1 කොටස

🌹1කොටස🌹 වීණා 🌹
“කෙල්ලේ වීණා… මේ වරෙන්කෝ ඉක්මනට …”

“මේ එනවා අප්පා”

“වීණා අද මන් පොළට යනවා බඩු වගයක් ගන්න.මන් එන්න ටිකක් පරක්කු වෙයි.කුස්සියේ දුම්මැස්සේ තියන කරවල කූරියා අරගෙන තෙල් දාලා හදපන්. අම්මා බත් උයලා ඇත්තේ…”

“හා මන් හදන්නම් අප්පා. එනකොට මට පොලෙන් බූන්දි ගේන්න…”
“හොදයි කෙල්ලෙ මන් ගේන්නන්කො

අප්පා පොළට ගියාට පස්සේ මන් කුස්සියට ගිහින් කරවල කූරියා අරගෙන කපලා සෝදලා තෙල් දැම්මා.ඊට පස්සේ හොද කොච්චි සම්බෝලෙකුත් හැදුවා. කොච්චි සම්බෝලෙ හදලා ඉවර වෙනකොටම අම්මා කුස්සියට ආවා.

“වීණා , පුතේ උඹේ කරවල බැදුමේ සුවද මිදුලටම එනවා.ආශාවෙ බෑ.මටත් බත් ඩි0ගක් බෙදලා ගනින්කෝ කන්න…”

අම්මට බත් බෙදලා දීපු මම හෝදන්න තියන රෙදිටික අරන් ගියා ඇළට. හොද වෙලාවට ඇළේ ගොඩක් සෙනග හිටියේ නෑ.ටික දෙනයි හිටියේ.මගේ හොදම යාලුවා පාර්වතීත් හිටියා.
“ආ… වීණාට අද නාන්න පරක්කු වෙලා වගේ…”


“අනේ ඔව් පාර්වතී අක්කා.අද අප්පා පොළට ගියානෙ.ඉතින් ටිකක් පරක්කු වුනා උයලා ඉවර වෙනකොට….”
කතාවෙන්ම මම දියට බැහැලා ගලක් උඩ ඉදගෙනම රෙදිටික හෝදන්න ගත්තා.
“වීණා, ඇත්තද වලව්වේ පුන්චි මාත්තයා ඇවිත් කියන්නේ…”


“ඔව් පාර්වතී අක්කා.මන් තාම වලව්ව පැත්තටවත් ගියේ නෑ.කොයි යන්නද? මේ දවස් ටිකේම හවස පොඩි උන්ට පන්ති කරනවනේ…”


“හැබැයි වීණා පු0චි මාත්තයා අවුරුදු ගානකට පස්සෙනේ ඔය වලව්වට එන්නේ.ලොකු මාත්තයා වගේ වගේ නපුරුද දන්නෙ නෑ…”


කතාවෙන් කතාවෙන්ම පාර්වතී අක්කා රෙදි හෝදලා ඉවර වෙලා මටත් කියලාම ගියා.මාත් නාගෙනම රෙදිටිකත් අරගෙන ගෙදර ගියා

🌹මගෙ නම වීණා ශිවකුමාර්. මගෙ අම්මගෙ නම චාන්දනී දිසානායක. මගෙ තාත්තගෙ නම රාජා ශිවකුමාර් . අපෙ පව්ලෙ හිටියේ අපි තුන්දෙනා විතරයි.මගෙ අම්මා සින්හල.තාත්තා දෙමළ.අම්මා උඩරට වලව් පරම්පරාවේ සින්හල කාන්තාවක්.අම්මලාට හොදට සල්ලි තිබ්බා.අම්මගෙ දෙමව්පියන් වලව් මාන්නෙන් ඔලුව ඉදිමවගත්තු මිනිස්සු. අම්මාට අයියලා දෙන්නෙක් හිටියා.

