ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහා ගරු අග්‍රාමාත්‍ය / නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා සංකල්පයකට අනුව කොළඹ ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා යෝජිත පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ ගරු සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා මහතාට හා නාගරික සංවර්ධන අධිකාරියේ ගරු අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී එන්.පී.කේ. රණවීර යන මහත්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අංශයේ අධ්‍යක්ෂ වරලත් නගර නිර්මාණ ශිල්පී වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය සඳහා සැලසුම් කෙටුම්පත් මේ වනවිටත් නිර්මාණය කරමින් පවති