උදෙන්ම වාහනෙ එලියට දාලා පිච්ච මල් ටිකකුත් කඩලා ඩෑෂ් බෝර්ඩ් එකේ බුදු පිලිමෙ ලගින් තියලා මේ යන්න හදන්නෙ ටිකක් ඇවිදින්න කියලා.
තනියම නෙවේ මගෙ අනාගත බිරිදත් එක්ක.
අනාගත බිරිද,
ඔව් ගෙවල් වලින් කතා බහ කරලා මට හොයලා දීපු සහකාරිය. කැම්පස් ගිහිලත් උබ කෙල්ලෙක් හොයාගතෙ නැති එකේ අපිම ඒකත් කරලා දුන්න කියලා තමයි අම්මනං කිව්වෙ.
මම ගැන කිව්වොත්;
මම දෙනුවන් වීරසේකර, පුංචිම පුංචි ගමක අහිංසක කොල්ලෙක්, හැබැයි උපාධියක් තියන හොද රස්සාවක් තියන පොරක්. අඩුවකට තිබුනෙ පරස්තාවක් විතරයි. දැන් ඒකත් හරි.
මීට කලින් වැඩිය කතා බහ කරල නැති නිසාම අපි දෙන්නට ටිකක් තනියම කතාකරන්නත් එක්ක මේ ගමන යන්න කිව්වෙ ගෙවල් දෙකේම වැඩිහිටියෝ.
නිල් පාට ඩෙනිමට සුදු අත් දිග ශර්ට් එක අත් න්වලා ඇදගෙන කාරෙක පාරට දාගත්තේ දසුනිලාගෙ ගෙදර ගිහින් එයාවත් එක්කරගෙන යන්න.
දසුනි සත්සරනි. ඒ තමා මගෙ අනාගත බිරිද.
“අය්යලා දෙන්නෙකුගෙ ආදරණීය හුරතලී” ලොකු මස්සිනා නිතරම කිව්වෙ එහෙම. අයියලා දෙන්නෙක් ඉන්න නිසාම හොදට ඉගෙනගෙන තිබුනත් රස්සාවක් කරලා නෑ.
ගෙදරට ගොඩවෙනකොටම දසුනිගෙ අම්මා(මගෙ අනාගත නැන්දම්ම)
” ආ පුතා උදෙන්ම ඇවිල්ලනෙ”
කියාගෙන මාව පිලිගන්න ආවෙ දත් 32ම පේන්න පනාව දාගෙන, ඉහේ මල් වත්තක්ම තියාගෙන. නැතුව බෑනේ අනාගත බෑනනෙ පිලිගන්න. එක පිලිගතා ආයෙ මදි නොකියන්න.
“කෝ දසුනි”
කියාගෙන මම එතන තිබුන පුටුවකට බර දුන්නා.
“ඔන්න තාම ලෑස්ති වෙනවා මයෙ හිතේ”
කියාගෙන අම්ම කුස්සිය පැත්තට ගියා.
දසුනි ලෑස්ති වෙනකන් පොඩි මස්සිනත් එක්ක කයියක් දාගෙන හොද හැලප ගෙඩි දෙක තුනකටයි තේ කෝප්පෙකටයි වග කියලා දැම්මා. එතකොටම ඔන්න දසුනිත් ආපි එලියට, අෆ්ෆා මේකිගෙ හැඩ හරියට කතාප් වෙලා වගේ මෙයත් නිල් ඩෙනිමට සුදු ටී ශර්ට් එකක් ඇදලා එදා බුලත් හෙප්පුවත් අරගෙන මගෙ ලගට ලැජ්ජාවෙන් ආපු කෙල්ලමද මේ, පුලුවන් නම් දැම්මම උස්සන් යනවා. කොහෙද ඉතින් තාම නීතියෙන් අවසර නෑනෙ.
කොහොමින් කොහොම හරි දසුනිගෙ අම්මටයි තාත්තටයි වැදලා පිටත් උනේ යන තැනක් යනගමන්ම කල්පනා කරනවා කියලා හිතලා. ටික වෙලාවක් ඔහොම ආවත් මේකිගේ කිසිම නෑනෙ හාවක් හූවක්, යකෝ මෙහෙම ගොලු කසාය බීලා වගේ නම් මේ ගමන යන්න බෑ.