ඒ දවස් වල අපේ තාත්තා අම්මලාගෙ ගමට ඇවිත් තිබ්බා ගමේ හිටපු දුප්පත් ළමයින්ට සන්ගීතෙ උගන්නන්න.තාත්තා වීණාව ,බටනලාව, තබ්ලාව එහෙම හොදට වයන්න පුලුවන්.අම්මත් සන්ගීතෙට ආස හින්දා කීප දවසක්ම පන්සලට ගිහින් තිබිලා තියනවා තාත්තා ළමයින්ට සන්ගීතෙ උගන්නන හැටි බලන්න.ඒ යන අතරතුර තමයි දෙන්න අතර හිතවත්කමක් ගොඩනැගිලා ඒක ආදරේකට පෙරලිලා තියෙන්නේ.


මේ සම්බන්දෙ අම්මගේ ගෙවල්වලින් දැනගත්තට පස්සේ සීයයි ආච්චියි අම්මට තදින්ම අවවාද කරලා තියනවා මේක නවත්තන්න කියලා.ඒ විතරක් නෙවෙයි මාමලා දෙන්නව දම්මලා තාත්තට ගස්සවලත් තියෙනවා. මොන දේ වුනත් අම්මයි තාත්තයි ඒ සම්බන්දෙ නවත්තලා නෑ.තාත්තට තියන ආදරේ හින්දම අම්මා කොයිතරම් උත්සහ කරත් ආච්චියි සීයයි ඒ සම්බන්දෙට කැමති වෙලා නෑ.අන්තිමට අම්මා එයාගෙ තියන ඇදුම් දෙකතුනක් අරගෙන තනි කැමැත්තට තාත්තත් එක්ක ඇවිත්. ඒ දවස්වලම ආච්චියි ,සීයයි මාමලා දෙන්නයි කිව්වලු අම්මා මැරුණා කියලා හිතාගෙන දානයක් දෙනවා කියලා.


තාත්තා අම්මත් එක්ක මුල් කාලෙ පදින්චි වෙලා තියෙන්නේ පුත්ටලමෙ ආණමඩුව පැත්තේ කුලීගෙදරක.තාත්තගේ තාත්තා යුද්දෙ කාලෙදි කොටින්ගෙ බෝම්බෙකට අහුවෙලා මැරිලා. ජාතීන් දෙකක වුනත් අම්මයි තාත්තයි දෙන්නම ජීවත් වෙලා තියෙන්නේ හරිම සතුටින් සමගියෙන්. ඒ දවස් වල තාත්තට රස්සාවක් තිබිලා නෑ .

ටික කාලයක් යනකොට තාත්තගේ අම්මා ඇවිත් අම්මවයි තාත්තවයි බලන්න ඇවිත් කතා කරාලු එයාලගෙ ගමට යන්න.අම්මත් ඒකට කැමති වෙලා. ඊට පස්සේ දෙන්නම ජීවත් වුනේ නුවරඑළිය රිවස්ටන් වතුයායේ.
අම්මා හරිම කැමැත්තෙන් තාත්තගෙ ජාතිය, ආගම අනුව හැඩගැහිලා.සාරි ඇදලා ඔලුවේ මල් ගහලා නලලේ තිලකෙ තියලා. මගෙ අම්මා හරිම ලස්සනයි .හැමෝම කියනවා මන් අම්මා වගේම ලස්සනයිලු, සුදුයිලු. හැබැයි තාත්තගෙ වගේ සන්ගීත හැකියාව මට උපතින්ම තිබ්බා.ඒ වගේම ලස්සන කටහඩක් තිබ්බා.


අපි තාත්තගෙ ජාතිය ,ආගම විදියට ජීවත් වුනාට මන් ඉගන ගත්තේ සින්හල ඉස්කෝලේ. මට හොදට සින්හල කතාකරන්න පුලුවන්. හැබැයි මට දෙමළ හරියට කතා කරන්න අමාරුයි.භාෂාව හරියට කතා කරගන්න බැරිවුනාට මන් ඇන්දෙ පැලැන්දෙ ජීවත් වුනේ ටැමිල් විදියට.දැන්මට අවුරුදු විසිඑකයි.

