යෝජනා වී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වත්මන් රජය විසින් කිසිසේත්ම අත්සන් කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මෙම ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට හා රටේ නීති රීතිවලට ද පටහැනි බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවේ පවා සඳහන් ව ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථාවට හෝ නීති රීති පද්ධතියට පටහැනි කිසිම ගිවිසුමකට කිසිම පාර්ශවයක් සමඟ අත්සන් කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බව දැන් පැවසූ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඒ සම්බන්ධයෙන් රටට පැහැදිලි පොරොන්දුවක් දී ඇතැයිද කියා සිටියේය.
එම නිසා මේ සම්බන්ධව රජයේ ස්ථාවරය නිල වශයෙන් ඇමරිකාවට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව තවදුරටත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය
Advertisment