වැලිකඩ බන්ධනාගාරයට මත්කුඩු ගෙනයාමට උත්සාහ කළ කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අද (17) නියම කලේය.
2013 වසරේ අගෝස්තු මස 30 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකාර කාන්තාව සිය යෝනි මාර්ගය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 සඟවා ගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණයක දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇය සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය තුළ ප්ලාස්ටික් පැකට් වශයෙන් අසුරන ලද මත්කුඩු පැකට් 216 ක් අන්තර්ගත වී තිබුණු බවද නඩු විභාගයේ දී සඳහන් විය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරිය ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ මත්කුඩු සන්තකයේ තබා ගනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
විත්තිකාරිය 60 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාවක් බැවින් ඇයට ලිහිල් දඬුවමක් නිමකර ලෙස ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකාර කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.