ඒත් එක්කම මං දැක්කේ කබඩ් එකක් උඩ තිබ්බ ලොකූගේ ගිටර් එක… හිත තව තවත් පහළට කඩා වැටුණා සත්තකින්ම..
කොච්චර කල් ගියත් මට පුලුවන් ඒ ගිටාර් එක අඳුන ගන්න.. ඔව් ලොකූ.. ගිටාර් එක දාලා ඔයා දුර ගිහින් ඇති…
මං ඒ රූපේ හිතේ මවා ගන්න උත්සහ කරා…
“අනේ මිස් ඒ ඇල්බම් එක නැති වෙලා…”
එහෙම කියද්දි මට දැනුනේ මගේ අන්තිම බලාපොරොත්තුවත් නැති වුණා වගේ.. මට අම්මව බලන්න ඕනි.. මගේ අප්පච්චිව බලන්න ඕනි..
දිනයක් වෙන් කරන් මං ගෙදර ආවා..
දුර තියාම මං දැක්කා අයියා සාලේ වාඩි වෙලා ඉන්නවා.. මේ ඒරියා එකම රන් කරන රණා දවල් වරුවක මෙහෙම ගෙදර ඉන්න එක අමුත්තක් වුණත් මං ඒක ගණන් නොගෙනම සාලේ පාස් කරන් යන්නයි හැදුවේ..
“චුක්කී…”
“කොහෙද ගියේ…??”
ඔව්… රණා ගාව නැවිලි ප්‍රශ්න නෑ කෙලින්ම අහනවා…
“ළමා නිවාසයට…”
මං හොඳටම දන්නවා අයියා මේ මගෙන් ප්‍රශ්න කරන්නේ උත්තරේ දැන ගෙන කියලා..
“මොකටද ගියේ…?”
“ලබන සතියේ මගේ උපන් දිනේ.. දිනයක් වෙන් කර ගන්න..”
“තමුසෙටත් අම්මගේ විකාර වැඩමනේ තියෙන්නේ…”
“අයියේ මේ.. ඔයාට අම්මා කියපු කරපු දේවල් විකාරයක් වුණාට මට එහෙම නෑ.. ඒ මගේ අම්මයි, තාත්තයි.. කාටවත් බෑ ඒක වෙනස් කරන්න…”
මං ඒ ඇස් දිහා එක එල්ලේ බලන් කිව්වා.. ඔව් රණා කියන මැරයා මගේ අයියා වුණත් හෑල්ලු කරන්නේ මගේ අම්මා නම් මට බලන් ඉන්න බෑ..
සමහරවිට මගේ හඬේ සද්දේ වැඩි ඇති.. එළියේ හිටපු ගාඩ්ස්ලත් ඇතුළට ඇවිල්ලා…
රණාට කෙනෙක් සද්දෙන් කතා කරාම වෙන්න ඇතී..
අයියා තවමත් මං දිහා බලා ගෙන..
“එදාට මගේ හොටෙල් එකේ පාටියක් ඇරේන්ජ් කරා.. ඔය කෙහෙළ්මල් ඉවර කරලා ඒකට එනවා..”
මාව සාලේ තනි කරලා අයියා එයාගේ ගාඩ්ස්ලත් එක්ක යන්න ගියා..
කොහොමත් අයියට ඒ කාලෙ ඉඳන්ම අම්මා තාත්තා කොයි තරම් ආදරය කරත් අයියට එයාලා ගැන හැඟීමක් තිබ්බේ නෑ..
සමහරවිට අයියට අප්පච්චි සැර වැඩි වෙන්න ඇති.. ඒත් එයාලා අතර තිබ්බ බැඳීම මට ඒ දවස් වලත් ප්‍රශ්නයක්..
එදා දවසත් එහෙමම ගෙවිලා ගියා..
මට පාළුවක් දැනුනත් ඔහේ ඉන්න පුරුදු වුණා..
දැං මං දන්නවා මගේ පස්සෙන් අයියගේ ගෝලයෙක් සැරි සරන බව..
“අයියේ…”
මං උදේ කන්න යද්දි අයියා පත්තර බලනවා..
ඔලුව උස්සලා විතරක් බැලුවා..
“මට ඔයාගේ ගාඩ් කෙනෙක් දෙන්නකෝ…”
“නිකන් ශෝ එකට වගේ අරන් යන්න..”
අයියගේ මූණ ඇඳ වුණා පාන් පෙත්ත වගේ..
“හ්ම්ම්ම්ම්…”
හොරෙන් පස්සෙන් එනවට වඩා පේන්නම එක්කන් යන එක හොඳයිනේ..
