“පාර වසා ඇත විකල්ප පාරවල් බාවිතා කරන්න”

බයික් එක පදවන් ගිය සුදාරක පාරේ තැනක ලියල තිබ්බ ඒ පුවරුව දැක්කා විතරයි බයික් එක නැවත්තුවා. එතන තිබ්බේ තුංමන්හන්දියක්. ,සුදාරක යන ගමන යන්ඩ ඕන වුනේ අර වහල තියෙන පාර ඔස්සෙයි.

“දැන් මොකද කරන්නේ….”

පිටුපස හිටපු නිලුපුලිත් එය දැකපු නිසයි එහෙම ඇහුවේ. මෙතෙක් වෙලා දාගෙන ආපු හෙල්මට් එක ඇය ගලවල අතට ගත්තා.

“වෙන පාරක් හොයාගන්ඩ වෙනවා……මේ පාරෙන් යන්ඩ දැන් බෑනේ”

“අපි මේ පැත්ත ගැන හරියට දන්නෙත් නෑ. පාරක් අහගන්ඩ කියලා මේ රෑ දෙගොඩ හරියේ කාහෙන් අහගන්ඩද”

නිලුපුලි කිව්වේ තම phone එකෙන් වෙලාව බලල ඉවර වෙලා. වෙලාව රෑ එකොලහයි විසි එක විදිහට සදහන් වෙලා තිබ්බා. ගෙවල් දොරවල් නැති මිනිස් කටහඩක් නැති ඒ පෙදෙසේ ඔවුන් මංමුලාවෙලා කියලයි ඇයට වැටහුනේ.

සුදාරකගේ ගොඩක් දුර බැහර හිටපු සොහොයුරියගේ නිවසට බයික් එකේම ගිය නිලුපුලිත් ඔහුත් හැමදාම වගේ ප්රදාන පාරවල් වල නොගොස් අතුරු පාරවල් වලින් ඒ නිවසට යන්නේ කෙටි දුරකින් ඒ නිවසට යන්ඩ 🐘හැකිනිසායි. අදත් ඔවුන් ඒ ගමන බයික් එකේ ගියේ සුපුරුදු විදිහටමයි. දවල් අවුවේ වාහන ගොඩේ යන එකට වඩා රෑ මේ ගමන යන එක හොද කියල හිතුන නිසා ඔවුන් රෑ නමය වෙද්දිම සුදාරකගේ සොහොයුරියගේ නිවසෙන් පිටවුනා.

මේ වගේ දෙයකට මුහුන දෙන්ඩ වෙයි කියලා ඒ වෙලාවේ ඔවුන්ට හිතුනේ නෑ.

“අපි ආපහු යමු ,ගිහිල්ලා ප්රාදාන පාරකට දාල යමු”

සුදාරක එක කියද්දී නිලිපුලීට අඩි හඩක ඇහුන නිසා පිටිපස්ස හැරිලා බැලුවා. ඇය දැක්කේ ඔවුන් පැත්තට එන මින්ස් චායාවන් තුනක්. දෙන්නෙක් පාරෙ ඔවුන් හිටපු පැත්තට එද්දී එක්කෙනෙක් පාරෙන් එලියට පැනල ගහකට මුවා වුනා. මුත්රා කරන්න වෙන්න ඇති. ඇයට සිතෙද්දී සුදාරකත් ඔවුන්ව දැකල ඉවරයි.

“අම්මො මේ රෑ මංකොල්ල කාරයොද දන්නෙත් නෑ..”

නිලුපුලීට ඒක මතක් වුනේ ඇග හිරිවට්ටමින්.

අර චායාවන් තුන නිලුපුලිත් ,සුදාරක ලගට ලංවෙන්ඩ එච්චර වෙලා ගියේ නෑ. එතකොටයි නිලිපුලී දැක්කේ එතන හිටියේ අවුරුදු තිහ කිට්ටු කරපු මිනිස්සු දෙන්නෙක් කියලා. එච්චර නපුරු බවක්නම් ඔවුන්ගේ මූනවල් වලින් ඇය දැක්කේ 🐎නෑ…

“මොකද මල්ලිලා මෙතන ”

නිලූපුලීගේ මූනත් සුදාරකගේ මූනත් දිහා වරින වර බලමින් එක්කෙනෙක් ඇහුවා. ඔහුගෙ කටින් ආපු ගදත් කතා කරපු විලාසයක් අනුවනම් ඔහු හිටියේ ටිකක් වෙරිවෙලා කියලා නිලුපුලීට අදුනගන්ඩ අමාරුවුනේ නෑ.

“වෙනද යන පාර ,ඒක වහලා ,මොකද කරන්නේ කියලා හිතාගන්ඩ බැරි හින්දයි පොඩ්ඩක් හිටියේ”

සුදාරක කිව්වා.

“කොහාට යන්ඩද මල්ලී ”

ඔහු එහෙම දෙයක් අහද්දී සුදාරක යන්ඩ ඕනා තැන ගැන කිව්වා.

“ආ එහාටද ,, එහාටනම් ඉතින් යන්නේ මේ පාරෙන් තමා ,ඒත් ඒක වහලනේ ,පාලම කඩලා හදනවා…..”

“වෙන පාරක් නැද්ද අයියේ එහාට යන්ඩ ”

“පාරක්නම් තියෙනවා මල්ලී, අර වහල තියෙන පාරෙන් යනකොට වඩා ඔන්නම් හැතැම්මම්ක් විතර ඊට වඩා දුර ඇති. ඒත් ඉතින් මේ රෑ යාමේ ඒපාරෙ යන එක ටිකක් ඩේන්ජරස් ”

“ඇයි මොකද ඒ ”

“ඒක මල්ලි කැලෑ පාරක් ඒකයි, එච්චර හොද පාරකුත් නෙමේ ”

“ඇයි අලි එහෙම යද්දි පාර පනිනවද ” 🐤

“නෑ එහෙම අවුලකුත් නෑ ”

“එහෙනම්”

“අනේ මේ බං ඔය මල්ලිලට බන කියන්නෙ නැතිව ඒ පාර කියපන්, විකාර දොඩවනවා.උන්ටත් පරක්කු වෙනවා ,අපිටත් පරක්කු වෙනවා.”

මේ පාර කතා කෙරුවේ සුදාරක එක්ක මෙතෙක් වෙලා කතා කරපු කෙනා නෙමේ ,අනිත් කෙනා.

** “ඔව් අයියේ අපිට කියන්ඩ ඒ පාර.,අපි කොහොමහරි යන්නම්”

“හරි මේ පාර දිගේ කෙලින්ම යන්ඩ ගිහිල්ල දෙවනියට හම්බවෙන දකුණු පැත්තෙන් හැරෙන පාරට හැරෙන්ඩ…ඊට පස්සේ…………”

ඔහු දිගටම පාර විස්තර කරන් යද්දී සුදාරක විතරක නෙමේ නිලිපුලීත් ඒ පාර මතකේ රන්දව ගත්තා…

“හැබයි මල්ලි මේක කැලේ මැදින් යන පාරක් ,දිගටම යන්ඩ ,මගදි මොන දේකටවත් නවත්තන්ඩ එපා….”

“හරි අයියේ ,ගොඩක් ස්තූතීයි කරපු උදව්වට ”

කියපු සුදාරක බයික් එක යලිත් පණ ගැන්නුවා. වරක් අර දෙන්න දිහා බලපු නිලුපුලි හෙල්මට් එක දාගත්තට පස්සේ සුදාරක බයික් එක ඉස්සරහට ඇද්දුවා.

ඉතුරු කොටස ඊලග දවසට