අරාබි ජාත්‍යන්තර පාසල් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ කි‍්‍රයාත්මක බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

ඒ, පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින්. උන්වහන්සේ පවසන්නේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින්ගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක‍්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බවයි.

අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප‍්‍රදේශවල බවත් ඒවායේ ප‍්‍රධානීන් ඉහ්වාන් හා ජමාතේ ඉස්ලාම් යන අන්තවාදි මතයන් දරන්නන් බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ සිටියදි අයි.එස් සංවිධානයේ ක‍්‍රියාකාරකම් සඳහා යොමුවු පළමු පුද්ගලයාද ගලේවෙල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු බවයි ඥානසාර හිමියන් සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් වරින් වර එම පාසල්වල නම් වෙනස් කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තොරතුරු සෙවීමට අපහසු බවද උන්වහන්සේ පවසා තිබෙනවා. ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් උන්වහන්සේ පවසා ඇත්තේ දෙහිවල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයකද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවයි.

මේ අතර විදේශයන්හි සිට අන්තවාදින් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරිම සඳහා මෙරට තුළ තවමත් නිසි ක‍්‍රමවේදයක් නොමැති බවයි ඥාණසාර හිමියන් පවසන්නේ.

මෙරට තුළ කලක් තිස්සේ සිදුවු අන්තවාදි ක‍්‍රියාකාරකම් පිළිබඳ තමන් දැනුවත් කළද පාස්කු ප‍්‍රහාරය එල්ලවන තුරු තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බවද උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

Advertisment