බයික් එකක ස්පීඩ් එක, දුවන කිලෝමීටර් ගාණ, ඩිසයින් එක වගේම බයික් එකක් පාවිච්චි කරද්දි ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි බයික් එකේ හැන්ඩ්ලින්. හැන්ඩ්ලින් වලට බයික් එක විතරක් නෙමෙයි තව එක එක දේවල් බලපානවා. බයික් එක පදින කෙනාගේ දක්ෂතාවය, බයික් එක යන පාර, චැසිය නඩත්තු කරන විදිය වගේ කරුණු කාරණාත් හැන්ඩ්ලින් වලට බලපානවා. හැබැයි කලින් කිව්ව කරුණු වලින් බයික් එක පදින කෙනාගේ පාලනයෙන් තොර ඒ වගේම ගොඩක්ම වැදගත් දේ තමයි බයික් එකේ ඩිසයින් එක. බයික් එක ඩිසයින් කරද්දි ඉංජිනේරුවන්ට මිල ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න උනාම ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ ගොඩක් හොඳ තත්ත්වයේ හැන්ඩ්ලින් බලාපොරොත්තු වෙන්න බැරි වෙන එක. දීලා තියෙන බජට් එක ඇතුළේ හොඳ තත්ත්වයේ ශොක්ස් දාන්න බැරි නම් හැන්ඩ්ලින් වල තත්ත්වය අවුල් වෙනවා. හැන්ඩ්ලින් හොඳම බයික් ලිස්ට් එක හදද්දි අපිට විවිධ ජාතිවල නවීන වගේම ඉතාමත් පරණ බයික් හම්බුණා.
1.Triton

Norton Featherbed slim-line ෆ්‍රේම් එකක් සහ බොනවිල් එන්ජින් එකකින් සමන්විත මේ ක්ලැසික් බයික් එකේ හැන්ඩ්ලින් වලට ගහන්න පුලුවන් බයික් එකක් තාම නැහැ කියල තමයි ගොඩක් අය කියන්නේ. පෙනුමෙනුත් අලුත්ම බයික් වලටත් නොදෙවෙනි ලස්සන බයික් එකක් තමයි මේක. රේස් බයික් එකක් විදියට එළි දැක්වුණු මේ බයික් එකේ ෆ්‍රේම් එක නිසා තමයි හැන්ඩ්ලින් හොඳම තත්ත්වයක තියෙන්නේ.
2. TZ Yamaha

යමහා TZ මාදිලියට බයික් ජාති කිහිපයක් අයිතියි. 125, 250, 350, 500, 700, සහ 750 යන කාණ්ඩවල මේ TZ බයික් අනිත් කිසිම වර්ගයක බයික් කාණ්ඩවලට වඩා රේස් දිනලා තියෙනවා. 700 සහ 750 බයික් මාදිලිවල හැන්ඩ්ලින් නම් සවුත්තුයි කියලා කිව්වට 250 සහ 350 මාදිලි දෙකේ හැන්ඩ්ලින් නිසාම දිනපු රේස් ගොඩක් තියෙනවා.
3. Suzuki GSXR 750

සුසුකි සමාගමෙන් සාමාන්‍ය පාරවල් වල යන්න හදපු බයික් එකක් උනාට GSXR 750 බයික් එකෙන් රේස් එකක් පදින එක ලොකු වැඩක් නෙමෙයි. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරපු මේ බයික් එක ඉතාමත් ජනප්‍රිය මොඩ්ල් එකක්. විශාල ධාරිතාවයකින් යුතු එන්ජිම වගේම විශිෂ්ට හැන්ඩ්ලින් සහ බ්රේක් සිස්ටම් එකක් GSXR 750 බයික් එකේ තියෙනවා.
4. Norton Commando

මෝටර් බයික් වල හැන්ඩ්ලින් වෙනම ලෙවල් එකකට ගෙනගිය බයික් එකක් විදියට තමයි Norton Commando හඳුන්වන්න පුලුවන්. Featherbed ෆ්‍රේම් එක නිසා හිතන්නවත් බැරි තරම් ස්ථායි හැන්ඩ්ලින් එක්ක මේ බයික් එක පදින්න පුලුවන්. බයික් නිෂ්පාදනයෙන් ලද අත්දැකීම් ගොඩක ප්‍රතිඵලයක් විදියට තමයි මේ බයික් එක වෙළෙඳපොළට ආවේ.
5. Velocette Viper

