කළම්බු ඩොක්යාඩ් පීඑල්සී (Colombo Dockyard PLC) ආයතනය නෝර්වේ හි Misje Eco Bulk AS සමාගම සඳහා භාණ්ඩ ප්‍රවාහන නෞකා 6ක් සහ අතිරේක නෞකා 4ක් නිෂ්පාදනය කිරීමට සූදානම් වේ.
මෙහි ගිවිසුම පසුගිය මාර්තු මස 14 වැනි දා අත්සන් තැබූ අතර, සැප්තැම්බර් මස දී හිමිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සමඟ බලහත්මකවීමට නියමිතය.
Misje Eco Bulk AS සමාගම ණ්Kare Misje & Co. සමාගමේ උප සමාගමක් වන අතර, එම මව් සමාගම විවිධ සේවා සපයන සමාගම් සමූහයකින් සමන්තවිත වේ.
මේ මීටර් 89.5 දිගු නෞකාවන් 5000 DWT දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ධාරතාවකින් යුක්ත වන අතර, ධාන්‍ය, ලී, බහාලුම් හා විවිධ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සැලසුම් කරයි’ මේ නෞකාවන් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කරනු ලබන අතර, මෙහි මූලික සැලසුම් නෝර්වේ හි Wartsila Ship Design Norway AS ආයතනය මගින් සිදු වේ.
කළම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනය මාස 18ක් ඇතුළත පළමු නෞකාව භාර දීමට සැලසුම් කර ඇති අතර, අනෙක් නෞකා මාස 4ක අන්තරයන් සහිතව සිදු කිරීමට සැලසුම් කර ඇත.