පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ‘ ආමි චමින්ද ‘ කහම්බාන ප්‍රදේශයේ රක්ෂිත වනයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලීසිය හා අපරාධකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
පොලිස් වෙඩි පහරින් සැකකරු මියගොස් ඇති බව කළා.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි කේ.එම් චමින්ද කුමාර (35) නැමති යුධ හමුදාවෙන් පැනගිය සෙබළෙකි.
මෙම පුද්ගලයා ඉකුත් (31) වෙනිදා මොනරාගල මාරාව ප්‍රදේශයේ පදිංචි ඩී.එම් දිසානායක (58) නැමැති දෙදරු පියෙකු ඔහුගේ ඔහුගේ නිවසේදීම වෙඩිතබා ඝාතනය කර තිබුණා.
පසුව අපරාධකරු ප්‍රදේශයෙන් පලාගොස් කහම්බාන ප්‍රදේශයේ රක්ෂිත වනයේ සැඟවී සිට ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලීසියට වෙඩිතබා තිබුණා.
පොලීසියද පෙරළා වෙඩිතබා ඇති අතර එම වෙඩිපහරින් අපරාධකරු මියගොස් තිබෙනවා.
මියගිය අයගේ මළසිරුරු ලඟ තිබී මෙරට නිෂ්පාදිත තුවක්කුවක්,උල් පිහියක්,අත්බෝම්බයක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කළා.
ඔහුගේ මෘත දේහය දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත්කැර තිබෙන අතර අද (06) මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.