” දසුනි ඔයා දන්නවද අපි මේ කොහෙද යන්නෙ කියලා”
බැරිම තැන මම ඇහුවා.
ම්ම්ම්හුහ්
කිසිම ප්‍රතිචාරයක් නෑ.
අඩේ අෆ්ෆා කෙල්ල බය වෙලාවත්ද, මොන ඔය ඉන්නෙ ඉටි පිලිමෙ වගේ.
ටික වෙලාවකින් හිමීට මං දිහා බැලුවෙ යනතැන දැනගන්න වෙන්න ඔනේ දෙන්නං උබට.
හිමීට සාක්කුවෙන් 4න් එක අරන් කනෙ තියාගෙන
“ආ ඔව් මචන් කතා කරන්න බැරි කෙල්ලෙක් හොයා ගත්තා ඕ…ව් ඔව් වචනයක් වත් කියවෙන්නෙ නෑ අඩේ මේකිවත් බිල්ලට දුන්නනාම මට කතා කරන්න පුලුවන් කෙල්ල්ක් හම්බෙයි නේද.”
“හිචිස්.. ” මෙන්න බොලේ මෙච්චර වෙලා කල්පනා කර කර හිටිය කෙල්ල බඩ අල්ලන් හිනාවෙනවා. හිනාවනකොට කෙල්ලො මෙච්චර ලස්සනද අප්පා . ආසාවෙ බෑ.
“ඔයා මාව එක්ක යන්නෙ බිලිදෙන්නද?”
මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු කෙල්ල ඔන්න සුවිච් එක ඔන්කරලා.
“පිස්සුද හලෝ එහෙමත් කරනවද, අපෙ අම්ම මාව කයි
ඔන්න ඇගිලි ගැන ගැන ඉන්නෙ ලේලි පොඩ්ඩව ගෙදර ගේනකන්”
මම එහෙම කියන්කොටම ඒ සුදු මූන ටිකක් අදුරු උනාවගේ
සමහරවිට ගෙදර අය දාලා යන්න වෙන එක ගැන හිතලා වෙන්න ඇති.
“ඔයා කොහෙද යන්නද කැමති”
දඹුල්ල ටවුන් එකට වාහනේ දානවත් එක්ක මම ඇහුවා
“ඔයාට කැමති දිහාවක්”
අපායට උනත්, කියලා අහන්නත් හදලා
“එහෙනම් ජය ශ්‍රී මහ බොධියයි මහ සෑය වදින්න යමුද?”
කෙල්ල කැමති වෙයිද දන්නෙත් නෑ. කිසිම දවසක ආදරේ කරන්න කියලා කෙල්ලෙක් එක්ක කොහෙවත් ගිහින් නැති මම දන්නවැයි ඔවා .මම දන්න හොදම තැන තමා ඔය.
මෙන්න එකපාරටම පුදුමෙන් වගේ කෙල්ල මගෙ දිහා බලපි
“අනේ බබා මම ඔය ආදරේ කරන හැටි ඒ තැන් නම් දන්නෙනනම් නෑ ඔයා මොකද කියන්නෙ”
“අනේ මම හිතුවෙත් මහ සෑයට ගියොත් හොදයි කියලා”
මෙන්න යකෝ මාරම හැපි එකෙන් කෙල්ල කියනවා.
මේකි කතා කරන්න පටන් ගත්ත එකෙ ඔය මොනවා හරි කිය කිය යනවා නැත්තම් ආයෙ සුවිච් එක ඕෆ් කර ගත්තොට් ගොලුවො වගේ තමා අනුරාධපුරේටම යන්න වෙන්නෙ. එහෙම බෑනේ අපි දෙන්නට දෙන්න අදුර ගන්නමනෙ මේ ගමන ආවෙත්.
“දසුනි ඔයා මට කැමති උනෙ දැකපු ගමන් ආදරෙ හිතුනද?”
“නෑ”
“එහෙනම්”
“දැකපු ගමන් ආදරේ හිතෙනවා කිවුවොත් ඒක බොරුවක් දැකපු ගමන් කැමැත්තක් ඇතිවෙන්න පුලවන් හැබැයි දැකපු ගමන් ආදරයක් ඇති වෙන්නෙ නෑ.”
