පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහ අගරදගුරු හිමියන් සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පවසනවා.
බදුල්ලේ ඊයේ (23) පස්වරුවේ පැවති ජනහමුවකදී ඔහු මෙම අදහස් පළකළා
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු ඊයේ පැවති තවත් උත්සවයකදී පැවසුවේ අගරදගුරු හිමියන්ට අදරදගුරු ලෙස පැවසීම පිළිබද පමණක් තමා සමාව අයදින බවයි.
මේ අතර අගරදගුරු හිමියන්ට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු සිදුකළ ප‍්‍රකාශය පිටුපස තවත් සැලැස්මක් පැවතිය හැකි බවට අගරදගුරු පදවි සමාජ සේවා ආයතනයේ අධ්‍යක්‍ෂ ලෝරන්ස් රාමනායක පියතුමන් සැක පළ කරනවා. ඒ, හිටපු මන්තී‍්‍රවරයා සිදුකළ ප‍්‍රකාශයද හෙළා දකිමින්.
එම ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ගේ තුවාල යළි පාරන ප්‍රකාශයක් බවද ප්‍රකාශ කෙරුණා.
ආගමික නායකයින්ද තවදුරටත් හරීන් ප‍්‍රනාන්දු හිටපු මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් සිටිනවා. පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් සදහන් කළේ දේශපාලනඥයින් අදහස් පළ කිරීමේදී සිහිනුවනින් යුතුව කටයුතු කළ යුතු බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පවසන්නේ දේශපාලනඥයින් ප‍්‍රතිපත්ති සම්පාදනයට සීමාවී ආගමික පූජක උතුමන් විවේචනය කිරීම නොකළ යුතු බවයි.