අවුරුදු ගාණක් මහන්සි උනත් Velocette Viper බයික් එකේ හැන්ඩ්ලින් සහ ස්ටියරින් වල වැරැද්දක් අඩුපාඩුවක් හොයන එක කරන්න ඉතාමත් අමාරු වැඩක්. ඒ දවස්වල වගේම අදටත් ගොඩක් බයිසිකල් සඟරාවල ප්‍රධාන මාතෘකාව උනේ මේ බයික් එක.
6. Honda 400/4

ජපන් බයික් එකක් කිව්වම ඕන කෙනෙක් කැමතියි නේ. හැබැයි මේ බයික් එක එන්න කලින් ජපන් බයික් වල එන්ජින් එකේ චැසිය ගැන සෑහීමකට පත් වෙන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. යුරෝපයේ බයික් තරම් හොඳ ලෙවල් එකක හැන්ඩ්ලින් නැති උනත් ජපන් බයික් වෙනස්ම මඟකට අරන් ගිය Honda 400/4 බයික් එක බය නැතුව විශ්වාසයෙන් පදින්න පුලුවන් බයික් එකක්.
7. Laverda Jota

බ්‍රිතාන්‍යයේ බයික් ආනයනය කරන සමාගමක අදහසකට අනුව නිර්මාණය කරපු Laverda Jota එක වාණිජමය වශයෙන් මහා පරිමාණයෙන් අලෙවි කරන්න නිෂ්පාදනය කරලා බ්‍රිතාන්‍යයට ආවේ 1976 අවුරුද්දේ. හැබැයි 1971 මිලාන් බයික් ප්‍රදර්ශනයේදි මේ බයික් එකේ දළ නිමැවුමක් එළිදැක්වුණා. පැයට සැතපුම් 140 වේගයට ළඟා වුණු පළමු සාමාන්‍ය බයික් එක විදියටත් Laverda Jota පිළිගැනෙනවා. ගොඩක් වේගයෙන් යන ගමන් ඉතාම පහසුවෙන් වංගු ගන්න පුලුවන් හැකියාව නිසා රසිකයෝ විතරක් නෙමෙයි බයික් රේස් ගණනාවක්ම දිනන්න Laverda Jota ට පුලුවන් උනා.
8. BSA Gold Star

එංගලන්තයේ ක්ලැසික් මෝටර් බයිසිකල් ගණයට අයිති BSA Gold Star නිෂ්පාදනය උනේ 1938-1963 කාල පරාසයේ. Gold Star කාණ්ඩයේ පළවෙනි බයික් එක උනේ 1938 දී එළිදැක්වුණු JM24 මාදිලිය. BSA Gold Star ප්‍රසිද්ධ උනේ හැන්ඩ්ලින් වලට විතරක් නෙමෙයි. ඉතාම විශිෂ්ට ගණයේ එන්ජින් එක නිසා මේ බයික් එක කිසිම පප්‍රශ්නයක් නැතුව පැයට සැතපුම් 90 වේගයට ළඟා උනා. ඉතින් ඒ කාලේ මේ වගේ වේගෙන් යන හොඳ හැන්ඩ්ලින් තියෙන බයික් එකක් රේස් දිනන එක පුදුමයක් නෙමෙයි නේ. BSA සමාගම කියන විදියට Gold Star නිෂ්පාදනය කරලා තියෙන්නේ එදිනෙදා පාවිච්චියට නෙමෙයි. ඔයාටත් BSA Gold Star එකක් තිබිලා තියෙනවා නම් එහෙම නැත්නම මේකේ රවුමක් ගිහින් තියෙනවා නම් මේකේ හැන්ඩ්ලින් කොච්චර හොඳද කියලා ඔයා හොඳටම දන්නවා.
Biker.lk