නිකන් ටවුමට ගියා මං අර ගාඩ් එක්ක.. එයාගේ නම පර්ල්.. හරි මුතු ඇටේ..
මං ඉතින් ශොපින් මෝල් එකකට ගිහින් එයාව අතරමං කරලා ජූස් බාර් එකකට ඇවිත් ජූස් එකක් බිව්වා..
පව් අසරණයා.. ගෑණු අස්සේ මාව හොයනවා ඇති…
කාර් එක ගාවට යන්න කියලා හිතන් පඩිපෙළ බහිද්දි හයේ හතරේ දඩාර පොරක ඇඟේ හැප්පිලා මාව දට් ඩවුන් වුණා..
මං වැට්ට පාරට නිකම් ගෙම්බා පොලවේ ගැහුවා වගේ…
වැට්ටට වඩා වේගයෙන් ඒ මනුස්සයා මාව ඇදලා අරන් කෙලින් කරා..
“මොන වදයක් දෙනවද මංදා…”
මටත් බැන බැන මගේ මූණවත් නොබලා ඒ මනුස්සයා ඇතුළට ගියා..
ඒ යකා ගියාමයි මට මතක් වුණේ මේ අරන අලුත් පොලිස් මහත්තයා කියලා.. මොකක්ද නම මේ…,දේව්…
“මේ.. ඒ එස් පී මහත්තයෝ.. සොරි කියන වචනේ ඔයාගේ ඩික්ශනරියේ නැද්ද…?”
ඔන්න එතකොට නම් ආඩම්බර කාරයා සන්ග්ලාස් දෙකත් ගලවලා මං දිහා බැලුවා..
යුනිෆෝම දැකලා මෙහෙම කලඩ් දකිද්දි හරි නුහුරුයි අප්පා..
මටත් රවලා ආයේ සන්ග්ලාස් දෙක දාන් මෙන්න එයා ඇතුළට ගියා..
මං ආයේ හැරිලා එද්දි දැක්කේ ආඩම්බරස්ගේ පර්ස් එක මෙතන බිම වැටිලා..
ඕයේ.. දෙන දෙයියයෝ බිම වට්ටලා, පස්සට ඇනලා දෙනවයි කියන්නේ මේකට..
මං දෙපැත්ත බලලා පර්ස් එක අතට ගත්තා..
අරන්ගෙන ශේප් එක කාර් පාර්ක් එකට ගියා..
“අනේ මිස්..”
“අනේ මිස් තමයි..,කොහෙද ගියේ..?”
අර මගේ බොඩිගාඩ්.. පර්ල්..
“මිස්ව මඟ ඇරුණා මිස්.. සර්ට නම් කියන්න එපා..”
දහයකට තනියම ගහන්න ඇඟ තිබ්බට රණාට බයයිනේ..
“ආ.. හරි හරි. යමු ගෙදර..”
මට ඕන වුණේ මේ පර්ස් එක ඇරලා බලන්න.. ගෙදර යනකම්වත් ඉවසුමක් තිබ්බේ නෑ..
ගෙදර ගියපු ගමන් දොරත් වහන් කරේ පර්ස් එක ඇරපු එක..
අපොයි.. මෙලෝ වැඩක් නෑ.. බැංකු කාඩ් එක, අයිඩෙන්ටිය.. අරවා මේවා ඇරුණම වැදගත් මුකුත් තිබ්බේ නෑ..
හරිනේ ෆෝන් නම්බර් එක තිබ්බනේ…
මං ඒක අර අලුතින් ගත්ත හොර ෆෝන් එකේ සේව් කර ගත්තා..
හෙට ගිහින් පර්ස් එක දෙනවා..
එදා රෑ දහයට විතර ගෙදර යුද්දේ වගේ.. මං ගැස්සිලා ඇහැරුණේ…
මං සාලෙට යන්න හදලත් මං නැවතිනේ බැලකනියේ මගේ ආදර නෑනා හිටපු හින්දා..
“මොකක්ද අක්කේ ප්‍රශ්නේ…?”
පහළ එකම කලබලයක්..,අයියා කේන්තියෙන් මිදුලේ තිබ්බ මල් පෝච්චි පෙරලනවා.. කොණ්ඩෙන් ඇඳ ගන්නවා..
“අලුත් පොලිස් ලොක්කා අපේ බඩු වගයක් අල්ලලා..”
ඒ කියන්නේ පොලිස් ආඩම්බරකාරස් වැඩ අල්ලලා.. ඔහොම යන්..
