වන ජීවී අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතාගේ මැදිහත් වීමෙන් කලාවැව රක්ෂිතයට අයත් භූමියෙන් අක්කර 100 ක් ” ප්‍රයිම් සයිට් ” නම් වූ පුද්ගලික සමාගමකට අඹ වගාවක් සඳහා ලබා දී ඇති බවට පරිසර වේදීහූ චෝදනා එල්ල කරති.
පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරන ආකාරය මහවැලි අධිකාරියට පවරා ඇති එම වන රක්ෂිතය අලිමංකඩක් වන බැවින් බරපතල පාරිසරික ගැටළු ඇතිවන බවය.
ඊට අමතරව රක්ෂිතයක් මේ ආකාරයට පුද්ගලික ව්‍යාපෘතියකට ලබාදීම නීති විරෝධී සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයටත් කළ ජනතාවගේ අපේක්ෂාවලට පටහැනි බවද ඔහු සඳහන් කරයි.
එම ව්‍යාපෘතියේ කොටස් සඳහා හිතවතකු මාර්ගයෙන් අමාත්‍යවරයා ආයෝජනය කරන බවට ද චෝදනා එල්ල වේ.