හත්වෙනි චණ්ඩිකම…

—————————————————————————————————————

“තමුන් මොකද මෙහේ…??”

හිත ගැස්සිලා යන තරම් සැරෙන් අපේ අලුත් පොලිස් මහත්තයා ඇහුවා.. ඉස්සර අපේ ස්කෝලේ ප්‍රින්සිපල් මැඩමුත් ඔහොමයි..

මං බිම බලා ගත්තා…

“පැමිණිලි ලියන්නේ අර පැත්තේ…”

දේව් මට එහෙම කියමින් යන්නයි හැදුවේ…

“මේ පර්ස් එක…”

මගේ අතේ තිබ්බ පර්ස් එක උදුරලා වගේ එයා ඇදලා ගත්තා…

දෙන්න තමයි ගෙනාවේ.. ඕකට ඇදලා ගන්න ඕනද..??

“දුන්නනේ.. දැං යනවා..”

අපොයි.. මෙයාගේ ලොකු ලයින් එක..

ආඩම්බරකාරස්ම තමයි..

මං ඒ මූණට රවලා හැරිලා එළියට යන්නයි හැදුවේ..

“තැන්ක් යු…”

මට එහෙම ඇහුණද මන්දා…

මං ආපහු හැරිලා බලද්දි මටත් වඩා වේගෙන් පොලිස් මහත්තයා හැරිලා ගිහිල්ලාත් ඉවරයි..

එයා නොදැක්කට මොකෝ එයාට ගස්ස ගෙන මං එළියට ආවා..

පුංචි කාලේ පුරුද්දටද මංදා මට ආයෙම හැරිලා බැලුණා… පොලිස් ඉස්ටේශන් එක.. එදා වගේමයි.. මාත් එක්ක හිනා වුණා…

අප්පච්චි ඔයත් හිටිය නම් මේ පොලිසිය මීට වඩා සුරපුරයක් වෙයි.. ඒත් ඔයා කලින්ම යන්න ගිහින්.. මගෙ අම්මවත් අරන්…

නෑ.. යන්න ගියා නෙවෙයි.. ඔයලව යැව්වා…

මං වාහනෙත් අරන් ආවේ පොළට.. කුස්සි අම්මව ගන්න ඕන හින්දා..

මං එතනට යද්දිත් කුස්සි අම්ම පාර අයිනේ. එළවළු අරගත්තු පාටක් නම් නෑ..

“කෝ කුස්සි අම්මේ.. එළවළු අරන් නෑනේ..?”

“අනේ පුංචි බේබි යමු.. අද කප්පම් ගන්න දවසලු.. අරහේ ගහ ගන්නවා බේබි.. අපි යමු…”

“කාගේ කප්පම්ද කුස්සි අම්මේ…?? ”

“රණාගේ…”

හරි මට පැහැදිලියි.. අද පොළ දවස. මුන් එදාට දුප්පත් අසරණයන්ගෙන් කප්පම් ගන්නවා..

ගම වටේ ඇවිදලා විකුණ ගන්න දෙයක් හොයන් මේ මිනිස්සු පොළට එන්නේ සමහරදාට පාන්දර බස් එකේ..

කන්න වේලවත් නොකා උගුර ලේ රහවෙනකම් කෑ ගහලා කෑ ගහලා එළවලු ටිකක්, පළා ටිකක් විකුණලා හම්බෙන සොච්චමෙන් මේ අහිංසක මිනිස්සු ජීවත් වෙන්නේ..

මේ පව්කාරයෝ ඒ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙනුත් කප්පම් ගන්නෝ.. මීට වඩා හොදයි මුන් හිඟා කෑව නම්..

මොකද කරන්නේ…?? දැක දැකත් නොදැක්කා වගේ යන්නත් බෑ..

“කුස්සි අම්මේ පොඩ්ඩක් ඉන්න.. කෝල් එකක් අරන් එන්නම්. කාර් එකට නගින්නකෝ..

මං දේව්ගේ නම්බර් එක ඩයල් කර අලුත් ෆෝන් එක ඔන් කරලා..

දෙපාරක් රින්ග්ස් යද්දිම ආන්ස්වර් කරා..

” ඒ සී පී.. දේව්…”

“ඉයස් ඉස්පීකින්..”

ආඩම්බරස්ගේ රැස් නම් අඩු නෑ..

“තමුන් පොලිස් ඉස්ටේශන් එක ඇතුළේ තනි රකින්න.. මෙහේ දුප්පත් අසරණ වෙළෙඳෝ කප්පම්කාරයොන්ගෙන් ගුටි කනවා….”

“කවුද මේ..?”

ආඩම්බරස්ස් කලබල වෙලා වගේ.. ඔව්.. ඔයාව කලබල කරන්නයි මටත් ඕන..

“මං කවුරු වුණත් ඔයාලගේ පැත්තේ කෙනෙක්.. බෝ ගහ ගාව පොළට එන්න. ”

“පස්සේ කතා කරමු..”

දේව් මුකුත්ම කියන්න කලින් ෆෝන් එක කට් කරලා ඕෆ් කරලත් දැම්මා..

දැං බලමු එයා ඒවිද කියලා. මං කාර් එකට නැග්ගත් එතනින් නොගියේ දේව් ඒවිද නැද්ද කියලා මට හරියටම විශ්වාසයක් නොතිබුණ නිසා..

තවත් විනාඩි දහයකින් පොලිස් ජිප් එක ඇවිත් නතර කරා…

ඒ කඩවසම් පොලිස් රුව පෙනී නොපෙනී යද්දිම මං වාහනේ අරන් ගෙදර ආවා..

