ශ්‍රී ලංකාවේ අරක්කු වල තත්වය බාල වෙලා තිබෙන්නේ අරක්කු වල ප්‍රමිතිය සොයා බැලීම සදහා නිසි මිනුම් දණ්ඩක් නොමැති වීම නිසා බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානී සමන්තා විමලසේන මහත්මිය පවසයි..
අරක්කු වල ප්‍රමිතිය සොයා බැලීම සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිසි ප්‍රමිතිකරණයක් මේ වන විට සකස් කරමින් සිටින බවද සමන්තා මහත්මිය සදහන් කරයි.
මාධ්‍ය වල පසුගියදා සදහන් වු පරිදි අරක්කු වල රසයේ වෙනසක් සිදු වී තිබෙන්නේ අරක්කු නිෂ්පාදකයන් කෘතීම රා ඇතුලු විෂකාරක දේ ඊට ඇතුලු කරන නිසා බවත් එම මහත්මිය පැවසුවාය..
අරක්කු වල ප්‍රමිතිය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියාමනය කරන්නේ නැති බවත් ඇතැම් විට ඒවාගේ විෂ තිබිය හැකි බවටත් ඇය තව දුරටත් පවසයි.
.ලංකාවේ එතනෝල් භාවිතයෙන් අරක්කු නිශ්පාදනය කරන නිසා ඒවායේ ප්‍රමිතිය අඩු වී ඇතැයි කියන කතා මතවාදයක් පමණක් බව සෙවනගල හා පැලවත්ත සීනී සමාගම් වල නියෝජිතයන් ඒ පිළිබද විමසීමේදි කියා සිටියහ..අපේ රටේ එතනෝල් වල ප්‍රමිතියේ කිසිම අඩුවක් නැති බවත් ඔවුන් සදහන් කර සිටියහ..