පස්වන චණ්ඩිකම…..

——————————————————————————————————————–

ඇයි මං මේක කලින් දැක්කේ නැත්තේ..? මං මටම දොස් කියා ගත්තා…

රණා ගැන ජනහිත පත්තරේට ආටිකල් එකක් ලියලා තිබ්බ ඒ මනුස්සයා අතුරුදහන් වෙලාලු…

ජනහිත පත්තරේම ඒ ගැන ලිපියක් දාලා..

සමහරවිට මේ වෙද්දිත් ඒ මනුස්සයා හුස්ම ගන්නවා ඇත්තේ පරලෝකේ…

අයියා ආවද කොහෙද…? පහළ තට්ටුවේ වාහන නතර කරන සද්දයක් ඇහුණා..

මං ඇස් දෙක තද කරලා පියා ගත්තා.. ඉක්මනට නින්ද එන්න කියලා හිතන්.. මට මේ ගෙදරත් හිසට ලොකූ බරක්..

ටික වෙලාවක් ගත වෙන්න ඇතී.. කවුද කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා ඇහුණා..

එක ඇහැක් ඇරලා බැලුවා.. යනවද බලන්න… අනෙක් ඇහැත් ඇරියා..

ඔව්.. යමුකෝ බලන්න…

මං හෙමීට කළුවරේ අඩි තිය තිය පහළට ගියා..

සද්දේ ඇහුනේ යට පෝටිකෝවේ කොණේ තියෙන කාමරයෙන්..

කට්ටිය පිරිලා ඉන්න බව කාමරේ දාලා තිබ්බ ලයිට් එළියෙන් පෙනුණා..

මෙතනින් එහා මං ගියොත් මාත් අහු වෙනවා..

“කියපන් උඹ කාටද වැඩ කරන්නේ..?? කියපන්…”

“උඹේ අන්තිම විනාඩි ගාණ මේ ගෙවෙන්නේ.. කියපන් ………….”

රණා මහ හයියෙන් කුණුහර්ප පවා කියමින් කවුදෝ මනුස්සයෙක්ට ගහනවා..

මොනවදෝ මංදා මුමුණපු ඒ මනුස්සයා වේදනාවෙන් හති ලැම්මා…

“අපි බලා ගමු… එතකම් උඹ පලයන් එලොවට..”

රණාගේ ළඟ ඉඳපු කළු මිනිහෙක් රණාට කිනිස්සක් දුන්නා..

මට නම් පැහැදිලියි වෙන්න යන දේ..

තවත් වේදනාත්මක කෙඳිරියකින් පස්සේ කාමරේම නිහඬ වුණා…

“මුගේ මිනිය ගිහින් දාපන් කනත්තට…”

කිනිස්සේ තිබුන ලේ අර මිනිහගේ ශර්ට් එකෙන්ම පිහිදලා රණා කිව්වා..

මෙතන ඉන්න එක සුදුසු නෑ කියලා හිතුණ පලවෙනි තප්පරේම මං උඩට ආවා…

මේ දකින ඇහෙන දේවල් වලින් වෙන කෙල්ලෙක් නම් බය වේවි. නැත්නම් දුක් වේවි… ඒත් මට දැනුනේ මගේ හිත තව තවත් ශක්තිමත් වන බවක්…

පහුවදාට එළි වුණේ කිසිම දෙයක් නොවුණ ගාණට.. සුපුරුදු හිනාවෙන් අයියා කෑම මේසෙන් වාඩි වෙලා..

මෙහෙම ඉද්දි නම් කාටවත් කියන්න බෑ මේ මුළු පළාතම හොල්ලන් ඉන්න රණා තමයි මේ කියලා…

එදා දවස ඔහේ ගෙවිලා ගියා කැම්පස් එකේ වැඩ වගයක් එක්ක…

දයාබර නෑනා පොඩ්ඩ නම් නෝ කතා නෝ සිනා සැලුන්, ෆන්ශන්, ඉවෙන්ට් විතරමයි ජීවීතේ…

දවසක් හැන්දෑවක හිතට දරා ගන්න බැරි තරම් පාළුවක් දැනුණා..

මට මගේ අම්මයි, තාත්තයි හුඟක් මතක් වුණා.. අඩුම ගාණේ එයාලෆේ ෆොටෝ එකක් වත් මං ළඟ තිබ්බේ නෑ..

මට මතක අන්තිමට මං අප්පච්චිත් එක්ක තරහ වෙලා ගේ ඇතුළට ගිහින් හැංගුණා විතරයි..

“චුක්කී.. චුක්කී..”

