නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට සිදු කෙරේ. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මගුල් මඩුවේදී.

වත්මන් ව්‍යවස්ථාවට අනුකුලව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30කට සීමා කර තිබීම විශේෂත්වයක්. ඒ අනූව කැබිනට් අමාත්‍ය ධුර 28ක් පමණක් ඇතුළත් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40ක්. මෙවර තවත් විශේෂත්වයක් වන්නේ, නියෝජ්‍ය අමාත්‍ය ධුර නොතිබීමයි.