“යකඩෝ……මේකනම් මටම හරියන එකක් තමා මොකද ඔය ප්‍රස්නෙ මගෙන් ඇහුවනම් මම දෙන උත්තරෙත් ඕකම තමයි.
“එතකොට ඔයාට මම ගැන කැමැත්තක් තියනවා”
“ඔව්
නැත්තම් මම ඔයත් එක්ක මේ ගමන එන්නෙ නෑනෙ”
“අයියා ආදරෙ කරලා නැද්ද මීට කලින්”
“තියනවා ඉස්කෝලෙ යන කාලෙ අපෙ පන්තියේ ගෑනු ලමයෙක්ට හැබැයි මට ඒක කියාගන්න බැරි උනා මොකද් ඒ වෙනකොටත් එයාට වෙන කොල්ලෙක් හිටියා.
ඊට පස්සෙ කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්නකොටත් බැජ් එකේ කෙල්ලෙකුට ආදරේ කලා ඒකත් කියාගන්න බැරුව ඉන්නකොට එයා වෙන කෙනෙක් එක්ක යාලු උනා.
මම හිතන්නෙ ඒ දෙකම අර වගේ කැමැත්තක් වෙන්න ඇති.ඊට පස්සෙ මම ඒවා ගැන වැඩිය උනන්දු උනෙ නෑ”
“හැබැයි දැන්නම් උනන්දු වෙන්න වෙයි වගෙ”
කෙල්ලගෙ මූන බලාගෙන එහෙම කියද්දනම් ලැජ්ජාවටද කොහෙද
“හ්ම්ම්ම්..”
කියලා හිමීට බිම බලා ගත්තා.
ඔන්න කොහොම හරි කතවෙන් කතාවෙන් ශ්‍රී මහ බෝධිය ලගටත් ඇවිල්ලා
වාහනෙන් බහිනකොටම මල් විකුනන අයගෙ සද්දෙ පටන් ගත්තා එතෙන්ට එන්නලු මෙතෙන්ට එන්නලු එක විකාරයයි
ඔන්න ඉතින් දසුනි ගිහින් මල් මිටියකුත් අරගෙනම ආවා
ඊට පස්සෙ ජය ශ්‍රී මහ බෝධිය වැදලා මහ සෑය පැත්තට ඇවිදගන ගියා ඒ යනකොටනම් හැබැයි වැඩිය කතා කලේ නෑ. මොනවා උනත් ඒ වෙලාවෙනම් කෙල්ලගෙ පුදුම සංවරකමක් තිබුනෙ මූනෙ පින් පාර පිරිලා.
මහ සෑයට මල් තියලා මලුව දිගේ වටයකුත් ගිල්ලා කෙල්ලගෙ සද්දයක් නැතුවට බලනකොට මෙන්න බොලේ අයිනකට වෙලා කෙල්ල භාවනා කරනවා මමත් ඉතින් එතනම වාඩි වෙලා කෙල්ල ඇස් අරිනකන්ම ඒ පින් පාට මූන දිහාම බලාගෙන හිටියා.
විනාඩි විස්සකට විතර පස්සෙ ඔන්න කෙල්ල ඇස් දෙක ඇරියා.
“පුදුම උනාද “
“නෑ ආස හිතුනා”
“ඇයි”
“මෙච්චර පින්වන්ත කෙනෙක් මගෙ බිරිද වෙනවනෙ කියලා හිතුනම”
එතකොටනම් කෙල්ලගෙ මූන ටිකක් වෙනස් උනා පස්සෙ ආයෙම හීනියට හිනා වෙලා
“මම මෙතෙන්ට එන හැම දවසෙම මෙහෙම භාවනා කරනවා හිතට ලොකූ සැහැල්ලුවක් දැනෙනවා එතකොට”
එහෙම කියනකොටම මම ඒ අත් දෙකෙන් අල්ලගතා
දැන් කෙල්ල මගෙ මූන දිහා බලාගෙන
“දසුනි මේ පින් බිමේ ඉදලා මේ කියන්නෙ, ඔයා මේ හිතට හොල්ලලා ඉවරයි එදා ඔයාව බලන්න ඉස්සරලාම ඔයාලගෙ ගෙදර ආපු දවසට වඩා හැගීමක් ඔයා ගැන තියනවා මීට කලින් කවමදාවත් කෙල්ලෙකුට ආදරේ කියලා නැති මම මේ මහ සෑය දිහා බලාගෙන කියන්නෙ මම ඔයාට ආදරෙයි”
කියලා ඒ නලල ටිකක් හිමීට සිපගත්තා.
