සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ජනප්‍රිය ගීත බොහෝමයකින් රසිකයින්ට සමීප වුනු ඇය ගැන, පසුගිය දවස්-වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇති වුණා.

කෙසේ වුවත්, පසුව එම තරුණයා වන චිරන්ත සමඟ සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප පෙළකුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගත්තා.

ඒ ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු එක පෙළට ඇය “තමන්ගේ ආදරවන්තිය” බව කියමින් “ටික්ටොක්” වීඩියෝ පළ කිරීමත් සමඟයි.

මේ සමඟම ඇය දැන් පෙම්වතියක් බවටත්, ළඟඳීම විවාහ වන බවටත් රාවයක් සමාජය තුළ පැතිර ගියා.

තවත් පිරිසක් සඳහන් කළේ මෙය සමිතාගේ මියුසික් වීඩියෝවක් ගැන සිදු කරන “ප්‍රචාරණයක්” වන්නට ඇති බවයි.

කෙසේ වුවත්, පසුව එම තරුණයා වන චිරන්ත සමඟ සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප පෙළකුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගත්තා.

හිරු ගොසිප් අප කළ විමසීමකදීත්.. චිරන්ත‍, තමන් හා සමිතා අතර සම්බන්ධයක් ඇති බව තහවුරු කරමින් කියා සිටියේ “ඔව්.. ඒක ඇත්තක්” බවයි.

මේ අතර.. සමිතා, ඇගේ දියණිය, පුතා සහ ඇගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයා පෙනී සිටින වීඩියෝවක් මුහුණු පොතෙන් අපට හමුවුණා.

මෙම වීඩියෝවේ ගායන ශිල්පිනිය සමිතා මුදුන්කොටුව ගීතයක් ගායනා කරන අතර ඇගේ පෙම්වතා යැයි සඳහන් තරුණයා ඇය අසළින් සිටින අයුරු දැකගත හැකියි..

එම වීඩියෝව පහතින් බලන්න

Advertisment