තුන්වෙනි චණ්ඩිකම…
·····~~~~~~~····
ඔව්… මේ එයා තමයි රණා…
තලෙළු හම, දිගැටි ඇස්, දකුණු කම්බුලේ මැහුම් පහක කැළල, මූණ පුරා වැවුණු රැවුල…
අවුරුදු ගාණක් ගත වුණත් මේ චුක්කිට අමතක වෙයිද මේ මූණ..
මෙච්චරකල් කවුරුවත් නොදැකපු, මුළු පාතලයම හොල්ලන් ඉන්න කුඩු රජා.. රණා…
මේ ඉන්නේ මගේ ඉස්සරහම..
මං අඩියක්වත් ඉස්සරහට නොතියා හිටපු තැනම උන්නා.. රණා ඝාම්බීර අඩි තියමින් මං ළඟට ආවා…
හිතේ තිබ්බ ඔක්කොම හැඟීම් වහගෙන මං අමාරුවෙන් මූණට හිනාවක් දුන්නා..
“චුක්කී… මේක නම් ලෝක පුදුමයක්.. ඇමරිකාව මෙච්චර ළඟද බන් හිතුමතේට එන්න තරම්…”
“මං දැන ගත්තා කොල්ලෝ ටික ඇවිත් කියනකොටම ලස්සන පොඩි කෙල්ලෙක් ඇවිත් ගෙම්බර් දානවා කියද්දිම ඒ චුක්කී තමයි කියලා..”
ඒ ඇස් කවදාවත් මට කියවන්න බැරු වුණා.. කියවන්න බැරි ඇස් එක්ක එළි පිට සෙල්ලම් හොඳ නෑ..
මං තොල් දෙක දෙපැත්තට ඇදලා හිනා වෙලාම හිටියා..
“හුඟ කාලෙකින් අයියේ…”
මං රණාව බදා ගනිමින් කිව්වා..
ඔව්.. මං රණාගේ නංගී… චුක්කී….
අයියේ… අද ඉඳන් වටේ ඉන්න ග්‍රහයෝ ඔක්කොම නීච වෙයි.. චුක්කී ආවනේ…
තවත් විනාඩි කිහිපයකින් අපි ඉදියේ සුපිරි නිවාස සංකීර්ණයක තිබ්බ හොඳම ගෙයක් ඉස්සරහ..
අයියගේ ගෙදර.. රණාගේ ගෙදර..
පොලිසීය මුඩුක්කු පීර පීර රණාව හොයනවා.. ඒත් මේ සීමාවට ආවම රණාටම ආරක්ශාව දෙනවා…
මිනිස්සු රැවටෙන තරමක්..
“චුක්කී… මේක තමයි මගේ පුංචි ගෙදර… ”
රණා සාලෙට ගිහින් අත් දෙකත් දිග ඇරලා මට කිව්වේ..
පඩි පෙළක් බැහැගෙන ආවේ රණාගේ හිතාදර බිරිඳ.. ශෙනෝන්…. ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගේ බාලන දුව..
“මේ ඉන්නේ නංගිද..?”
කියපු තාලෙන්ම තේරුණා මේ ගෑණි නම් ඉල්ලන් කන ඩයල් එකක් කියලා..
“ඔව්.. ඒ මං තමයි.. ”
එයාගේ අතට මගේ බෑග් එක දීලා මං පඩි නැගන් උඩට ගියේ මං කැමති කාමරයක් තෝර ගන්න…
මගේ ආදරණීය නෑනා පොඩ්ඩගේ මූණ ඇඳ වෙනවා මං ඇස් කොණකින් දැක්කත් ඉතින් මට රෝස් පාන්ද.. මං ඇවිත් කාමර තේරුවා..
හිතට ඇල්ලුවේ තාප්පෙට ළඟ බැල්කනියෙත් ඉඩ තියෙන කාමරයක්…
ශෙනෝන් කාමරයට සර්වන්ට් කෙනෙක් අතේ බඩු එවලා තිබ්බා..
මං බාත් රූම් ගිහින් පැයක් විතර බාත් ටබ් එකට වෙලා හිටියා..
අතීතය අනාගතය කොහොම වෙයිද දන්නේ නෑ.. ඒත් කවුරු කොහොම සෙල්ලම් දැම්මත් මට අත් දෙක බැඳන් බලන් ඉන්න නම් බෑ..
වර්තමාය කොච්චර ඉක්මනට ගෙවිලා ගියත් මට බෑ ආපහු හැරෙන්න…
ඇඟට ටිකක් වෙහෙසක් දැණුන නිසා මං ටිකක් නිදා ගත්තා..
ඇහැරෙද්දි හොඳටම රෑ වෙලා.. බඩේ ඉන්න පණු ඇමතිලා මැතිවරණයකුත් තියනෝ තව පොඩ්ඩෙන්…
සුවඳ ඉව කරන් කිචන් එකට ගියා..
