වේයන්ගොඩ – කුඹල්ඔළුව ප්‍රදේශයේ දී සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වේයන්ගොඩ කුඹල්ඔළුව ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් වෙළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් වයස අවුරුදු එකහමාරක සහ අවුරුදු 9ක පිරිමි ළමුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී අදාළ කාන්තාව විසින් ත්‍රීරෝද රථය පදවා ඇති අතර ඇයට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
මියගිය තිදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.