පසු ගියදා පැවති රැස්වීමකදි හරින් ෆර්නෑන්ඩු විසින් අගරදගුරු හිමියන්ට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර තිබණා.
එම ප්‍රකාශය පහතින්
ගෝඨාභයගේ ගොඩින් 5% ගත්තා නම් සජිත්ට වැටුණා නම් 47 47 යි. ජේ වී පී එක දෙවැනි මනාපයේදී ගහලා තිබ්බා ලක්ශ 3 යි ගාණක්. කවුද මේ සීයට 5 වෙනස් කරේ. කතෝලික චන්ද සියයට 80 ක සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂයට.
එතනට දුන්නා ශොට් එක. ඒකට ගියා අගරදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්න මරු දේශපාලනය. මම ඒවා කවදාවත් කිව්වේ නෑ. මමත් කතෝලික සම්භාවයක් තිබ්බා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. අගරදගුරු තනිකර දේශපාලන කිරීම මට හිරිකිතයි.
එයා කිව්වනේ ඇමැති පුතා බේරුනා අපේ මිනිස්සු මැරුනා කියලා. මොන ආතබූත කතාවක්ද ඒ . ඒක තමයි දේශපාලනය. ඒක තමයි සීයට 5 ගේන්න වැඩ් කරපු මිනිස්සු මේ “
