මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මින් ඉදිරියට ගවමස් අලෙවි කිරිම සදහා අලුතින් බලපත්‍ර ලබා නොදෙන බවට වු යෝජනාවක් අද පැවති මාසික මහ සභා රැස්විමේදි ඒකමතිකව සභා සම්මත වී තිබෙනවා.
සභාපති කපිල බණ්ඩාර හෙන්දෙණිය ගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදි මාසික සභා රැස්විම පැවැත්විය.
මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මඩවල උල්පත කැටවල ප්‍රදේශයේ එළ ගවමස් කඩයක් දැමිම සදහා බලපත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සභාව වෙත යොමු කර තිබු ලිපියක් සාකච්ඡාවකට ගත් අවස්ථාවේදි මෙම යෝජනාව සිදු කෙරුණා.
මෙහිදි මෙම යෝජනාව ගෙන එමින් අදහස් දැක්වු මන්ත්‍රි වසන්ත ජයවර්ධන කියා සිටියේ අගමැතිවරයා විසින් මස් පිණිස ගවයින් ඝාතනය කිරිම නවතා දැමිමට තිරණයක් ගෙන ඇති බවත් ඒ තත්වය මත සභාවක් ලෙස මෙවැනි තිරණ ගැනිම යෝග්‍ය නොවන බවයි.
මේ නිසා බල ප්‍රදේශයේ මස් සදහා ගවයින් ඝාතනය කිරිම සහ මස් අලෙවි කිරිමට නව බලපත්‍ර ලබා නොදිය යුතු බවට වු යෝජනාවක් තමන් විසින් ගෙන එන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
යෝජනාව ස්ථිර කරමින් කතා කළ උප සභාපති ටි.ජි දිසානායක කියා සිටියේ පළමුවෙන් ඉල්ලන්නේ එළ ගවයින් මරන්න. පස්සේ මි හරකුත් මරනවා. ඒ නිසා අලුතින් මස් කඩ දැමිම සදහා ඉඩ ලබා දිය නොහැකි බවයි.
අදහස් දැක්වු විපක්ෂ නායක(එ.ජා.ප) ගාමිණි කොස්තා ප්‍රකාශ කළේ අගමැතිවරයා විසින් ගෙන ලැබු තිරණය ෆෙස්බුක් මගින් දක්නට ලැබුණු බවත් එය නිත්‍යාණුකුල භාවය පිළිබදව විමිසිමට ලක් විය යුතු බවත් සභාවක් ලෙස අප මේ පිළිබදව අලුතින් බල පත්‍ර ලබා නොදෙන බවද පවසා සිටියා