රටවල් 10ක් චීනයට සින්න වෙයි – ජාත්‍යයන්තර ආයතනයක් කියයි

චින ණය උගුල් දේශපාලනය නිසා ලෝකයේ රටවල 10ක් චිනයට සින්න වන බව ආර්ථිකය සහ භූදේශපාලනය පිලිබද බුද්ධි මණ්ඩලයකින් සැදුම් ලත් ආයතනයක් ප්‍රකාශ කරයි. Washington-based think-tank Center for Global Development. මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ ජූනි මස පලමු වැනි දිනය. ලෝකයේ රටවල් රටවල් 68 ක් මෙම සමීක්‍ෂණයට භාජනය කොට ඇත.

චීන ණය නිසා ලෝකයේ රටවල් 23ක් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්ව ඇත .තවත් රටවල් 10ක් සියදිවි නසා ගන්නා අඩියටත් පත්ව ඇති ඇත. මෙම රටවල් 6.2% වාර්ෂික පොලියකට ගත් ණය මුදලට මේ වන විට 11.6%ක පොලියක් ගෙවීමට සිදු වීම ඊට හේතුවය. දේශීය මුදල් ඒකකය කඩා වැටෙන ප්‍රමාණයට සාපේක්ෂව තත්වය තවත් බැරෑරුම් වෙයි. අදාල පොළිය සහ ණය වාරිකය ගෙවීමට මෙම රටවලට වත්කමක් නොමැති බව වාර්තාව දෙයි.

චීන ණය උගුල් දේශපාලනය නිසා බුන්වත් තත්වයට පත්ව ඇති රටවල් 10 මෙසේය. කිර්ගිස්තානය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තජිකිස්තානය, ජිබුති, මාලදවයින, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටෙනිග්‍රෝ සහ ඇන්ගෝලියාවය.

කිර්ගිස්තානය සහ තජිකිස්තානය චීනය සහ යුරෝපය යාකරන ගොඩබිම් සේද මාවතේ පිහිටි මර්මස්ථාන වෙයි .

ඉන්දියන් සාගරයට මුහුනලා පිහිටි ග්වාදාර් වරාය සහ චීනය යාකරන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා පකිස්ථානය චීන ණය උගුලේ සිරවී ඇත.

ලංකාව මුහුදු සේද මාවතේ පිහිටි මර්මස්ථානයකි. ආදායමක් ලබා නොදෙන අවිධිමත් ව්‍යාපෘති චීන ණය යටතේ ක්‍රියාත්මක කිරීම නිසා ලංකාව චීන ණය උගුලේ සිර විය

මොන්ටෙනිග්‍රෝ රාජ්‍ය, චීනය සහ යුරෝපය යාකරන ගොඩබිම් සේද මාවතේ පිහිටි වැදගත් රටකි. තවද . මධ්‍යධරනි සාගරයට මුහුනලා පිහිටි වැදගත් වරායක් මෙහි පිහිටා ඇත.

ලාඕසය ආසියාවේ දිළිඳුම රටකි. නමුත් ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. චීනය සහ ලාඕසය යාකරන දුම්රිය මාර්ගයක් ඉඳිකිරීමට යාම නිසා ලාඕසය චීන ණය උගුලේ සිරවී ඇත.

චීන ණය යටතේ ක්‍රියාත්මක කළ අවිධිමත් නගර සංවර්ධන ව්‍යාපෘති, තට්‍ටු ගොඩනැගිලි, අධිවේගී මාර්ග නිසා ඇන්ගෝලාව බුන්වත් විය. අප්‍රීකාවේ තෙල් නිෂ්පාදනයෙන් දෙවැනි ස්ථානය හිමි ඇන්ගෝලාවටය. ඛනිජ සම්පත් වලින්ද ඇන්ගෝලාව කිසිවෙකුට දෙවැනි නැත.

ලෝකයේ අතිශයෙන්ම වැදගත්ම වරාය පිහිටා ඇත්තේ ජිබොටි රාජ්‍යයේය. ලෝකයේ විදෙස් බලවතුන් සියල්ලක්ම කඳවුරු බැද ඇති එකම රට ජීබොටී වෙයි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය , චීනය , ඉන්දියාව, ජපානය , සෞදි අරාබිය මේ වන විටත් ජිබොටි රාජ්‍යයේ හමුදා කඳවුරු ස්ථාපිත කොට ඇත.

මාලදිවයින ”එක් මාවතක්-එක් තීරයක්” නොහොත් චීන මුහුදු සේද මාවතේ පිහිටි වැදගත් රටකි. චීන ණය යටතේ විශාලන් වරාය ව්‍යාපෘතියක් එහි ක්‍රියාත්මකය

මොන්ගෝලියාව චීනයට අල්ලපු වැටේ පිහිටි ස්වාභාවික සම්පත් වලින් පොහොසත් රටකි..

මූලාශ්‍ර : http://www.norwaynews.com/10-countries-are-falling-into-chinas-debt-trap/amp/?fbclid=IwAR1nZo1IZ1gBJCHLUg0GjTTcro173DmrOgiJaOkbSGktOU0_ZL5QXHk9Zi8