙන්න පු0චි මාත්තයා. අනේ වලව්වේ ලොකු මහත්තයට කියන්න නම් එපා…”😥😫😫
මන් එහෙම කිව්වේ ටිකක් බයෙන් වගේ.
“අයියෝ වීණා මන් මේක කාටවත් කියන්නේ නෑ. චික් ලැජ්ජ නැතුව කියන්න පුලුවන්ද කෙල්ලෙක්ගෙන් ගුටි කෑවා කියලා…”
පු0චි මාත්තයා එහෙම කිව්වේ හිනාවෙවී.අනේ පු0චි මාත්තයා හිනාවෙද්දී හරිම ලස්සනයි.අනේ ඒ හිනාව 😃😃😃❤️.මට දුක හිතුණා පු0චි මාත්තයට ගහපු එකට.
“ඒක නෙවේ වීණා මන් මෙහෙම මේ කැලේ හැන්ගිලා ඔයාට ගල් ගහද්දී බය හිතුනෙ නැන්ද?…”
“පු0චි මාත්තයා මේ වීණා යකෙකුටවත් බය නෑ…”
“අම්මෝ ඒක හොදයි.මේ වත්තෙ ඉන්න ලස්සනම කෙල්ල යකෙක්ටවත් බය නෑ කිව්වම. වීණා, අර මන් ඊයෙ දීපු තෑග්ග හොදයිද?…”
“ඔව් පු0චි මාත්තයා හරිම ලස්සනයි ඒක.පු0චි මාත්තයට ගොඩාක් ස්තූතියි…”
“වීණා ඉස්කෝලෙත් ගිහින් ඉවර එකේ දැන් මොනවද කරන්නේ…”
“මන් පු0චි මාත්තයා මේ ගමෙයි වත්තෙයි ළමයින්ට සතියට දවස් තුනක් සන්ගීතෙ උගන්නනවා.ඔය තබ්ලාව , වීණාව,වයලීනය එහෙම ප්ලේ කරන්න උගන්නනවා…”
කතාවෙන් කතාවෙන්ම මන් පු0චි මාත්තයට කියලා ගෙදර ආවා. දොරකොඩට එද්දී අම්මා කම්මුලට අත තියන් බලන් ඉන්නවා .
“ඈ බොල වීණා උඹ මෙච්චර වෙලා මොනවද කරේ.බලහන් පැය දෙකක් තිස්සේ උඹ දර කැඩුවද? මන් බයෙන් හිටියේ මෙච්චර වෙලා….”
“අනේ අම්මා බයවෙන්න එපා මන් ඇඹුල්පේර වගයක් කැඩුවා ඒකයි පරක්කු වුනේ…ආ.. අම්මටත්…”
ඇඹුල්පේර ටික අම්මගෙ අතට දීලා මන් කුස්සියට ගියා බත් කන්න.
“වීණා පුතේ අන්න වලව්වේ ලොකු නෝනා කිව්වා උඹට හෙට උදෙන්ම වලව්වට එන්න කියලා. මයෙ හිතේ හෙට දානයක් වලව්වේ.ලොකු මහත්තයගෙ තාත්තා මැරිලා හෙටට අවුරුදු 24ක්නෙ.උඹ උදෙන්ම එහෙට පලයන්….”
අම්මා එහෙම කියනකොට මට දැනුනේ කියාගන්න බැරිතරම් සතුටක්.ඒ කියන්නේ හෙට මට පු0චි මාත්තයවත් බලන්න පුලුවන්.අනේ ශෝක්නෙ.😃😃😃
පු0චි මාත්තයව දකිනකොට මට දැනෙන්නේ අමුතුම මිහිරක්.සතුටක්. ඒත් ඒක ආදරයක් ද? අනේ මන්දා මන් පු0චි මාත්තයට ආදරේ කරාට එයා කවදාවත් මට ආදරේ කරන එකක් නෑ.මන් දෙමළ කෙල්ලෙක්.පු0චි මාත්තයා සින්හල වලව්කාරයෙක්.අපි අහසට පොළව වගේ දුරයි.