කප්පම්කාරයෝ අල්ලා ගත්තා න්ම් මට ඇති…

දේව්.. මට ඔයාට එළි පිට උදව් කරන්න බැරි වෙයි. ඒත් මං උදව් කරනවා..

එදා රෑත් අයියා ගෙදර ආවේ නෑ..

මට ආරංචි වෙච්ච විදියට කප්පම් ගන්න ආපු පස් දෙනෙක් පොලිසියට අහු වෙලා අරන් ගිහින් තියෙනෝ..

මං ඒ නිවුස් එක දැන ගත්තු ගමන් අර ෆෝන් එකෙන් මැසේජ් එකක් දැම්මා වෙල් ඩන් කියලා..

අන්න එතකොට නම් අලාට් වැටුණා අර ආඩම්බරස්ස් මට තුන් පාරක් කෝල් අරන් කියලා..

එයා ඉතින් කොච්චර කෝල් ගත්තත් මේ චුක්කී ආන්ස්වර් කරන්නේ චුක්කිට ඕන වෙලාවට…

එදා රෑ ඩිනර් එකට මගේ දයාබර නෑනා පොඩ්ඩගේ ඇමති තාත්තා ආවා. මටත් ඉතින් ඉවසගෙන, සනසගෙන යන්න වුණා ඩිනර් ටේබල් එකට..

ඩිනර් එක ගන්න ගමන් කතාව ටිකක් දිගට ගියා..

“පුතා.. මාත් ආසයි චුක්කි මනාලියක් වෙලා ඉන්නවා දකින්න.. මනමාලයෙක් එහෙම හෙව්වොත් නරකද..?”

ඔන්න ඉතින් මගේ අතට දුම්මර වරමත් දීලා හැරී පොට්ටර් කොළුවගේ මයා යශ්ඨියත් එක පාර දුන්නා වගේ තමයි..

ඇයි යකෝ.. ඉදල ඉඳලා අවුරුදු දහයකට පස්සේ ලංකාවට ආවේ.. අයියගේ මහලොකු මාමණ්ඩියා හදන්නේ මොකෙක් හරි පඟර නැට්ටෙක්ට මාව දීලා එයාගේ දූ සිඟිත්ති ශේප් කර ගන්න වෙන්න ඇති..

එව්වා ඉතින් නෝ නෝ බබී වානා තමයි..

“අයියෝ අන්කල්.. අන්කල් ආස නැද්ද ඊට කලින් පුංචි මුණුබුරෙක්ගේ හුරතල් බලන්න.. පරලෝකේ ටිකට් එකට කලින් පුංචි කොළු පැටියෙක් සීයේ කියනවා දකින්න ආස නැද්ද අන්කල්..??”

“මේ බලන්නකෝ අන්කල් අක්කාට දැංම ලැජ්ජ හිතිලා..මූණත් රතු වෙලා..”

මගේ මූණ බල බල මට රවන දයාබර නෑනා පොඩ්ඩ පෙන්වමින් මං කිව්වා..

එතනින් ඔක්කෝගෙම කතා ඉවරයි..

ආවා මෙතන ස්ටේජ් එකේ මිනිස්සු අන්ඳන ගොන් පාට් මටත් දාන්න..

ඒ යකා යද්දී රෑ එකොළහත් පහුයි.. බොතලේකටත් සෙට් වෙලා මං හිතන්නේ මිනිහා ගියේ..

එතකොටයි මට නියමම දෙබස ඇහුනේ…

“හෙට රෑ වරායට බඩු ටික එනවා.. පරිස්සමින් පොට් එකට අරන් එන්න..”

ටිකක් සූර් වෙලා හිටපු ඇමතිතුමාගේ පාලනය නොවූ කටින් පිට වුණේ මට රත්තරන් වටින ආරංචියක්…

මං එදා රෑ එකට විතර දේව්ගේ ෆෝන් එකට මැසේජ් එකක් දැම්මා.. වරායට කුඩු තොගයක් එනවා.. පුලුවන් නම් කුඩු නෙවෙයි.. කුඩු ගේන, ගෙන්වන එවුන් අල්ල ගන්න කියලා..

එවෙලෙම මට දේව්ගෙන් කෝල් එකක් ආවා..

ආන්සවර් කරනවද නැද්ද…? කරත් දෙයියනේ අහන ප්‍රශ්න වලට මං කියලා මොනවා කියන්නද..?

නෑ.. මේක නෙවෙයි ඒ එස් පී පොලිස් ආඩම්බරස්ස් එක්ක කතා කරන්න ඕන වෙලාවා..

කෝල් එක කට් වෙච්ච ගමන් මං ෆෝන් එක ඕෆ් කරා..

ඊට පහුවෙනිදා මං හිටියෙ ටීවී එක ඉස්සරහා.. කොයි වෙලේ හරි නිවුස් එක යාවි කියලා හිතන්..

පොලිස් ආඩම්බරස්ස් බඩු තොගය අල්ල ගත්තද දන්නේ නෑ..

හවස් වෙනකම් මං බලන් උන්නේ ටීවී එක දිහා…

ඒත් එකපාරටම….

——————————————————————————————————————

ඔන්න වස්තුලා.. දේව්… වැටලීම ඇදගෙන නාගෙනද..?? නැත්නම් සාර්ථකද…? කියන්නකෝ බලන්න..

උපුටා ගැනීම කතාඅහුර පිටුවෙනි. සියලු හිමිකම් කතෘ සතුය

Advertisment