සිතුවිල්ලේම ගෙදරට ආපු මන් රෙදිටික වනලා මිදුල අතුගෑවා. අතුගාලා ඉවර වෙනකොටම ගෙයි කඩුල්ල ගාවින් කව්දෝ මන්දා අවුරුදු විසිපහක විතර පිරිමි කෙනෙක් ආවා. කලු දිග කලිසමයි, අත්දිග ටීෂර්ට් එකයි ඇදලා හිටියේ.


“මාත්තයා කව්ද? කව්රු හම්බෙන්නද ආවේ…” මන් ඉදල අතේ තියාගෙනම එහෙම ඇහුවා.
“ම්ම්ම්…ඔයා වීණා නේද? මතකද මාව….” ඒ මනුස්සයා එහෙම ඇහුවත් මටනම් මතකයක් තිබ්බේ නෑ. කව්ද මේ??🤔🤔මන් කල්පනා කරා.

“අයියෝ වීණා මන් ශාලක.වලව්වේ පොඩිපුතා….දැන්වත් මතකද?…”

එහෙම කියනකොටයි මට මතක් වුනේ වලව්වේ පු0චි මහත්තයව. දෙයියනේ ශාලක මහත්තයා වෙනස් වෙලා තියන තරම.අන්තිමට දැක්කෙත් අවුරුදු දහයකට එකොළහකට කලින්නෙ.


“අනේ පු0චි මහත්තයා මට අදුරගන්න බැරිවුනානෙ.ඒ දවස් වල දකිද්දි ගොඩාක් පොඩීනෙ. මාත්තයා මේ කොහේ යන ගමන්ද?…”


“මන් මේ ටිකක් ඇවිදින්න ආව වීණා.ඔයා අතුගානවා දැකලා මන් මේ නිකන් ආවේ? කෝ අම්මයි තාත්තයි එහෙම….”

“අම්මා ගේ ඇතුලේ ඉන්නවා පු0චි මාත්තයා.අප්පා නම් පොළට ගියා…පු0චි මාත්තයා එනවද තේ එකක් බීලා යන්න…”


“දැන් බෑ වීණා මන් වෙන වෙලාවක එන්නම්.වීණා පස්සෙ වෙලාවක එන්නකො වලව්ව පැත්තෙ… මන් එහෙනම් ගිහින් එන්නම් වීණා…”

පු0චි මාත්තයා ගියාට පස්සෙ මන් කල්පනා කරේ පාර්වතී අක්කා කියපු දේවල්. පු0චි මාත්තයා නපුරු වෙලා නෑනෙ.හරිම හොදයි.ඉස්සර වගේමයි. ඉස්සර මන් අම්මත් එක්ක වලව්වට යනකොට පු0චි මාත්තයා මට එයාගෙ සෙල්ලම් බඩු එහෙම දෙනවා සෙල්ලම් කරන්න.ඒත් මන් පු0චි මාත්තයත් එක්ක වැඩිය සෙල්ලම් කරනවට ලොකු මාත්තයා කැමති නෑ.හැබැයි ලොකු නෝනා නම් මට හරිම ආදරෙයි.මගෙ කටහඩට එයා හරිම ආසයි. බන්ගලාවෙ උත්සවයක් තියනකොට ලොකු නෝනා මට කතාකරනවා සින්දු කියන්න. ඉතින් මාත් ගිහින් සින්දු කියලා ඉවර වුනාම ලොකු නෝනා මට ගොඩාක් තෑගිබෝග දෙනවා.


