පළමු චණ්ඩිකම….
········~~~~~~~~········
අම්මෝ කකුල් දෙක.. මොන කැපිටල් අකුරක්ද මන්දා…. ලංකාව අවුරුදු ගාණක් ගියත් තාම එහෙම්මයි…
පාන්දර තිබ්බ ප්ලයිට් එකෙන් ලංකාවට ආවට ගෙදර කාටවත් නොකිව්වේ ඒ මිනිස්සු සප්‍රයිස් කරන්න හිතන්.. අන්තිමට මමයි සප්‍රයිස් වුණේ.. කෝ දෙයියනේ කෝල් කරපු කැබ් එක..
දැං නම් මගේ ඉවසීමේ සීමාවේ තාප්පේ කෙළවරටම ඇවිත් ඉන්නේ මං..
බලන් ඉදලා බැරිම තැන ට්‍රයිශෝ එකක නැගලා පාරට ආවා..
බස් එකක යනවා..
ආවූස්ස්ස් අප්පා.. කොහොමද රට හිටපු චුක්කී බස් එකෙන් බැහැලා හන්දියේ වීල් පාර්ක් එක හොල්මන් කරද්දී දැනෙන සනීපේ..
උදේ බස් වල ඉතින් සැමන් පැටවපු ටින් එකක් වගේනේ.. අරහෙන් තද වෙලා මෙහෙන් හිර වෙලා..
කොන්දා කෑ ගහනවා ඉස්සරහට යන්නලු.. ඒ යකා ඉස්සරහට ගිහින් කෑ ගහනවා පස්සට යන්නලු..
ඌට හොම්බෙන් යන්න ගහන්න හිතෙන්නේ මට විතරද අප්පා….??
හෑන්ඩ් බෑග් එක විතරක් අරන් ආපු හින්දා හොඳයි.. නැත්නම් මං විතරක් නෙවෙයි මගේ ලස්සන ඇඳුම් මල්ලත් පොඩි වෙලා, තෙරපිලා, චප්ප චුරුස් වෙලා යනවා..
ඉංග්ලිස් සිංදුවකුත් මුමුණ මුමුණ මං ඔහේ වට පිට බල බල හිටියා..
ඕඕඕඕඕ ශික්.. මෙච්චර සෙනඟ ඉන්න බස් එකක.. මෙච්චර ලැජ්ජ නැති වැඩක් කරනවද මූ…??
මගේ ආච්චි අම්මා මට වැහෙන්න ඔන්න මෙන්න..
බස් එකේ මැදට වෙන්න හිටපු ස්කූල් යුනිෆෝම් ඇඳපු නංගි කෙනෙක්ට අසහනකාරයෙක් හොඳ හේත්තුවක් දාලා..
පව්.. පොඩි කෙල්ල.. ලැජ්ජාවටයි, දැනෙන අසරණකමටයි ඇබෙරෙනවා.. එයා පුදුම අපහසුතාවයකින් වගේ…
සෙනඟ අස්සේන් අත දාලා මගේ විසිරිලා තිබ්බ කොණ්ඩෙ පෝනියක් දාගත්තා…
දැං නම් උඹ ඉවරයි…
බස් එකේ ඉස්සරහට වෙන්න හිටපු මං සෙනඟ අස්සෙන් අර අසහනකාරයා හිටපු තැනට කිට්ටු කරා..
ඌට මෙලෝ වගක් නෑ.. අර කෙල්ලට කරදර කරනවා.. තව හෝල්ට් තුනකින් මං බහින්නත් ඕන..
හිටපන්කෝ… අසහනකාරයෝ..
මං එකපාරටම උගේ අත් දෙකේ වැලමිටවල් දෙකෙන් පස්සට ඇදලා උගේ දණහිසට පාරක් ගැහුවා ඔලුව ශීට් එකේ වැදෙන්නම..
තප්පර දෙකෙන් තුනෙන් වෙච්ච දේට ඌට හිතා ගන්න බැරි වෙන්න ඇති.. අර ගෑණු ළමයාත් ඉක්මනටම එහාට වුණා..
“අත ඇරපන් මාව.. කාටද යකෝ මාව අල්ලන්න පුලුවන්… අත ඇරපන් මාව..”
තාමත් හරිහැටි මගේ මූණ නොදැක්ක ඌ මං කොල්ලෙක් කියලා හිතන් කෑ ගහනවා..
“කටවහපන්.. අසහනකාරයා… ස්කෝලේ ළමයෙක්ටවත් බස් එකක යන්න බෑ.. නංගී… ඔහේ මොනවද බලන් ඉන්නේ…?? තමන්ට කරදරයක් නම් කට ඇරලා ළඟ ඉන්න ඇන්ටි කෙනෙක්ටවත් කියනවා…”
මං තවත් උගේ අත් දෙක තද කරා…
“මේ අහපන්.. තෝ අත තිබ්බේ රණාගේ ගෝලයෙක්ට.. වැඩිකල් ජීවත් වෙන්න නෙවෙයි තෝ…”
“කටවහපන්.. රණා කියන්නේ මහලොකු මැරයෙක්ද.. උගේ පවර් අරන් කෙල්ලොන්ට කරදර කරන්නේ…??”