අම්මෝ… රට කෑම ජාති ගොඩයි..
ටිකකින් අයියයි, නෑනයි ආවා.. ඇති යාන්තම් දැංවත් කන්න ලැබුණා..
ඒත් මුළු කෑම මේසෙම ඇස් යැව්වත් මං හොයපු කෑම නම් මේසේ තිබ්බේ නෑ..
“මේ කවුද මෙහේ කෑම උයන්නේ..?”
මං ළඟ ඉදිපු සර්වන්ට් කෙනෙක්ගෙන් ඇහුවා..
“ඉන්න මිස් එක්කන් එන්නම්..”
“ඇයි චුක්කී කෑම හොඳ නැද්ද..? අද ඉටෑලියන් ෆුඩ් ඩේ එක..”
ඒ ටකරන් නම් ඉතින් මිස් නෑනගේ තමයි… ඉටෑලියන් ෆුඩ් ඩේ…!!!
“සහේනා….”
“මං සහේනා… එහෙම කතා කරන්න..”
මටත් හොඳටම ශුවර් මෙයාටත් මාව දිරවන්නේ නෑ..
“ඇයි මිස්…?”
“ගෙදර පොල් තියෙද..?”
“ඔව් මිස්..”
“මිරිස්…”
“ඔව් මිස්..”
“කූනුස්සෝ… ?? උම්බලකඩ..?”
“තියනවා මිස්..”
“කොච්චි..? අව්මිරිස්..?”
“ඔක්කොම තියෙනවා මිස්..”
“එහෙනම් ඒ ඔක්කොම දාලා හොඳ පොල් සම්බලක් හදන් එන්න..”
අයියට නම් කට කොණකින් හිනා.. එයා දන්නවා මගේ ටේස්ට් ගැන…
ඇයි යකෝ අර ඔක්කොම තියෙනවා නම් මොකෝ පොල් සම්බලක් හදන්න බැරි..
පුංචි කාලේ ඉදන්ම මං මාරම ආසයි කූනිස්සෝ කබලේ බැදලා දාන උම්බලකඩ පොල් සම්බල් කන්න…
අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ආවයි කියලා පුරුදු කියන ඒවා අමතක කරන්න පුලුවන්ද..??
බඩ පිරෙන්නම කාලා පණු ඇමතිලවත් සතුටු කරලා මං කාමරේට ආවා…
හිතන්න දේවල් ගොඩයි..
රණා…
මං වෙබ්සයිඩ් කිහිපයකටම ගිහින් බැලුවා රණා කියන චරිතය ගැන පළ වෙච්ච නිවුස් මොනවද කියලා..
කිසිම වාර්තාවක රණා කියන නමවත් ගෑවිලා නෑ.. එච්චර රණාට රැකවරණයක් තියෙනවා..
එහෙම නොතිබෙයිද ඇමති දුවෙක් කසාද බැන්ඳම..
මං ලිපි කිහිපයක්ම බැලුවා.. ඒත් මගේ ඇස් බෝල දෙක මහන්සි වුණා විතරයි..
අහම්බෙන් වගේ ජනහිත පත්තරේ ආටිකල් එකක් දැක්කා..
‘පාතාලේ නව කිරුළ කාටද..???”
ඒක තමයි හෙඩ් ලයින් එක..
රණා ගැන තමයි අන්තිම ජේද වල කියලා තිබ්බේ.. සමහරවිට මේ පත්තරේට කතා කරොත් මොනවා හරි විස්තරයක් දැන ගන්න ලැබෙයි..
මාත් කොහෙන් හරි පටන් ගන්න එපයි…
උදේම නැඟිටින්න හිතන් ඇඳට ආවට මොකෝ මේ ස්ලීපිං ප්‍රින්සස් මට ඇහැරෙන්න දෙන්නෙම නෑ..
දවල් වෙන්න නැඟිටිලා ටවුන් එකට ගියා අලුත් සිම් එකකුයි, ෆෝන් එකකුයි ගන්න හිතන්..
අයියගේ ගාඩ් කෙනෙක්ගේ ස්කූටියක් අරන් ආවේ…
සිම් එකකුත් අරන් මං ශොප් එකකින් එළියට බහිද්දි දැක්කේ මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉන්නවා… පාර අයිනේ..
හිතට සැණකින් ආපු අදහසක් නිසා මං මාත් කෙලින්ම ඇඳුනේ ඒ රණ්ඩුව දිහාවට…
එතකොටයි මං දැක්කේ….
ඊළඟ චණ්ඩිකමෙන් හමුවෙමු…
බුදු සරණයි….!!
උපුටා ගැනීම කතාඅහුර පිටුවෙනි. සියලු හිමිකම් කතෘ සතුය