සංගමන් කන්දට නාවික සැතපුම් 38 ක් දුරුන් පිහිටි MT New Diamond නැමැති තෙල් නැවක් අනතුරට පත්වී තිබෙනවා. එහි නාවික කාර්යමණ්ඩලය මුදවාගෙන තියෙනවා අතර ගින්නෙන් 19 දෙනෙක් තුවාල වෙලා තිබෙනවා.
නාවික හමුදාව මේ වනවිට නාවික යාත්‍රා තුනක් යොදවලා තියෙනවවා ඇති අතර නාවික සැතපුම් 38 ක් (70 km) දුරින් මේ සිදුවීම වෙලා අති බවයි වාර්තා වන්නේ

නෞකාවේ තෙල් ඇති බවත්, ගමන් ගන්නා තෙල් වලට අමතරව එය ටැංකි නැවක් (Oil Tanker) හෙවත් තෙල් ප්‍රවාහන යාත්‍රාවක් බවත් එහි මේ වන විට තෙල් ටොන් ලක්ෂ 3 කට ආසන්නව ඇති බවත් සදහන්. හදිස්සියේ හෝ ගින්න නිසා නැව මුහුදුබත් වුවහොත් හෝ අනතුරෙන් තෙල් මුහුදට කලවම් වුවහොත් ලංකා සාගර කලාපය අවට සිදු වූ විශාලතම පාරිසරික ව්‍යසනය මෙය වනවා පමණක් නොව ලංකාවේ නැගෙනහිර හා බටහිර වෙරලාසන්න තල්මස් මෙන්ම අනෙකුත් මත්ස්‍ය ප්‍රජාවට වෙන හානිය නොගැනිණිය හැකි වෙන බවයි පැවසෙන්නේ.