කෙල්ල නිකන් බය වෙලා වගේ මුකුත් නොකියම මගෙ මූන දිහා බලාගෙන හිටියා මම හිතන්නෙ සප්‍රයිස් වෙන්න ඇති.
කතා කරගන්න පුලුවන් වෙච්ච පලවෙනි තප්පරේම කෙල්ල,
“අපි මෙතනින් යමුද”
“යමු එහෙමනම්”
කියලා අපි දෙන්නම් එතනින් එන්න ආවෙ තිසා වැව බලන්න යන්න හිතාගෙන
මම කියපු දේට දසුනි මොකුත් නොකියපු නිසාම
“දසුනි ඔයා මම කියපු දේට උත්තරයක් දුන්නෙ නෑනෙ”
“දසුනි…… දසුනී….”
බර කල්පනාවක හිටපු කෙල්ල එකපාරට ගැස්සිලා වගේ මං දිහා බැලුවා
“ඇයි කෙල්ලෙ මොකක් හරි අසනිපයක්ද”
“නෑ නැ… අයියා මොකද්ද ඇහුවෙ”
“නෑ මේ මම ඔයාට ආදරේ කරනවා කියලා කිව්වා ඔයා ඒකට මුකුත් කිව්වෙ නෑනෙ”
එහෙම කියලා ටිකක් වෙලා යනකන් කිසිම සද්දයක් නැතුව ටික දුරක් ගියා මම ආයෙ දසුනි දිහා බැලුවේ එහා හූල්ලනවා වගෙ දැනුනු නිසා මෙන්න බොලේ මේකිගෙ ඇස් වල කදුලු
මම වාහනේ නවත්තලාම
“දසුනි… ඇයි රත්තරන් මේ… කියන්නකෝ”
ඒ පාර මෙන්න මෙයා ඉකි ගගහා අඩනවා මටත් හිතාගන්න බැරුව හිටියේ
“දසුනි මැනික කියන්නකො ඇයි අඩන්නෙ”
කියලා මම කෙල්ලව මගේ උරහිසට හේතු කරගතා
ඔහොම විනාඩි 20ක් විතර මම අඩන්න දීලා බලාගෙන හිටියා ඇඩිල්ලෙ තරම කියන්නෙ මගේ ශර්ට් එකත් දැන් සෑහෙන්න තෙමිලා. ඔන්න අඩන එක දැන් නතර උනා.
“දැන්වත් කියන්නකො රත්තරන් මොකද උනෙ කියලා ඔයා මට කැමති නැද්ද, කියන්න මොනවා හරි කියන්නකෝ මැනික”
“අනේ අයියේ මම ඔයාට කැමති නැ නෙවේ ඔයාට ඔනවටත් වැඩිය කැමතියි ඔයා අද මේ එක්ක ගිය ගමනත් එක්ක ඒක තවත් වැඩි උනා, වෙන කෙනෙක්නම් පාර්ක් එකකට හරි ෆිල්ම් හෝල් එකකට හරිනෙ එක්ක යන්නෙ ඔයා එහෙම නෑ’
“එහෙනම්”
“ඒත් අයියෙ මම පන වගේ ආදරේ කරන මට පන වගේ ආදරේ කරන මගෙ අවුරුදු 4ක ආදරේ, රජිත එයා මම වෙනුවෙන් බලන් ඉන්නව අයියේ.
“හ්ම්ම්ම්හ්… එහෙමත් එකක්ද”
මොනවද වෙන්න යන්නෙ කියලා මට තෙරුනෙ නෑ
“දැන් ඔයාලගෙ ගෙදරින් මේක දන්නවද?”