එහෙම හිතෙනකොට නම් මට දුකක් දැනෙන්න වුනා.
පහුවදා උදේම නැගිටපු මම හොදට ලෑස්ති වෙලා වලව්වට ගියා.යද්දී හාමුදුරුවෝ වැඩලා බණ කියනවා.මන් කුස්සිය පැත්තෙන් ඇතුළට ගියා.
යද්දි වැඩකරන දෙතුන් දෙනෙක්ම කුස්සියේ හිටියා.
“ආ වීණා ළමයෝ මෙහෙන් වාඩිවෙලා මේ කෑම ටික කන්න.ලොකු නෝනා තව ටිකෙන් එයි….”
එහෙම කියපු ආරියවතී නැන්දා මගෙ අතට කිරිබත්,කැවුම් ,කොකිස් කෙසෙල් දාපු පිගානක් දුන්නා.මන් ඒක කෑවෙ හරිම ආසාවෙන්.ගෙදරදී මෙහෙම කෑමක් කාලම නෑනේ.හරිම රසයි මේ කිරිබත්.කෑම කාලා පිගාන හෝදලා ඉවර වෙනකොට ලොකුනෝනා ආවා කුස්සියට.
“ආ වීණා එන්න, මන් ඔයාට කතා කරේ මේන් මේ පාර්සලේ දෙන්න. මේකෙ කිරිබත් කැවුම් කොකිස් කෙසෙල් කේක් ආස්මී එහෙම ගොඩාක් තියනවා. වීණාගෙ අම්මා සෑහෙන්න මහන්සි වුනා ඊයෙ මේවා හදන්න.ඔය ටික ගිහින් අම්මට දෙන්න කට්ටියත් එක්කම කන්න…”
ලොකු නෝනා දීපු පාර්සලෙත් අරන් මන් එළියට ආවා.අපරාදෙ පු0චි මාත්තයව දැක්කේ නෑනෙ.මන් හිතුවේ ලොකු නෝනා කතාකරේ මට ටිකක් වෙලා යන වැඩක් කරවගන්න කියලා. අපරාදෙ මන් කොච්චර ආසාවෙන්ද ආවෙ පු0චි මාත්තයව බලන්න.😞😞
වලව්වට යන්න තියන දිග පඩිපෙළ බැහැලා මන් පොඩි අඩිපාරට ආවා. ඒ එනකොටම මගෙ ඉස්සරහට ආවේ පු0චි මාත්තයා .අනේ…😃😃😃මගෙ හිතට දැනුනේ පුදුමාකාර සතුටක්.
“ආ වීණා ගෙදර යන ගමන්ද?…”
“ඔව් පු0චි මාත්තයා .ලොකු නෝනා මේ දානෙට හදපු කෑම වගයක් දුන්නා…”
“වීණාට මන් කාරනයක් කියන්නමයි හිටියේ.හැබැයි දැන් වෙලාවක් නෑ.මන් පස්සෙ කියන්නම්.දැන් වැස්සක් එන්න වගේ.වීණා ඉක්මනට ගෙදර යන්න. නැත්නම් ඔයා තෙමෙයි…”
මන් ඉක්මනට දුවලා ගෙදර ආවා.ඇවිත් අම්මට කෑම පාර්සලේ දුන්නා. අප්පා ත් එවෙලේ ගෙදර හිටියා.
“වීණා ,පුතේ හෙට මට දුර පළාතකට වැඩට යන්න තියනවා. අර රත්නම් මාත්‍තයගෙ නුවර ගෙදර කපරාදු කරනවානේ.ඒකට උදව් වෙන්න. එන්න සමහර විට දවස් හත අටක් යයි. උඹ් අම්මත් එක්ක පරිස්සමින් ඉදපන්…”
කියපු විදියටම අප්පා උදේ බස් එකෙන් නුවර ගියා.අම්මයි මායි උදේට කාලා ගේ අස්පස් කරා. හවස් වෙලා මන් ඇළට ගියා නාන්න.මන් නාලා ඉවර වෙලා ගෙදර එද්දී වැස්සක් කඩාපාත් වුනා. වැස්සට කලින් ගෙදරට යන්න පුළුවන් කමක් නෑ.ඉතින් අඩිපාර දිගේ හයියෙන් දුවලා ඇවිත් ලොකු ගහක් යටට ආවා. ඒ ගහ යටනම් තෙමුණේ නෑ.ටිකක් වෙලා යද්දී වැස්ස අඩුවුනා. මන් සාලුව ඔලුවට දාගෙන එන්න හදද්දී පු0චි මාත්තයා කුඩයක් ☔ඉහිලන් ගහ පැත්තට ආවා.