මගේ අම්මා මට කතා කරනවා.. ඒත් මං ඇහුණු නෑහුන ගාණට ටීවි රැක් එක යට ගුලි වුණා..

එතනින් එහා වෙච්ච කිසිම දෙයක් මට තාමත් අදහා ගන්න බෑ..

‘සෙනෙහස ළමා නිවාසය’

මට අහම්බෙන් මතක් වුණේ.. අපේ අම්මා ඒ ළමා නිවාසයේ හැදුන කෙනෙක්.. නිතරම අම්මා ඒක කිව්වා..

අපිවත් එක්කන් අම්මා සතියකට පාරක් එහේ යනවා.. මාත් ඒ ළමයි එක්ක ගොඩක් ආසා කරා..

මං කාර් එකත් අරන් හිතේ ඇදිච්ච පාරක් හොයන් ළමා නිවාසෙට ගියා.. මඟින් දෙතුන් දෙනෙක්ගෙනුත් පාර අහ ගත්තා..

ඉස්සර අයියා මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නෑ. මගෙයි අයියගෙයි වයස් පරතරය අවුරුදු දොළහක්.. ඉතින් මං සෙල්ලම් කරන කාලේ එයාට පොඩි නංගියෙක් එක්ක සෙල්ලම් කරන්න ඕන වුණේ නෑ..

ඒ හින්දම මං හැම සතියෙම ඉරිදා එනකම් බලන් ඉන්නවා..

හුරු පුරුදු මූණක් ඒ දවස් වල අපි එහෙට ගියාම හැංගෙනවා.. පස්සේ තමයි මං අදුරගත්තේ ඒ අයියා අපේ අයියගේ පන්තියේ හිටියේ කියලා..

කාලයක් යද්දි අපි හොඳ යාලුවෝ වුණා.. එයා ඒ දවස් වල මියුසික් ඉගෙන ගත්තා.. එයා ගිටාර් එකක් නැතුව පරණ කැඩිච්ච ගිටාර් එකකින් පුරුදු වෙද්දි මමයි අප්පච්චිට කියලා එයාට ගිටාර් එකක් අරන් දුන්නේ..

ඉතින් හැම ඉරිදම අපි එහේ ගියාම අපි ඔක්කොමලා වට කරන් එයා සින්දු කියනවා..

මං නම් වශී වෙලා බලන් ඉන්නේ..

නිවාසේ හැමෝම කිව්වේ එයාට ලොකූ කියලා.. ඇත්තටම එයා ලොකුයි.. අපි අතර රහසක් තිබ්බා හැමදාම..

එයා නිවාසේ ළමයෙක් කියලා මං කවදාවත් අයියට කිව්වේ නෑ.. එයා අයියගේ යාලුවෙක් කියලත් කවදාවත් මං අම්මට කිව්වේත් නෑ..

සෙනෙහස ළමා නිවාසේ මතක් වෙද්දි ලොකූව මතක් වෙන එක නම් හරිම සාමන්‍යයි..

තව ලස්සන අක්කා කෙනෙක් හිටියා ඉන්දු කියලා.. එයාව නම් මට පේන්න බෑ ඒ දවස් වල.. කොයි වෙලෙත් ලොකූ කියා ගත්තු ගමන්මයි..

අපෝ.. දැං නම් මතක් කරද්දිත් හිතෙනවා මං පොඩි කාලේ කොයි තරම් ඉරිසියාකාරියක්ද කියලා..

සුන්දර මතක අස්සේ හිටියා හින්දා ළමා නිවාසෙට එනකම්ම තේරුනේ නෑ..

මං ගේට්ටුවෙන් ඇතුළට කාර් එක දාද්දිම ජිප් එකක් ඉස්සරහට හම්බුනා..

මං කාර් එක පස්සේට අරන් ජිප් එකට යන්න ඉඩ දුන්නා..

එතකොටයි මං හරියටම දැක්කේ ඒ ජිප් එකේ හිටියේ දේව් පොලිස් මහත්තයා කියලා…

ඒත් එයා නම් මොකෙක්ද මංදා පඹයෙක් වගේ මං දිහා නොබලාම යන්න ගියා..

මාත් ඒ යකාට හිතින් බැන බැන ඇතුළට ගියා..

මට දැනුනේ මං අතීතයට ආවා වගේ කියලා..

අම්මයි, මමයි මෙහෙට ආපු හැටි, මං ලොකූගෙන් සින්දු අහන හැටි, එයාට කරදර කරන හැටි, අරන ලස්සන ඉන්දුට මං රවන හැටි මට මැවිලා පෙනුනා…

“චුක්කී.. අපි යමුකෝ දැං.. ඔයාගේ පොලිස් අප්පච්චි බලන් ඇති දැං සැර කරන්න බලාගෙන.. යමු යමු…”

අපේ අම්මා හැමදාම මං අකැමැති දේකට මාව කැමති කරගන්නේ එහෙමයි..