“වීණා, පුතේ මන් යනවා බන්ගලාව පැත්තෙ ගිහින් එන්න. ලොකු මැනිකේ මට එන්න කිව්වා පොඩ්ඩකට. මන් ගිහින් බලලා එන්නම්.උඹත් එනවද? එනවනම් දොර වහලා යතුර පාපිස්ස යටින් තියලා වරෙන් අප්පා ආවම හොයයි නැත්නම්…”


අම්මා එහෙම කිව්වම මන් ඉක්මනට දුවලා ගිහින් දොර වහලා යතුර පාපිස්ස යටින් තිබ්බා. වෙනදාත් මන් තනියම වගේම අම්මත් එක්කත් බන්ගලාවට යනවා.ඒත් අද බන්ගලාවට යද්දී මොකද්දෝ මන්දා නුහුරු ආසාවකින් හිත පිරීලා ගියා. ❤️❤️ඒ ආසාව දැනුනේ පු0චි මාත්තයා දැක්ක වෙලේ ඉදන්ද?😍 අනේ මන්දා මාත් හිතන දේවල්.

“මොකද පුතේ උඹ කතා නොකර යන්නේ.වෙනදා නම් උඹේ කටට නිවනක් නෑ කියෝනවා ගිරවී වගේ ,ඒකට අද මොකද මේ…”


අම්මටත් මගේ වෙනස තේරිලා තිබ්බා.ඇත්ත නේන්නම් . වෙනදා නම් මන් කියෝනවා කියෝනවා ඉවරයක් නෑනෙ.


“අනේ නෑ අම්මා .නිකන් මන් කල්පනා කරේ.හෙට පොඩි උන්ට පන්තිත් නෑනෙ.ඒ හින්දා හෙට දවසෙම නිදහස්නෙ.ඒකයි….”


මන් අම්මට ඒ විදියට පොඩි බොරුවක් කිව්වා.හැබැයි හෙට නිවාඩුයි තමා.ඒත් මන් කල්පනා කරේ වෙන දෙයක්නේ.🤣😍


“පුතේ වලව්වේ පු0චි මහත්තයා ඇවිල්ලලු.මටනම් ඉස්පාසුවක් නෑ දකිනකම්.පු0චි කාලෙ දැක්කට පස්සෙ දැක්කෙම නෑනෙ…”
“ආ … මට අම්මට කියන්න අමතක වුනානේ දවල් පු0චි මාත්තයා ආවා මන් මිදුල අතුගාද්දී. ඒත් ඉක්මනට ගියා .ඇවිදින්න ආවා කිව්වේ….”

කතාවෙන් කතාවෙන්ම අපි බන්ගලාව දොරකොඩටම ආවා. ලොකු නෝනා මිදුලේ මල්පාත්ති වලට පෝර දමමින් හිටියා.
“ආ වීණා එන්න.මන් මේ වීණාගෙ අම්මට එන්න කිව්වේ මේ කැව්ම්,කොකිස් ටිකක් හදාගන්න උදව් කරන්න කියලා. කොච්චර කවුරු හිටියත් වීණාගෙ අම්මා තරම් රසට උයන්න පුලුවන් කෙනෙක් නෑනෙ….”


කවුරු අපෙ අම්මගෙන් උදව් ඉල්ලුවත් අම්මා කිසිම පැකිලීමක් නැතුව උදව් කරනවා.අම්මා ලොකු නෝනත් එක්ක කැවුම් හදද්දී මාත් උදව් කරන්න වලව්වේ කුස්සියට ගියත් ලොකු නෝනා කිව්වා මට කාමර ටික අස්පස් කරලා දාන්න කියලා.

මන් කොස්ස අරන් හැම කාමරයක්ම අතුගෑවා.අන්තිමට අතුගෑවෙ පු0චි මාත්තයගෙ කාමරේ.
බුදු අම්මෝ 😲😱😱මේකනම් කාමරයක් නෙවෙයි.යක්කු නටපු පිට්ටනියක් වගේ.ඇදේ මෙට්ටෙට දාපු සීට්එක බාගයක් බිම.හැම තැනම හෝදන්න තියන රෙදි.සෙරෙප්පු දෙකක් ඇදඋඩ.

