කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයක් මත යළි ක්‍රියාත්මක
කිරීමට රජය සුදානම් වෙයි.
ඊශ්‍රායලයේ ආයෝජනයක් මත මෙය ක්‍රියාත්මක අතර, නවීන තාක්ෂණය යටතේ කර්මාන්ත ශාලාව සකස් කරනු ලබයි. සීනි කර්මාන්ත ශාලාව යළි නිෂ්පාදන කටයුතූ ආරම්භ කිරීම පිළිබඳව කන්තලේ සීනි පුර විහාරස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවට එක් වූ ආයෝජකයෝ මෙසේ පැවැසූහ.
” අගමැතිවරයාගේ අවධානය මෙය ප්‍රතිස්ථාපනය කිරීමට යොමුවෙලා තියෙනවා. එම් ජී ෂුගර් සමාගම ආයෝජකයෝ ව්‍යාපාර සැලසුම් පිළිබඳ සාකච්ඡා කරනවා. මෙහි ආයොජකයන් වෙන්නේ බ්‍රිතාන්‍යයේ වෙසෙන මෙන්ඩල් ගලැක් සහ මවුසි සලේම් කියන අය. ඔවුන් එස්.එල්.අයි සමාගම විදියට මෙහි ආයෝජනය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන හාරසිය පනහක ව්‍යාපෘතියක් ලෙසයි.
අවුරුදු විසිහතක් පමණ තිස්සේ තමුන්නාල්සේලා දුක් විඳිනවා. මේක හෙට ඉඳලා මල් පීදෙනවා කියලා
කියන්නේ නෑ මේ හිටියා වගේ තව සති දෙක තූනක් ඉවසන්න. මේ තියෙන නඩුහබ ඉවර උනාම මේක
පටන් ගන්න අවශ්‍ය චෙන මූලික වැඩ පිළිවෙළ කෙරිලා ඉවරයි.”
මේ නව ෆැක්ටරි එක එන්නේ නව තාක්ෂණයත් එක්ක. දැනට ශ්‍රී ලංකාවේ පැල්වත්ත සහ සෙවණගල
ෆැක්ටරිවලින් හෙක්ටයාර් එකකට මෙට්‍රින් ටොන් 50-70වක වගේ නිෂ්පාදනය කරන්නේ. මේ කොම්පැණි එකේ ව්‍යාපාර සැලැස්මේ තියෙනවා ඒක එකසිය තිහක් කරනවා කියලා. ඒක ඔප්පු කරලා තියෙන්නේ පරීක්ෂණ වලින්. මේ තාක්ෂණය තමුන්නාන්සේලාගේ ගමටත් එනවා.”