“වීණා ඔයා හොදටම තෙමිලා නේද? මාත් මේ උඩහ අපේ ෆැක්ට්‍රියට ගිහින් එන ගමන්.නිකන් ආස හිතුණා මේ කැලේ පාරෙන් යන්න.එන්න වීණා කුඩේ යටට මන් ඔයාව ගෙදෙට්ට ගිහින් දාන්නම්…”☔ ☔
“අනේ එපා පු0චි මාත්තයා කවුරුහරි දැක්කොත් ඒක හොද නෑනෙ. පු0චි මාත්තයා යන්න.දැන් වැස්ස අඩුකරානෙ .මන් මෙහෙමම යන්නම්…”
“වීණා ඔයා නම් හරිම මුරණ්ඩුයි. ඒත් ඔයා තෙමෙනවා බලාගෙන මන් කොහොමද කුඩේ ඉහිලන් යන්නේ…”
“කමක් නෑ පු0චි මාත්තයා යන්න…”
“වීණා.මන් ඔයාට දෙයක් කියන්න ඔයා තරහා වෙනවද මාත් එක්ක…”
“අනේ නෑ මාත්තයා.ඕන දෙයක් කියන්න.අපි ජීවිත් වෙලා ඉන්නේ මාත්තයලා හින්දනේ…”
මන් එහෙම කිව්වට පස්සේ පු0චි මාත්තයා එකපාරටම මගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා.අල්ලගෙන මගෙ ඇස්දෙක දිහා බලන් හිටියා.ඒ බැලිල්ලට මාව ගොඩාක් අසරණ වුනා..
“වීණා….වීණා මන් ඔයාට ආදරෙයි.ගොඩාක් ආදරෙයි.මේක කලින් ඔයාට කියන්න හැදුවත් කියාගන්න විදියක් තිබ්බේ නෑ.මන් දන්නවා වීණා ඔයත් මට ආදරෙයි.කටින් කිව්වේ නැති වුනාට ඔයාගෙ ඇස්වලින් මට තියන ආදරේ හරිම අපූරුවට පේනවා. කියන්න වීණා ඔයාත් මට ආදරෙයි නේද?…” 💏😘😚💕
දෙයියනේ පු0චි මාත්තයා මට ආදරේ කරනවා.මට හිතාගන්නත් බෑ. මගෙ හිතේ වගේම පු0චි මහත්තයගේ හිතෙත් මන් වෙනුවෙන් ආදරයක් තිබ්බා කියලා දැන ගත්තම මගෙ හිත පුරාම මල් වරුසාවක් වැස්සා වගේ දැනුනා. ඒත් පු0චි මාත්තයට මන් ආදරෙයි කියන්නේ කොහොමද?
මට ඒක කියාගන්න බැරිවුනා……පු0චි මාත්තයා තාමත් මගෙ අත අල්ලගෙන 😘 මන් ඉක්මනින් අත ගසලා එතනින් අඩිපාර දිගේ දිව්වා.
“වීණා…වීණා…” පු0චි මාත්තයා කොච්චර කතා කරත් මන් පසු නොබලා දිව්වා.
“ගෙදරට ඇවිත් රෙදිටික වැලට දාලත් කල්පනා කරේ පු0චි මාත්තයා කියපු දේවල්. මාත් පු0චි මාත්තයට ආදරෙයි.ඒත් වලව්වෙන් මේවා දැනගත්තොත් විසුමක් වෙන්නෙ නෑ. ලොකු මහත්තයා අපිව වත්තෙනුත් එලවයි.ඒත් මට පු0චි මාත්තයට ආදරේ නොකර ඉන්න බැහැ.ජීවිතේ පළවෙනි වතාවට මගෙ හිතට දැනුනු ආදරේ💘💘😘.
