කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.අප කළ විමසීමකදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසුවේ, ඔහු තානාපති වරප්‍රසාද යටතේ පරීක්ෂණ සිදු නොකර මුදා හැරිය බවයි.

අද අලුයම 1.30ට පමණ ආදාළ නිලධාරියා මෙරටට පැමිණ තිබුණේ, කටාර් ගුවන් සේවයට අයත් යානයකිනි.