“නෑ අයියෙ නෑ හැබැයි අයියලා දෙන්න කවදාවත් මෙකට කැමති වෙන්නෙත් නෑ අනික කොහොමද මම මගෙ රත්තරන් අයියලා දෙන්නගෙ හිත රිද්දවන්නෙ,
එයාලගෙ හුරතලී හොරෙන්ම වෙන කෙනෙකුට ආදරේ කරනවා කියලා දැනගද්දි එයාලට ගොඩක් දුක හිතෙයි”
“ඇයි ඔයා එහෙම කියන්නෙ ඒ ඔයාගෙ අයියලනෙ”
((🌎🌎මම මෙ හරිය ලියනකොට තමයි හරියටම 2019 අවුරුද්ද ඉවර වෙලා 2020 අලුත් අවුරුද්ද උදා උනේ🌏🌏))
“එයා ටිකක් දුප්පත් අය්යෙ, තාත්ත නෑ අම්ම විතරයි ජොබ් එකත් මහ ලොකු එකක් නෙවේ අයියෙ”
“ඉතින් ලමයො වෙන දෙයක් වෙන්න ඔයා කියන්න එපැයි”
“ඔයා දන්නෙ නෑනෙ අපේ අයියලාගෙ හැටි, අනික දැන් කොහොමත් කියන්න බෑ අපෙ කසාදෙත් තීන්දු කරලා තියදී”
“හරි නංගි ඔයා එයාට එච්චරම ආදරෙද?”
“ඔව් මගෙ ආදරේට එයා කවමදාවත් වරදක් කරලා නෑ බොරුවට පාරවල් ගානෙ ආදරේ කලේ නෑ මාව වැරදි විදිහට අල්ලලාවත් නැහැ”
ඒ පාර මේකි සෝකය ප්‍රකාශ කරනවා
හරිනම් මමයි මෙතන අඩන්න ඔනෙ කමන්නෑ කාන්තාවන්ටම අවස්තාව දෙනවා.
“අය්යම හිතන්න අයියෙ එහෙම කෙනෙක්ව අතෑරලා තව කෙනෙක්ට ලං වෙන්න පුලුවන්ද”
බැරුව ඇති නේද ආදරේ නොකරම මට මගෙ පලවෙනි ආදරේ අමතක කරන්න බැරිවුන එකේ.
“ඔව් නංගි මට තේරෙනවා ඔයා කියන දේ.ඔයාලගෙ ආදරේ ඇත්තනම් ඔයාලා අනිවාර්යයෙන්ම එකතු වෙයි”
මගේ හිතට කවමදාකවත් නොදැනුනු වේදනාවක් එවලෙ දැනුනා මුලු හිතම කඩන් වැටුනා වගේ.මුලු ලෝකෙන්ම තනිවෙලා වගේ දැනෙද්දි මම කිවුවා
“හ්ම්ම්….”
කියලා ටික වෙලාවක් නිහඩව හිටපු කෙල්ල
“දෙනුවන් අයියෙ”
කෙල්ල මගෙ නම කියලා ඒ වෙලාවෙ කතාකපු විදිහට කල්පනා ලොකේක තනිවෙලා හිටපු මටමොකදෝ හුරුපුරුදු කමක් දැනුනා ඒත් මම ඉස්සරහ බලාගෙනම
“ම්ම්ම්..”
“අයියා ගොඩක් හොද කෙනෙක් අයියෙ අයියත් එක්ක ගෙවපු මේ ටික වෙලාවෙන් මට ඒක දැනුනා, ඔය මහ සෑයට යමුද අහපුවහම මට පුදුම හිතුනා මෙහෙම කොල්ලොත් ඉන්නවද කියලා”
ඒපාර කෙල්ල මයික් එක අරගෙන අතාරින්නෙම නෑ
“අයියා කිවුවා නේද මීට කලින් කාටවත් ආදරේ කියලා කටින් කියලා නෑ කියලා”
“ඔව්”
“එතකොට ඔයා ආදරෙයි කිව්ව පලවෙනි කෙල්ල මම නෙද
අනෙ මට සමාවෙන්න අයියෙ අයියගෙ පලවෙනි ආදරේම මෙහෙම මරලා දානවට, මට සමාවෙන්න රත්තරනේ. අයියෙ මගෙ ආදරේ තිබුනෙ නැත්තම් මම අයියට අනිවාර්යයෙන්ම කැමතියි අයියෙ. මට සමාව දෙන්න අයියෙ”
ඒ පාර මෙකි මෙන්න සමාව භාජනයක දානවා මොනව උනත්
කෙල්ල ඒකනම් කිව්වෙ හදවතින්මයි කියලා ඒ කියපු තාලෙන්ම තේරුනා
“ඒක කමක් නෑ නංගි ඔයාගෙ ආදරේ වෙනුවෙන්නෙ සමාව ඉල්ලන්න ඔනි නෑ”
“අනේ අයියා….කොහොමද ඔය ඉවසගන ඉන්නෙ පොඩ්ඩක්වත් දුකක් නැද්ද?”
