සිව් වෙනි චණ්ඩිකම…

—————————————————————————————————————

මං පාරත් පැනලා පුලුවන් ඉක්මනට එතනට දුවන් ගියා..

මේ මිනිස්සු වට වෙලා.. මොන කෙහෙල්මලක්ද කියලා බලන්නවත් පේන්න නෑ..

එතකොටම පොලිස් ජිප් එකක් ඇවිත් නතර වුණා..

වටේ එක පොදියට එකතු වෙලා හිටපු මිනිස්සු එකා දෙන්නා නිකන් වාශ්ප වුණා..

ඉඩක් ලැබුණ අවසරයෙන් මං එතනට කිට්ටු කරා…

දෙවියනේ… මං දැක්කේ ජීවීත කාලයේ මං දකින්න අකැමැත්ම දසුනක්..

කවුරුහරි මිනිහෙක්ව මරලා දාලා.. මිනිහා වැටිලා හිටියේ මුණින් අතට වැටිලා. ඒ නිසා මූණක් නම් පේන්න නෑ.. ඒත් කාපට් පාර තෙත් කරගෙන ලේ ගිහින් තිබුණා..

පොලිසියේ අලුත් ලොක්කා ආවේත් දැං..

මාව අඳුර ගත්තු බවක් පෙනුනේ නෑ.. පොලිසියෙත් ලොකු ලයින්නේ…

මහ දවාලේ ටවුමක් මැද්දේ මෙහෙම මිනීමැරුමක් වෙන්න පුලුවන්ද…? ඒත් මේ වෙලා තියෙන්නේ….

ඒ කියන්නේ අනිවා මේක අර රණාගේ වැඩක්..

අලුත් පොලිස් මහත්තයා අර මිනිහගේ මූණ හැරෙව්වා..

මගේ ඇස් උඩ ගියේ ඉබේමයි…

කොහොමද මෙහෙම දෙයක් වුණේ…??

මට දැනුනේ පුදුමයක්…

මං වටපිට බැලුවා. බලන් ගියාම මට විතරක් නෙවෙයි අලුත් පොලිස් මහත්තයටත් පුදුමයි වගේ.. ඇස් වලට දාලා තිබ්බ සන්ග්ලාස් දෙකත් ගලවලා මිනිය දිහා බලන් උන්නේ..

ඇත්තෙන්ම අපි පුදුම වෙන්න ඕනි.. මොකද මේ මැරිලා ඉන්නේ මං ඊයේ බස් එකේදී අල්ලන් ගිහින් පොලිසියට බාර දුන්න අර අසහනකාරයා..

බෙල්ලටමයි පිහියෙන් ඇනලා තියෙන්නේ..

පොලිසියේ අය වට පිටේ හිටපු අයගෙන් ප්‍රශ්න කරා.. මං හිතන්නේ නෑ වැදගත් උත්තරයක් කාගෙන් හරි දැන ගන්න ඇති කියලා. මොකද මේක පාතාල කේස් එකක්…

කට්ටිය එහාට මෙහාට වෙනකම් ඉඳලා මං අලුත් පොලිස් මහත්තයට කිට්ටු වුණා..

“සර්…”

බොර පාට ඇස් වලින් මාව විනිවිද බලපු අලුත් පොලිස් මහත්තයා ආයෙම මිනිය දිහා බලා ගත්තා..

“කියන්න…”

මං දිහා නොබලාම කියද්දි නම් දෙන්න හිතෙනවා ඇඳුමේ තියෙන තරු මහ දවල් පේන්නම…

“මේක කරේ රණාද…?”

ඔන්න එතකොට නම් මං දිහා හරියට බැලුවා..

“දන්නේ නෑ..”

“මේ මනුස්සයා සර්ට ඊයේ රණා ගැන මොනවා හරි කිව්වා.. ඒකට රිටන් එකට රණා මෙයාව මැරුවා..”

සිද්දි ගලපමින් මං කිව්වා..

“ඇයි තමුසේ දැක්කද…?”

අපෝ.. මූ බලහන්කෝ.. මාරම බබා…

“එහෙම නොවෙන්නත් පුලුවන් ඒ කියන්නේ…??”

මගේ වචනෙන් වචනෙට වෙනස් වෙන ඒ ඇහි බැම දිහායි බැලුවේ..

“මේ යකා රණා ගැන මුකුත් දන්නේ නෑ.. බොරුවට රණාගේ නම කියලා තිබ්බේ…”

අන්න ඒක නම් ටිකක් විතර ප්‍රශ්නයක්…

මේ යකා රණා ගැන දන්නේ නැත්නම් රණා මූව මැරුවේ ඇයි..?? රණාගේ වැඩක්මයි මේක.. මට හිතුනෙම එහෙම.

එතකොටමයි අපි ළඟට පොලිස් කාරයෙක් ආවේ..

“සර්… මේක දැකපු කිසි කෙනෙක් නෑ…”

“ඕඕ.. ශිට්… ”

මේ අලුත් මහත්තයට හොඳටම තරහ ගිහින් වගේ.. ඒ ඩිංගට ඇස් රතු වෙලා..

“මහ දවාලේ ටවුමේ මැද මිනිහෙක්ව බෙල්ල කපලා මරලා යනවා.. ඒත් මේ ටවුමේ ඉන්න එකෙක් දන්නේ නෑ…”

ටිකක් උස් හඬින් කෑ ගැහුවා..

