රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දේශීය ව්‍යාපාර ප්‍රවර්ධන එහි අරමුණ බව බත්තරමුල්ල තලවතුගොඩ ජන හමුවකදී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.
මේ අතර බන්ධනාගාර ගතව සිටින රැඳවියන් නඩත්තු කිරීමට රජයෙන් මුදල් වියදම් නොකර ඔවුන්ව ආර්ථික උත්පාදනව්‍යපෘති සඳහා යොදවා වියදම් පියවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.
මිට අමතරව පාසල් දරුවන්ට දෛනිකව ඉතා විශාල බරකින් යුත් පාසල් බෑගයක් රැගෙන යාමට සිදුව ඇති බවත් ඒ සඳහා මැදිහත්වීමක් කරන ලෙස ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා අද (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවු අතර එහිදී මෙම අදහස් පළව තිබෙනවා.