දුක නැද්ද අහනවා දුකයි කියන්නෙ පට්ට දුකයි ඒත් මම ඕවා බොර්ඩ් ගහලා පෙන්නන්න යන්නෙ නැනෙ. මම මුකුත් නොකියා හිනා උනා.
“මම කිව්වෙ අයියගේ හිත හොදයි ඔක්කොම ඉවසගෙන ලසනට හිනා වෙලා ඉන්නවාඅයියට හොද ගෑනු ලමයෙක් හම්බෙනවමයි අයියෙ”
“බලමුකෝ”
“දැන් එහෙනම් අපි යමු වෙලාත් ගිහින් ගොඩක් වැඩිය හිහන්න එපා”
මමත් මොනවා කියනවද දන්නෙ නෑ හරිනම් මටමනෙ කියාගන්න ඔනේ වැඩිය හිතන්න එපා අල්ලලා දාපං බං කියල්ලා
ඊට පස්සෙ වැඩි කතා බහක් නැතුවම අපි දෙන්න දසුනිලාගෙ ගෙදර ආවා. කෙල්ලව ගෙදර ලගින් බස්සවලා
“මම එහෙනම් යන්නම් නංගි”
“අනෙ ගෙට එන්නෙ නැද්ද”
“දැන් බෑ න්ංගි මට වෙන වැඩකුත් තියනවා අනික දැන් ඔතෙන්ට ඇවිල්ල අම්මා අහන දේවල් වලට දෙන්න මට උත්තර නෑ නංගි අම්මට කියන්න මහන්සි නිසා ගියා කියලා”
“මම යන්නම් නංගි පරිස්සමින් සතුටින් ඉන්න”
“අයියත් පරිස්සමින් යන්න අයියේ ආපහු සැරයක් මට සමාවෙන්න”
ඒ වචන ටික ඇහුනෙ මට ලාවට වගෙ මොකද එයා එහෙම කියනකොට මම වාහනෙ හරවලත් ඉවරයි.මම ඈතට යනකන්ම දසුනි වාහනේ දිහා බලාගෙන ඉන්නවා මම සයිඩ් කන්නාඩියෙන් දැක්කා. තව ටිකක් ඈතට යද්දි දසුනි පුංචි තිතක් වෙලා නොපෙනිම ගියා
“හ්ම්ම්… “
මීට කලින් හිතින් දෙන්නෙකුටම ආදරේ කලත් ඒ දෙන්නවම දසුනි තරම් හිතට ඇල්ලුවෙ නෑ මම හිතන්නෙ ඒ වයසට තියන ආකර්ශනය වෙන්න ඇති හැබැයි දසුනි ගැන මට මට ආදයක් ඇති උනා. ඒක උපන් තැනම මියැදුනත් කලින් ඒවට වඩා මේක ගොඩක් වෙනස් කියලා තේරුනා.
මට නොලැබුනත් කෙල්ලව සතුටින් තියන්න ඔනෙ කියලා
මම කෙලින්ම ගියේ දසුනිගේ ලොකු අයියගෙ ඔෆිස් එකට.
“ආ මස්සිනා කොහොමද ගමන, මනමාලි හිතට ඇල්ලුවද”
“ගමනනම් හොදයි… ඒත්…”
“ඇයි දෙනුවන් මල්ලි ඒත් කිව්වෙ මොකක් හරි අවුලක්ද”
“හ්ම්ම්ම්..”