“එදා රෑ පුරාවටම මන් පු0චි මාත්තයා ගැන කල්පනා කරා.මට නින්ද යද්දී පාන්දර එකත් පහුවුනා.ඒ හින්දාම උදේ ඇහැරෙද්දී අටත් පහුවෙලා. මන් නැගිටලා කුස්සියට ගියා.මන් යද්දී අම්මා කෑම උයලත් ඉවරයි.
“අනේ දුවේ උඹ නැගිටින්න පරක්කු වුන නිසා මන් උයන්න ගත්තා. හැමදාම ඉතින් උඹ පාන්දරම නැගිටිනවනේ…”
“අනේ අම්මා අද පරක්කු වුනා නැගිටින්න. මන් දත් මැදලා මූණ හෝදගෙන එන්නම්….”
උදේට තේ බීලා කාලා එහෙම මන් වත්ත පල්ලෙහාට ගියා අම්මටත් කියල. වත්ත පල්ලෙහා තියනවා උස ලොකූ ගල්තලාවක්. ඒක උඩට ගිහිල්ලා මන් ටිකක් ඉදගත්තා.නිකන් ඉන්න වෙලාවට මන් මෙතෙන්ට එනවා.මෙතන හරිම නිදහස්.මන් ටිකක් වෙලා පහල ගලාගෙන යන ඇළපාර දිහා බැලුවා.
ටික වෙලාවක් යද්දී කව්දෝ මන්දා පිටිපස්සෙන් ඇවිත් මගෙ ඇස්දෙක වැහුවා. මන් දන්නවා ඒ පු0චි මාත්තයා කියලා.😘💕💏😚❤️
“පු0චි මාත්තයා…
“වීණා ඔයා එහෙනම් මාව අදුර ගත්තා.. මෙතන මොකද කරන්නේ…”
“පු0චි මාත්තයා මන් මේ නිකන් මෙතෙන්ට ආවේ.පු0චි මාත්තයා කොහෙ යන ගමන්ද?…”
“කොහේවත් නෑ වීණා.මට හිතුණා මේ වෙලාවෙ ඔයා මෙතන ඇති කියලා…”
එහෙම කියපු පු0චි මාත්තයා මන් ගාවින් ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට ඉදගත්තා.
“වීණා, ඔයා ඊයෙ මන් අහපු දේට උත්තරයක් නොදී පැනලා ගියානෙ. අද මට උත්තරයක් ඕනි වීණා. කියන්න වීණා.මේ බලන්න…”
අහක බලන් හිටපු පු0චි මාත්තයා මාව එයාගෙ පැත්තට හරව ගත්තා.මන් පු0චි මාත්තයගේ මූණ දිහා බැලුවා.ඒ ඇස්වල , ඒ මූණෙ මන් වෙනුවෙන් උතුරා යන තරමටම ආදරේ තිබ්බා.😙😙💏💕 අනේ මන් කොහොමද මේ ඇස් දිහා බලන් කතා නොකර ඉන්නේ. මන් හෙමින් හෙමින් කටහඩ අවදි කරා.
“මාත් පු0චි මාත්තයට ගොඩාක් ආ…ආ…ආදරෙයි…”💕💕❤️
මන් එහෙම කිව්වා විතරයි පු0චි මාත්තයා මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා.මගෙ ඔලුව පිරිමදින්න ගත්තා.
“ම…ම….මන් දන්නවා වීණා ඔයා මට ආදරෙයි කියලා.මාත් ඔයාට ගොඩාක් ආදරෙයි වීණා.මන් කවදාවත් ඔයාව අමතක කරන්නේ නෑ…”
පු0චි මාත්තයා මට ගොඩාක් ආදරේ කරා. ඒත් පු0චි මාත්තයා ඇයි මන් වගේ දෙමළ කෙල්ලෙකුට ආදරේ කරන්නේ?.මන් ඒක පු0චි මාත්තයගෙන් ඇහුවා.