අපොයි 😲😲පු0චි මාත්තගෙ කාමරේ හැටි.කිසිම පිළිවෙලක් නෑ. මීට වැඩිය පිළිවෙලයි අපේ කුස්සිය.
මන් මුල ඉදන්ම ඒ කාමරේ අතුගාලා අස්කරා. හෝදන්න තියන රෙදිටික වෙනම දාලා ඇදසීට් එක හදලා පිළිවෙලට තිබ්බා.පැයක් විතර කාමරේ අස්කරා. දැන්නම් කාමරේ පිලිවෙලයි.


කාමරේ මේසෙ උඩ ෆයිල් එකක් තිබ්බා.මන් නිකමට වගේ ඒ ෆයිල් එක පෙරලලා බැලුවා.ඒකෙ හාෆ්ෂීට් කොලේක ලොකුවට මගේ නම ඉන්ග්‍රීසියෙන් (VEENA)ලියලා තිබ්බා.


මන් පුදුම වුනා.ඇයි පු0චි මාත්තයා මගේ නම මෙහෙම ලියලා තියෙන්නේ. ඒත් මට ඒකට ආස හිතුණා.මන් ඒ කොලේ දිහා ගොඩාක් වෙලා බලන් හිටියා.මගෙ හදවත මොකද්දෝ මන්දා නුහුරු ආසාවකින් වෙලීලා ගියා.මන් ඒ කොලේ ආපහු ඒ ෆයිල් එකෙන් තියලා එන්න හැරුනා. දෙයියනේ පු0චි මාත්තයා කාමරේ දොරකඩ හිටන් හිටියා.මට එකපාරටම බයත් හිතුණා .

“පු0චි මා…මාත්තයා ම…ම…මන් මේ මට ලොකු නෝනා කිව්වේ කාමර ටික අස්කරලා දාන්න කියලා.ඒකයි…මේ…”

“ඉතින් කව්ද ඇහුවේ ඇයි ආවෙ කියලා…” පු0චි මාත්තයා එහෙම කියලා කාමරේ වටේටම බැලුවා .


“වීණා ඔයාට ගොඩාක් ස්තූතියි. මන් කාමරේ තියන් හිටියේ හරියට පිස්සන් කොටුවක් වගේ. වලව්වට ඇවිල්ලා සතියක් ගෙව්නත් මට උවමනාවක් තිබ්බේ කාමරේ අස්කරගන්න.අම්මා නම් හැමදාම බනිනවා…”
“පු0චි මාත්තයා එහෙනම් මන් යන්නම්….”


යනවා කියලා යන්න හැදුවත් පු0චි මාත්තයා මට යන්න නොදී අතින් අල්ල ගත්තා.මාව පුටුවෙන් ඉන්දවලා කබඩ් එක ඇරලා පු0චි පෙට්ටියක් දුන්නා.
“වීණා මේක ඔයාට මගෙන් පු0චි තෑග්ගක්. ඕක කාටවත් පෙන්නන්න එපා. හන්ගගෙන අරන් යන්න…”

පු0චි මාත්තයා දීපු ඒ තෑග්ගත් අරගෙන මන් එලියට ආවා.ඒක සාරියෙ හැට්ටෙ අස්සෙන් තියාගත්තා. කුස්සියට ගිහින් අම්මට කැවුම් හදන්න උදව් කරලා අපි ගෙදර යද්දී හොදටම හවස් වෙලා.

හිතෙන දේ කමෙන්ට් කරන්න😘😘😘😘❣️❣️❣️🌥️⛅💐💐💐🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻💐💐💐💗💗💗💗💗😘😘😘💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹

සියලුම හිමිකම් කතෘ සතුය