බස් එකේ හිටපු හැමෝම කලබල වෙලා.. අතරින් පතර වෙච්ච කතා වලින් මට තේරුනේ මේ යකා කෙල්ලොන්ට කරදර කරපු පළවෙනි දවස අද නෙවෙයි කියලා..
“මේ ඩ්‍රයිවර් අය්යේ… බස් එක කෙලින්ම පොලිස් ස්ටේශන් එකට හරවන්න…”
වටේ හිටපු මිනිස්සුත් කෑ ගහන්න ගත්තා පොලිසියට මූව බාර දෙන්න කියලා..
ඒ අතරෙදි එතන හිටපු තරබාරු ඇන්ටි කෙනෙක් ඇවිත් මූට හොඳ කනේ පාරක් ගැහුවා..
“මේ ව…. ගිය සතියේ මටයි ජැක් ගැහුවේ.. නොදකින් බල්ලා..”
බස් එකේ මිනිස්සු එන්න එන්නම කලබල වෙලා..
බලන් ගියාම මූට තියෙන්නේ එසේ මෙසේ අසහනයක් නෙවෙයි…
“උඹලා එක එකා බාවනවා… මාව පොලිසියට අරන් යන්න උඹලා.. ”
ඌ තව මොනෝ මොනදෝ කියන් ගියා..
මං තව පාරක් උගේ මූණ ශීට් එකේ ගැහුවා…
“තමුසෙට පොලිසියට යන්න ඕන දත් නැතුවද දත් ඇතුවද…? එහෙනම් කටවහන් හිටපන්..”
කිව්වා වගේම බස් එක පොලිස් ස්ටේශන් එක ගාවින් නැවැත්තුවා..
ළඟ පාත හිටපු පිරිමි දෙන්නෙක් ඌව අල්ලා ගත්තා.. බස් එකේ මැදින් අපිට යන්න ඉඩ මිනිස්සුම දීලා තිබ්බා..
ගැහැණු ළමයෙක් වුණත් මෙහෙම අපහසුතාවයන්ට ලක් වෙද්දි බලන් ඉන්න එක, ඉවසන් ඉන්න එක මහ මෝඩකමක්..
අපිත් එක්ක බස් එකේ සෙනඟ බාගෙට බාගයක් බැස්සා..
පොලිසියේ උත්සවයක් වගේ.. කවුද කෙනෙක් පිළිගන්න මුලු පොලිසියම එළියට ඇවිල්ලා..
මගේ මතකය දිව්වේ අතීතයට..
එදත් මෙහෙම පොලිස් ඇඳුම් ඇද ගත්තු හැමෝම එළියට වෙලා හිටියා අපිව පිළිගන්න..
පොලිසිය පිටතින් නම් කිසි වෙනසක් නෑ වගේ.. බිත්ති වල ගාල තියෙන තීන්ත ඇරුණම..
මල් පැළ ටිකකුත් වවලා.. එදා අපි ගොඩක් හිනා වුණා…
මහ සද්දෙන් නවත්වපු ජිප් එකේ සද්දෙට මාව ඩෝං ගාලා අතීතයෙන් වර්තමානයට ආවා…
තප්පර දහයක් විතරක් යනකම් කවුරුවත් ජිප් එකෙන් බැස්සේ නම් නෑ…
ඒත් ඊළඟ තප්පරේදී කවුරුහරි ජීප් එකේ දොර ඇරන් එළියට අඩිය තිබ්බා….
මගේ ඇස් නතර වුණේ ඒ මූණෙන්…..
—————————————————————————————————————-
ඔන්න වස්තුලා මං ආවා.. හැබැයි අද මං චුක්කී.. නිකන් චුක්කී නෙවෙයි.. චණ්ඩි චුක්කී.. ඒ හින්දා පරිස්සමින්..
කොල්ලා ආවේ නෑ තාම.. මගේ කොල්ලව ඉල්ලන්න හිතන් ඉන්න කෙල්ලෝ ටික හෙටත් බලන් ඉන්න වෙයි…
චණ්ඩි කෙල්ල වෙනස්… සැරයි.. නපුරුයි.. දුශ්ටයි… ඒ වගේම මාරම හුරතල්…
ඉන්නකෝ අද ඉඳන් චණ්ඩි කෙල්ල චුක්කී එක්ක..
ආදරෙයි පැලෙන්න… වස්තුලා හැමෝටම….
රේට් කරලා කමෙන්ට්ස් එකක් දාන්නත් අමතක කරන්න එපා.. ❤❤
ඊළඟ චණ්ඩිකමෙන් හමුවෙමු…
බුදු සරණයි….!!
උපුටා ගැනීම කතාඅහුර පිටුවෙනි. සියලු හිමිකම් කතෘ සතුය