මේක හරිම අපූරු ගම්මානයක්. මේ ගම්මානය පිහිටල තියෙන්නේ නෙදර්ලන්තයේ. මේ ගම හැඳින්වෙන්නෙ Giethoorn කියන නමින්. මේ ගම පුංචි වැනීසිය කියලත් හඳුන්වනවා. ඒකට හේතුව තමයි Giethoorn ගම්මානයේ පාරවල් නැහැ. වතුර පිරුණු ඇළවල් තමයි තියෙන්නෙ. සැතපුම් 4 කටත් වඩා දිග ඇළ පාරවල් මේ ගම හරහා වැටිල තියෙනවා.පහත රූප බලන්න.

Figure 1
Fig 2
Fig 3

මේ ගම්මානයේ මිනිසුන් 2620ක් පමණ ජීවත්වෙනවා වෙනවා. මේ ගම්මානය පිහිටලා තියෙන්නෙ Overijssel හි Dutch කියන පලාතෙ. මේ ගමේ මිනිස්සුන්ට ගමන් බිමන් යන්න කාර් පාවිච්චි කරන්න බැහැ.ඒ නිසා මේ ගමට එන මිනිස්සු එයාලගෙ වාහන ගමට ඇතුල් වෙන්න කලින් නතර කරලයි එන්නේ. Giethoorn වල පාලම් 180ක් විතර ප්‍රමාණයක් තියනවා.ඒ නිසා Giethoorn එන මිනිස්සු ගමේ සංචාරය කරන්නෙ මේ පාලම් හරහායි.

Fig 4

මේ ගම ලොව ඇති සුන්දරම සහ සාමකාමි ගම්මානයක්.

Giethoorn වලට එන සංචාරකයන්ට පුලුවන් කුලියට ලබාගත් බෝට්ටුවක් මගින් ගම පුරා සංචාරය කරන්න. Giethoorn ගම්මානය සොයාගෙන තියෙන්නෙ රහසින් පලා යමින් සිටි ආගමික කල්ලියක් විසින්.

මේ ගම්මානයේ අවුරුද්ද පුරාවටම ඕනෑම වෙලාවක සංචාරය කරන්න පුලුවන්. නමුත් ගම්මානයේ සුන්දරත්වය රස විඳින්න හොඳම කාලය වෙන්නෙ ගිම්හාන කාලය.මොකද ශීත කාලයට මේ ගම්මානයේ තියන ඇළ වල් අයිස් බවට පත් වෙනවා.ඊට පස්සෙ අපිට පේන්න තියෙන්නෙ අයිස් කුට්ටි විතරමයි.මේ ඡායරූපයත් බලන්න.

Fig 5

ඔන්න ඔච්චරයි මේ ගම්මානය ගැන අපිට කියන්න තියෙන්නෙ.පහලින් තියෙනවා මේ ගමේ ඉහල සිට ගත්තු ඡායාරූපයක්.ඒකත් හොඳට බලන්න.එතකොට ගම්මානයේ මුලු සැලස්ම ගැන ඔබට අදහසක් ගන්න පුලුවන්.ඔබ සංචාරය කරන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගම ඔබේ List එකට දාගෙනම තියාගන්න.ජීවිතයේ එක් වතාවක් හෝ යන්න ලැබෙනවනම් එයත් වාසනාවක්.

Fig 6
Fig 7

Advertisment