“වීණා, මට ඔයාගෙ ජාතිය ආගම වැඩක් නෑ.මන් ආදරේ කරන්නෙ ඔයාට වීණා. අනික ඔයාගෙ අම්මා සින්හල නේද? ඔයාගෙ තාත්තා දෙමළ .ඔයාගෙ අම්මා තාත්තට ආදරේ කරනවා වගේ මන් ඔයාට ආදරේ කරනවා වීණා…”
“ඒත් පු0චි මාත්තයා ලොකු නෝනයි මහත්තයයි දැන ගත්තොත් ලොකු විනාශයක් වෙන්නේ…”
“ඒ ගැන ඔයා බය වෙන්න එපා වීණා.ඔයා මාත් එක්කම ඉන්නවනෙ💏💏😙😙…”
💏💏💏💏💏💏💏💏💏💏💏💏💏💏
කාලය ටික ටික ගෙවිලා ගියා.පු0චි මාත්තයයි මායි ගෙවල් වලට හොරෙන් ආදරේ කරා💏💏❤️💕😘💘💕.ඒත් අපිට කවදාවත් ගෙවල් වලින් කැමැත්ත ලැබෙන්නේ නෑ.මට වෙන්නෙත් අපෙ අම්මා වගේ තීරණයක් ගන්නද? අනේ මන් කොහොමද එහෙම කරන්නේ??😥😥
“දවසක් පු0චි මාත්තයා වත්තෙ තිබ්බ
සන්ගීතෙකදි සින්දුවක් කිව්වා.
😘🎶🎤🎵
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ….
ඇති ඉහළම සතුටයි මෙලොවේ….
සද කිදුරියෙ ඔබ ප්‍රිය සෙවනේ….
ලොව සොදුරිය පින්බර ලදුනේ….🎵
ඔබ දැකුමෙන්….//
මිහිරියෙ ඔබ අහසෙයි සදු වේ….
මගෙ සිතුවිලි එහි ඇති කදු වේ….
ඒ තරමට සෙනෙහස මතු වේ….
නිහඩව නිදියයි සිත නතුවී….🎵
සපුමලේ පිපුණු තනි ඉත්තේ….
මගෙ සුවදද ඔබ අරගත්තේ….
මතු දින මා පරවිය යුත්තේ….
ඔබෙ මොලකැටි අත් යුග මත්තේ….🎵
🎶🎻😘🎤පු0චි මාත්තයා ඒ සි0දුව කිව්වේ මන් වෙනුවෙන්මයි.පු0චි මාත්තයට ලස්සනට සි0දු කියන්න පුලුවන්.
ගෙදර ගිහිනුත් මන් මතක් කරේ පු0චි මාත්තයා කියපු සින්දුවමයි.
කාලය ගෙවී ගියත් පු0චි මාත්තයගෙ ආදරේ අඩුවක් වුනේ නෑ.එයා මට පණටත් වඩා ආදරේ කරා.පු0චි මාත්තයා මගේ වීණා හඩ වගේ මියුරු කටහඩට ආදරේ කරා.මාත් පු0චි මාත්තයට ගොඩාක් ආදරේ කරා.කවුරු කිව්වත් මන් පු0චි මාත්තයට ආදරේ කරන එක නවත්තන්නේ නෑ.ඒ තරමට ඒ ආදරෙන් මන් අන්ධ වෙලයි හිටියේ ❤️❤️😚
මේ විදියට මාසයක් දෙකක් ගෙව්නා. දවසක් ලොකු නෝනා මට වලව්වට එන්න කිව්වා.මාත් ඉක්මනින් ගියා. ඒ වැඩිපුරම ගියේ මගෙ පු0චි මාත්තයව දකින්න තියන උවමනාවට😚😚
මන් ගිහින් ලොකුනෝනට කතාකරා. ටික වෙලාවකට පස්සේ ලොකු නෝනා ආවා.හැබැයි වෙනදා වගේ නෙවෙයි අද ලොකු නෝනගෙ මූණ හරිම වෙනස්.
❤️💕🎶🎵😚💘💏නැවත හමුවෙ
සියලුම හිමිකම් කතෘ සතුය