කියලාවිස්තරෙ පටන් ගනිද්දිම
“මොකක් අපෙ නංගිට වෙන සම්බන්දයක් තියනවා…”
යකෝ මූ මගෙ ඇගට පැන්නෙ හරියට මම කරලා දීපුවා වගේනෙ,
“දැන් දැන් කවුද ඌ”
නමක් ගමක් දන්නෙ නම් නෑ හැබැයි මනුස්සයෙක්
එහෙම කියන්නත් හදලා ආයෙ වචන ටික ගිල්ලා යකෝ මම දන්නවැයි ඒක
“කෙනා කවුද කියලනම් දන්නෙ නෑ අයියෙ”
“හරි මම නංගිගෙන් අහන්නම්කො, ඒත් මේකිට මට කියන්න තිබුනා ඒකිගෙ දුක සැප සේරම බැලුවෙ මම”
“ඔව් අයියා අහන්න හැබැයි බනින්නනම් එපා මොකද දසුනි ඔය දෙන්නට හරි ආදරෙයි අනිත් එක කෙල්ල මේ ගැන කලින් කියලා නැත්තෙ ඔයාලා අකමැති වෙයි කියන බයට මොකද කොල්ලා ටිකක් දුප්පත්ලු
ඒ උනාට”
“ඔව්”
ඒ දෙන්න ගොඩක් ආදරේ කරනවා අයියෙ මට ඒක දැනුනා ඇවිදින්න ගිහිල්ලත් කෙල්ල මගෙ ලගින් ටිකක් ඈත් වෙලා හිටියෙ ඒ ආදරේට වැරැද්දක් වෙයි කියලා වෙන්න ඔනෙ අයියෙ. ඒ දෙන්නව එකතු කරන්න අයියෙ ඒක ලොකු පිනක්”
මමත් මයික් එක ඇතෑරියේ නෑ කියලා දැම්ම
“දුප්පත් කියන එකනම් මම වැඩිය ගනන් ගන්නෙ නෑ නංගිව හොදින් බලාගන්න පුලුවන් නම් එච්චරයි ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මල්ලි ඇයි මේ දෙන්නව එක්කතු කරන්න මෙච්චර උත්සහ කරන්නෙ වෙන කෙනෙක්නම් මෙහෙම කරන්නෙ නෑනෙ”
“මොකද කිව්වොත් මමත් දසුනිට ආදරේ කරනවා”
“ඉතින් ආදරේ කරනවනම්”
“ආදරේ කියන්නෙ එහෙම තමා තමන්ට නොලැබුනත් ඒ ආදරේ සතුටු කරන එක එකත් ආදරේම තමා”
මටත් මේ වචන කොහින් එනවද මන්ද එක දවසට අප්ඩේට් වෙලාද කොහෙද.
මොනවා උනත් පොර මම හිතුවට වැඩිය හොදයි නෙ. මම හිතුවෙ මෙතන යකා නටයි කියලා
“හරි මල්ලි මම මේක ගෙදර අයත් එක්ක කියන්නම්
එතකොට මල්ලිට තමා මෙතන අසාධාරණේ උනෙ නේද? “
පොර ඒක කිව්වෙ බොක්කෙන්ම කියලා තේරුනා
“කමක් නෑ අයියා කාට හරි හොඳක් වෙනවනම්. තව දෙයක් අයියෙ, මම මේ දේවල් කිවුවා කියලා දසුනිට කියන්න එපා. එයාම ඔයාට කියයි. එතකන් ඉන්න. මම එයාට කිව්වා බය නැතුව අයියාට කියන්න කියලා”
එහෙම කියාගෙන මම එලියට ආවෙ සතුටට වගේම දුකටත්
ඇස් දෙකේ මෝරන කදුලු අයියා දකී කියන බයටත් එක්කමයි.
ගෙදර එනතුරු මම කල්පනා කෙරුවෙ මගෙ අම්මට මම මොනවද කියන්නෙ කියලා. මොනවා කියන්නද ඔන්න ඔහෙ ඇත්තම කියනවා
“පුතාට දුක නැද්ද “
විස්තරේ කිව්වට පස්සෙ අම්ම ඇහුවා.
