හමුදාව කොවිඩ් සටනට ඕන නෑ කියපු අය වෙනුවෙන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අපූරූ පිලිතුරක් ලබාදුන්නා. ඒ දෙරණ මාධ්‍ය ජාලයේ පැවති රූපවාහිනී වැඩ සටහහනකදී.
” අපි හමුදාවේ එන්න ඕනේ වෙලාවේ ආවා කතා කරා අපේ වැඩේ කරා. තව වැඩ තිබ්බට අපේ බහුතරයක් අපේ වැඩේ ඉවර කරලා තියෙන හින්ද අපි පැත්තකට වෙලා දැන් ඉතිං අනිත් අයට කරගෙන යන්න දීලා අපි බලාගෙන ඉන්න තියෙන්නෙ.
මුල් අදියරේදී විශේශයෙන් මේක සිවිල් කටයුත්තක් හමුදාව මොනවත් දන්නෙ මේ ගැන හමුදාව දන්නෙ නෑනෙ වසංගත පාලනය කරන්න අවශ්‍ය නෑ හමුදාව කැදවන්න මතයක් සමාජයෙන් ආවා. අනික ලෝකයේ අනෙක් රටවල් එහෙම හමුදාව යොදාගත්තේ නෑ. ඇයි අපි හමුදාව යොදාගත්තේ ?
ඒක තමයි අපේ ජනාධිපති තුමාගේ තියෙන බුද්ධිමත්කම. එහෙම කියන අයගේ ඒක බුද්ධියේ මට්ටම වෙන්නත් පුලුවන්. අතිගරු හිටපු හමුදා නිලධාරී වරයෙක් වශයෙන් වගේම දක්ෂ හමුදා නිලධාරියකු වශයෙන් එතුමා දැනගෙන හිටියා හමුදා වලට කරන්න පුළුවන් දේවල් මොකද කියලා.
ඒක තමයි දෙවැනි සතියේදී ඔබම දකින්නැති තැන් වලට ඇවිල්ලා වැඩ කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය අයම කිව්වා හමුදාව නැත්නම් අපිට හිතන්නත් බෑ මේ දේ කියලා. අපි අපිට දෙන කර්තව්‍යය කරන කට්ටියක්නේ. අපි ෆේල් වෙන්න යන කට්ටියක් නෙමේනේ හමුදාව කියන්නේ. ප
පළවෙනියටම මේ වූහාන් කතාව ආපු ගමන් මට කතා කරළා නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න කියලා මට කියද්දි අපි නිරෝධායන මධ්‍යස්ථානයක් හදන්න දන්නෙත් නෑ. මධ්‍යස්ථානය කොහොමද තියෙන්න ඕනා කියලා දැනුමක් නෑ නේ. ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා කිව්වා මෙහෙම කරන්න කියලා.
ඉතින් අපි ඒ මධ්‍යස්ථාන හැදුවා හදලා ඒ කියපු ක්‍රමවේදයට මේක අරං ගියේ. අපේ හමුදාව නැත්තං හිතන්න කාටද මේ රටේ ඔය මධ්‍යස්ථාන හදන්න හැකියාවක් තියෙන්නේ. සෞඛ්‍ය ක්ශේත්‍රයේ අය කියනවා එතුමලට හිතන්නවත් බෑ කියලා.
ඔගොල්ලන්ට මතක ඇති ඉරණවිල රෝහලක් හැදුවා.මොකද අයි ඩී එච් එක පමණයි රටේ තිබ්බේ. මේ වගේ වසංගත රෝගීන් යොදවන්න. ඊලගට ඕනා උනා හෝමාගම රෝහල හදන්න. ඉතින් මේ රටේ Curfew තියෙනවා කවුද මේවා හදන්න එන්නේ හමුදාව නැත්නම්.
අලුතෙන් කියන්න දෙයක් නෑ ඔබතුමාලා දන්නවා හමුදාව කියන්නේ මොනතරම් හැකියාවක් තියෙන කට්ටියද කියලා. මේ දේවල් වලට ඒ වෙලා යොදා ගත්තේ නැත්තං හමුදාව කවුද යොදාගන්නේ. සමහර රටවල් තියෙනවා දැන් දුක් වෙනවා ඇති. මේ රටවල් වල හමුදාව බොඩි එක අරන් යන්න විතරක් හමුදාවව දාලා තියෙනවා.
නමුත් අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා පරිණත පුද්ගලයන් හැටියට උදේ පාන්දරින්ම හමුදාව යොදවා ගත්තේ. ඉතින් මිනිස්සු ඇහුවා පහසුකම් තියෙනවද රෝහල් තියෙනවද කියලා. ඒත් ජනාධිපතිතුමා සැලුණේ නෑනේ.
ජනාධිපතිතුමා කාර්ය සාධක බලකාය යම්කිසි සැලසුමට යද්දී අපි දකිනවා ක්‍රමවේදේ මොකක්ද කියලා. ඒ අනු හැකියාව ලැබුණා පුළුවන් තරං මේ කට්ටිය බලාගෙන ඔවුන්ට දිය යුතු ප්‍රතිකාර කළ සෞඛය ක්ශේත්‍රයෙන් කරලා 11 දෙනෙක්කෙට පමණක් මේක සීමාව කරගන්න හැකියාව ලැබුණා.