ආනවිලුන්දාව රැම්සා භූමියට අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළි කර ඇත්තේ ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව අද අනාවරණය කළා

ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරායි.

ආනවිලුන්දාව රැම්සා භූමියට අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සදහා අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිලිබද හෙළි වීමෙන් අනතුරුව බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වුන අතර ඒ පිලිබද සොයා බැලීමට වන සංරක්ෂණය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට සී බී රත්යනායක මහතා විසින් තීරණය කරනු ලැබුවා.

කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් පසූව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදු කරන අද සිදු කෙරුණා.

මෙහිදී අමාත්‍ය වරයා ” කිසිම කෙනෙකුට මොන මොන තරාතරම තිබ්බත් ඒවට ඉඩ දෙන්න සූදානම් වෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරනවා” මෙම අභය භූමිය සහ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව උපුටා දැක්වීමට අනුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ නිරත වූ අය සුජිත් නිශාන්ත ප්‍රනාන්දු යන අය ලෙසත්, ඉස්සන් කොටුව කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබෙනව.

මම හිටපු ප්‍රාදේශීය සභා සභාපති සමන්ත යන අයගේ ඉල්ලීම මත කිරීම සිදු කර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී ද අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා ලෙස භාවිත කර තිබෙන බවද මෙම වාර්තාවේ පමණක් සදහන්.

ඒ අනුව අදාළ වරදකරුවන් රුපියල් 15,000 සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලකට හෝ වසර 2 කට නොඅඩු සහ වසර 5 කට නොවැඩි බන්ධනාගාර ගත කිරීම යන දඩුවමකට යටත් වනව.

Advertisment