“නැත්තෙමත් නෑ අම්මා ඉතින් මොනවා කරන්නද? මේ හිටියා වගෙ ඉන්න එකනෙ තියෙන්නෙ”
මම අම්මගෙ උකුලෙ ඔලුව තියාගන්න ගමන් කිව්වා
“කමක් නෑ පුතා ඔයා කරපු දේ හරි”
අම්ම ඒ ටිකනම් කිව්වෙ මගෙ ඔලුවත් අත ගගා
“හ්ම්ම්ම් …
බලමුකෝ….
ලංකාවෙ කෙල්ලො නැතුවයැ, එහෙනම් දැන් ඇඟපත හෝදගෙන එන්න කෑම කන්න. අද දවසට කාලත් නෑනෙ”
කියලා වැඩක් නෑ. යක්කු දුසිමක් කන්න බඩගිනියි. මේ දෙවල් අස්සෙ කොහෙද කෑමට වෙලාවක් තිබුනෙ. උදේ දසුනිලාගෙ ගෙදරින් කාපු හැලප දෙකයි පේන්ටියයි විතරනෙ. ඒකත් කැලනි පාලම යටින් පොල් කෙන්දක් ගියා වගෙ, මේවා අමතක කරලා කාලා බීලා ජොලියෙ ඉන්න ඔනි නැද්ද
🌎🌎🌎🌎👉වසර 6කට පසු
“දෙනුවන් අයියේ….”
රුවන්වැලි මහ සෑය දිහා බලන් හිටපු මම එකපාරටම පුදුමෙන් වගේ බැලුවේ මගෙ නම කියලම කතා කෙරුවෙ කවුද කියල
“දසුනි…ඔයා”
කෙල්ල ඉස්සර වගේම ලස්සනයි
“ඉතින් කොහොමද නංගි අවුරුදු 6කින් විතර නේද මේ හම්බුනේ”
“ඔව් නේද අයියේ වරදක් නෑ හොදින් ඉන්නවා”
“අම්මා…… තාත්තිට මාව වඩාගන්න කියන්නකො”
කියාගෙන පොඩි දරුවෙක් දුවගෙන ඇවිත් දසුනිගෙ අතේ එල්ලුනා, පිටිපස්සෙන් ආවේ රජිත වෙන්න ඔනි
“අයියෙ මේ මගේ පුතා, මේ මගෙ මහත්තයා රජිත
අපි දෙන්නට ගෙදරින් කැමති උනා අයියේ”
“එහෙමද ඒකනෙ මම කිව්වෙ අයියට කියලා බලන්න කියලා ම්ම්…චූටි පුතාගෙ නම මොකක්ද……..?”
“දෙනුවන්”
මොකක් යකෝ මගෙ නමනෙ
“ආ ඔව් අයියේ කියන්න අමතක උනා මෙයා දෙනුවන් ලොකු අයියා තමයි නම තිබ්බෙ, මෙයාගෙ අවුරුදු 5 සම්පූර්ණ වෙනකොට ඔප්පු කරන්න බාරයක් තිබුනා ඒකට අපි තුන් දෙනාම ආවෙ”
මට මීට කලින් මමයි දසුනියි මෙතනට ආපු ගමන මතක් උනා
“අනේ මට අහන්නත් බැරි උනා අයියා තනියමද ආවෙ”
“ඔව් නංගි මම මේ ලගට ආපු ගමන් වැදලා යන්න කියලා ආවෙ”
“වයිෆ් ගෙදරද අයියෙ බබාල එහෙම සනිපෙන් ඉන්නවද”
මේවට මම මොනවා කියන්නද ඉතින් කට කොනකට හීන් හිනාවක් දාලා
“මම බැන්දෙ නෑ නංගී”
“අනේ”
“හිතට හරියන කෙනෙක් හම්බුනේ නෑ නංගි”
“හරි එහෙමනම් ඕගොල්ල හිමීට්ට එන්න මට පරක්කු උනා මම යනවා බුදු සරනයි නංගි තුන් දෙනාටම”
තවත් එතන හිටියොත් මගෙ කදුලු ඇහැරෙන නිසා මම එතනින් එන්න ආවා…..
………….නිමි…………
@Rasika Dilshan