අප්පච්චි සැර නොදා මාත් එක්ක ආදරෙන් ඉද්දි මගේ අප්පච්චී.. මට චුට්ටක් හරි සැර දැම්මා ගමන් පොලිස් අප්පච්චි..

මං ඉතින් පොඩි කාලේ ඉදන් අප්පච්චි සැර කරනවට බය නිසා අම්මා එහෙම කිව්ව ගමන් මං ඉතින් ඕනම දෙයක් කරා..

අපේ අම්මා එතකොට නම් හරි කපටියි…

“මිස් කාව හරි බැලුවද…?”

මං ගැස්සිලා ගියේ ඒ හඬට…

මැදි වියේ මිස් කෙනෙක් මං ළඟටම ඇවිත්..

“මං මේ ලොකු මිස්ව බැලුවේ…”

“කලින් හිටපු මිස්ද..?”

“වෙන්න ඇති. අර නළලේ ඉන්නෙක් හිටපු මිස්…”

“ආ.. ඔව්.. කලින් හිටපු ලොකු මිස් නම් දැං මෙහෙ නෑ..”

“එහෙමද..?

කලින් හිටපු මිස් ඉදියානම් මට ලොකූ ගැන දැන ගන්න තිබුණා..

“ම්ම්ම්ම්ම්ම්… මට මේ ළමයි එක්ක දවසක් ඉන්න පුලුවන්ද..? ”

“එහෙනම් අපි ඔෆිස් එකට ගිහින් කතා කරමු.. ”

මාත් එයාගේ පස්සේ ගියා..

මේ නිවාසේ තමයි මගේ අම්මට සෙවණ දුන්නේ.. තවත් දරුවෝ බොහෝ ගාණක් මේ නිවාසෙන් ජීවය ලබන්න ඇති..

මං ඔෆිස් රූම් එකට ගිහින් ඉද ගත්තා..

ලොකූ වෙනසක් නම් වෙලා නෑ..

කබඩ් ටික එහෙම්මයි… එල්ලා තියපු සමහර චයාරූප එදා වගෙම තැනින් තැන දූවිලි බැදිලා.. ළමයිනේ මේව පිරිසිදු කරන්නේ..

මට එකපාරටම මතක් වුණා අපේ අම්මා ඉස්සර කරපු දෙයක්..

අම්මා හරි ආසයි ෆොටෝ ගහන්න.. මේ ළමයින්ගේ.. ඉතින් අම්මා ෆොටෝ ඇල්බම් එකක් හැදුවා. මොකක්ද ඒකේ නම…??

හරී.. තඹර විල…

“මිස් අහන්නකෝ.. මෙහේ තඹර විල කියලා ඇල්බම් එකක් ඇති.. මට ඒක ටිකක් බලන්න දෙනවද..?”

ඒ ගැනු කෙනාගේ ඇස් පුදුමෙන් බැබලුනා..

“ඉන්න මිස් ටිකක්…”

එයා කබඩ් එකක් ඇරලා ඇල්බම් එක හොයන්න ගත්තා..

මං ඉතින් වටපිට බල බල හිටියා..

ඒත් මං දැක්කේ…..

—————————————————————————————————————-

යාළුවනේ කොහොමද…?? චුක්කී පව් කියලා කියන ළමයි මේ කොණට… කතාවට අලුත් චරිතයක් ඕනි කියන අය මේ කොණට…

ආදරෙයි පැලෙන්න හැමෝටම..

මාත් එක්කම ඉන්න…

හිත රිදෙන හුගක් තැන් වල තනි වෙලා.. හුස්මක් ගන්න බැරි තරම් ප්‍රශ්න වලින් වැහිලා.. ටයිප් කරපු කතාවක් නිසා පෝස්ට් කරනවා.. කමෙන්ට්ස් වලට රිප්ලයි නැති වුණා ට දුක් වෙන්න එපා.. කාලෙකට අතුරුදහන් වෙන්න ඕනි.. කතාව ශෙඩුල් කරනවා.. හැමදාම ඇවිත් කියවන්න. සතුටින් පරිස්සමින් ඉන්න. ☺️❤ ආදරෙයි පැලෙන්න 💖❤❤️❤💖 හැමදාම

ඊළඟ චණ්ඩිකමෙන් හමුවෙමු..
බුදු සරණයි…!!