පාස්කු ප්‍රහාරය නිර්මාණය වුනේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

අප්‍රේල් මස 21වැනි දින පාස්කු දින ප්‍රහාරය එල්ල වී සතියක් ගිය තැන එක්තරා නාලිකාවකට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රට අනතුරකට ගමන් කරන සිටින බව පවසමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතිදැයි ප්‍රශ්න කල විට එයට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා තමන් සුදානම් බව පැවසූ බව ඔහු සඳහන් කළේය.

ඉන්පසු දිගින් දිගටම පැවති ආණ්ඩුව විවේචනය කරමින් ජනධිපතිවරණ සටන ඇරඹු බව 2020 මහ මැතිවරණය ඉලක්ක කරගත් ජනහමුවක් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

21වැනි දින ප්‍රහාරය එල්ල වූ පසුව 27වැනිදා ජනාධිපතිවරණයට තමන් සුදානම් බව පැවසීම බළලා මල්ලෙන් එළියට පැනීමක් බව ඔහු සඳහන් කළේය.

ඔහු පවසන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම වෙනසක් නැතුව ප්‍රධාන කඳවුරු දෙකටම තිබෙන නිසා මුස්ලිම් සහ කතෝලික ඡන්ද ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය නිර්මාණය වූ බවයි.