අනුරාධපුර දැයට කිරුළ පැවති ඔයාමඩුව ප්‍රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවි ඇති බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (14) දින අනුරාධපුර පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමනමහතා මෙසේ ද පැවසිය.

ඔයාමඩුව ප්‍රදේශයේ ඇති භුමියේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා අවශ්‍ය කටයුතු මේවන විටත් සිදු වෙමින් පවතිනවා.මේ සදහා දේශීය ආයෝජකයන් ඉදිරිපත් වි සිටිනවා. ඉදිරි වසර පහ තුළ රටට අවශ්‍ය ඖෂධ වලින් 50% ක් මෙරට නිපදවීමට කටයුතු කරනවා.

පෞද්ගලික රෝහල් වලින් සේවාවන් ලබාගැනිමේදි විවිධ මිල ගණන් මෙන්ම අධික මිලක් අයකිරිම පිළිබදව ජනතාවගෙන් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබුණා. විශේෂයෙන් රසායනාගාර පරික්ෂණ ගාස්තු, පෞද්ගලික රෝහල් ගාස්තු සම්බන්ධයෙන්. මේ නිසා ජනතාව පීඩාවට පත්කරන මෙම ගාස්තු අයකිරිම පාලනය කිරිමටත් දිවයින පුරා එකම මිලක් යටතේ ගාස්තු අයකිරිමටත් අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරනවා.

මේ සදහා ඉතා කඩිනමින් එම සේවවාවන් සදහා මිල සමිකරණයක් ඉතා ඉක්මණින් හදුන්වා දි අධික මිල ගණන් අයකිරිම නවතා ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.