“හොයනවා ඕකා ගැන.. හොඳට හොයපන්.. ඌටත් මාරයා ළඟයි වගේ..”
අයියා කේන්තියෙන් කියවනවා..
දැං නම් අයියා කියලා කියන්නත් බෑ වගේ.. කෙලින්ම රණා..,ඇස් දෙක රතු වෙලා.. කේන්තියම විතරයි මූණ පුරාවට..
“මේ රණාගේ බඩු වලට මොකෙක්වත් අත තියලා නෑ.. ඌ මොන සිංහයෙක්ද..?? ”
“පොලිසියේ ඉන්න අපේ එවුන්ගෙන් අහපන් ඇයි කලින් නිවුස් එක කිව්වේ නැත්තේ කියලා.. උන්ටත් එලොව ලස්සන බලන්න ඕන වෙලා වෙන්න ඇති…”
අයියා හොඳටම තරහ ගිහින් කියවන සද්දේ ඇහෙද්දිත් මං කාමරේට ආවා..
මිනිස්සුන්ට ගිනි දෙන කුඩු බිස්නස් වලට ඔහොම වෙලා මදී.. ඔයාට තව පාඩු වෙන විදිය බලන් ඉන්න වෙයි..
මොකද කරන්නේ..?? පොලිස් ආඩම්බරකාරස්ට සුභ පතන්නත් ඕනි මේ තිබ්බ පළවෙනි පියවරට..
මං අලුත් ෆෝන් එක අරන් දෙවරක් නොසිතාම සුභ පැතුම් කියලා ටයිප් කරලා යැව්වා.. මැසේජ් එක සෙන්ඩ් වුණ ගමන් මං ෆෝන් එක ඕෆ් කරා..
මට හොඳටම විශ්වාසයි මේ ගෙවිච්ච රාත්‍රියේ දෙන්නෙක් ඉන්න ඇත්තේ අවදියෙන්..
මගේ අයියා.. ඒ කියන්නේ රණා…
පොලිස් ආඩම්බරකරස්.. දේව්… රණාගේ නින්ද නැති කරපු එකට එයාට නින්ද යන්නේ නැතිව ඇති..
ගාඩ්වත් ගෙදර තියලා ටවුමට ආවේ…
මං එන්න හදද්දි කුස්සි අම්මත් උයන පිහන බඩු ගන්න ටවුමට යන්නයි හැදුවේ.. මං එයාවත් මගේ කාර් එකේ දාන් පොළට ආවා..
පොළ ළඟින් කුස්සි අම්මව බස්සලා මං ගියා පොලිස් ස්ටේශන් එකට..
පොලිස් ඉස්ටේශන් එකට ඇතුළු වෙද්දිම හිත ගැස්සෙනවා..
මගේ අප්පච්චි තේජාන්විතව වැඩ කරපු පොලිස් ස්ථානය මේක.. මං කොච්චර ආඩම්බරයෙන්ද හිටියේ අප්පච්චි පොලිසියේ ලොකු ලොක්කෙක් කියලා..
ඒත් අද… කාලය වෙනස් වෙලා…
මේ ස්ථානයේ පවා වෙනස්කම් සිද්ද වෙලා.. හරියට අපේ ජීවීතේ වගේ…
මාව මේ ලොකේට කඩන් වැටුණේ මිනිහෙක්ගේ විලාපයකට..
එතකොටයි මං දැක්කේ කොණක තිබ්බේ කූඩුවේ ඇතුළේ හිටපු මිනිහෙක්ට කෙනෙක් ගහනවා..
ඒ දේව්.. ආඩම්බරකාරස්ස්… අපරාධකාරයෙක් වෙන්න ඇති. ඒත් හොඳට ගුටි කනවා වෙන්න ඇති..
ටිකකින් දේව් එළියට ආවා…
පොලිස් යුනිෆෝම් එකේ විවර වුණු කොටසින් මං දැක්කේ දාඩිය ගලනවා.. මූණ දිහා එක එල්ලේ බලන්න බැරි තරම් කේන්තියෙන් විරූපි වෙලා..
මස්පිඬු එකට එක ගැටෙන තරම් පිම්බිලා.. පළවෙනි පාර දේව් දැක්කම මට බය හිතුණ..
එකට එකතු වුණෙ ඇහි බැමි වලින් පවා රවමින් මං දිහාවට දේව් ඇවිදන් ආවා…
ඊළඟ චණ්ඩිකමෙන් හමුවෙමු…
බුදු සරණයි….!!
උපුටා ගැනීම කතාඅහුර පිටුවෙනි. සියලු හිමිකම් කතෘ සතුය