සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඊයේ දිනයේ මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කෙරුණු අතර එය අද දිනයේ සලකා බැලීමටයි එහිදී තීරණය කෙරුණේ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ මෙම සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.