ඒ අස්සේ මං අපේ අලුත් පොලිස් මහත්තයගේ නම බලා ගත්තා..

දේව් ශ්‍රී තුශ්වින් බණ්ඩාර…

#දේව්….

මනුස්සයා වගේම ලස්සනයි…

ඇම්බුයලන්ස් එකක් ඇවිත් මිනිය දා ගත්තා.. මාත් කට කොණකින් හිනා වෙලා එතනින් ගාණට වාශ්ප වුණා..

ගෙදර එනකම්ම මගේ ඔලුවේ වැඩ කරේ රණා ඇයි එයා ගැන නොදන්න මිනිහෙක් මැරුවේ..

සමහරවිට…

ඔව්.. සමහරවිට එයාගේ නම කිය කිය උගේ වැඩ කරන හින්දා ඌව මැරුවද දන්නේ නෑ..

මං ගෙදර ගියත් ගෙදර කවුරුත් හිටියේ නෑ..

කාලා බීලා ෆිල්ම් එකක් දාගත්තත් මේ හිත එක තැනක තියන් ෆිල්ම් එක විනාඩියක් වත් බලන්න නැතුව ඇති..

මොකද මට මැවිලා පෙනුනෙම අර මනුස්සයා මැරිලා හිටපු විදිය..

මාරයා ඌව මගේ ඉස්සරහටම ගෙනැල්ලා මරපු හැටි..

ඔලුව නිකම් බිත්තර බූල්සයි එකක් වගේ ඒ තරමට අප්සෙට්..

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…

අපි බලමු එහෙනම් අපේ අලුත් පොලිස් මහත්තයගේ විස්තර..

මං බුකියට ලොග් වෙලා පොඩි සර්ච් පාරක් දැම්මා..

අම්මෝ මේ ඉන්නේ දිලිසි දිලිසි…

පොලිස් නිළ ඇදුමට පවා දෙපාරක් බලන්න හිතෙන රූපයක් තිබ්බ දේව් ශ්‍රී වෙනත් ඇඳුම් වලටත් ඊටත් වඩා කඩවසම්..

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්… මට ඔයාවත් ඉස්සරහට ගොඩක් ඕන වේවී.. බලන් ඉමුකෝ.. රණා කොටු කර ගැනීමේ මෙහෙයුම ඇරඹිලා තියෙන්නේ…

රණා… ඔයා අහු වෙනවා ඉක්මනටම…

එදා ජනහිත පත්තරේට කෝල් කරන්න තරම් වෙලාවක් නොතිබුණ හින්දා මං හෙට කතා කරන්න හිතා ගත්තා…

සමහරවිට අර ආටිකල් එක ලියපු මනුස්සයා ගාව මොනවම හරි ඩීටෙල් එකක් ඇති…

උදේ නැඟිටිලා මං පොඩි ජොගින් පාරක් දාලා ගෙදර ආවා…

මං එද්දිත් විජේසේන ඇමති තුමා අපේ ගෙදර.. මගේ දයාබර නෑනගේ තාත්තා…

වැඩේ කියන්නේ මාව දැක්ක ගමන් කතාව නතර වෙච්ච එක..

“ආ.. දුව…. දැක්ක කල්..”

“අන්කල්… කොහොමද..?? මං නම් මෙහෙට ආවෙම පෙරේදා..”

“ඒකනේ.. අපේ දුව කියනකම් මං දන්නේ නෑ දූ ආවා කියලා..”

එයාගේ මූණේ තිබ්බෙත් බොරු හිනාවක්.. මගේ මූණේ තිබ්බෙත් බොරු හිනාවක්… ඒත් මේ ඇමතියා නම් මට සතේටක ශුවර් නෑ..

ටික වෙලාවක් කියව කියව ඉඳලා මං උඩට ආවා..

මේ වෙද්දිත් අයියා.. ඒ කියන්නේ රණා ගෙදර ඇවිත් නෑ පෙරේදා රෑ ඉදන්…

දවල් වෙන්න මං අලුතින් ගත්තු ෆෝන් එකට අලුත් සිම් එකත් දාලා ජනහිත පත්තරේට කෝල් එකක් ගත්තා..

හතර පස් පාරක් ගත්තමයි ඒ පැත්තෙන් ආන්ස්වර් කරේ…

මං එදා ලිපිය ගැන කියලා ඇහුවත් මට පත්තරෙන් කිසි විස්තරයක් කිව්වේ නෑ..

කොහොමත් පත්තර කන්තෝරු වලින් කවද්ද දෙයක් දැන ගන්න පුලුවන්.න් ඒක එයාලගේ ආරක්ශාවට තර්ජනයක්..

මං එහෙම හිත හිත ජනහිත පත්තරේ උඩට පහළට ගියා..

අපොයි දෙයියනේ… ඇයි මං කලින් නොදැක්කේ….???

මං මටම දොස් කියා ගත්තා..

———————————————————————————————————————

ඊළඟ චණ්ඩිකමෙන් හමුවෙමු…
බුදු සරණයි….!!

උපුටා ගැනීම කතාඅහුර පිටුවෙනි. සියලු හිමිකම් කතෘ සතුය