මමත් තාලෙට සිංදු කිවුවනම් කුවෙට් කුමාරි කෙනෙක් බිහිවෙන්නේ නෑ
හොඳ මොළ තියෙන අය අස්සේ අපි වගේ හරකුත් ඉන්න ඕනනේ.

‘කුවෙට් කුමාරි’ (කුමාරි අක්කා) නමින් මුහුණූ පොතේ යූ ටියුබයේ මෙන්ම අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ඇයව ඔබට මතක ඇති.

කාලයක් ඇය ගැන හැමෝම වගේ කතා කරත් පසුගිය දිනවල ඇය ගැන වැඩිය කතාබහට ලක්වුණේ නැහැ.

මේ අතර තුරම ඇයගේ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්න පටන්ගත්තා.

ඇය පසුගිය දිනයේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය වෙනුවෙන් විහාරස්ථානයක තිබූ පිංකමකට සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ හිමිවරුන් පිරිසක් සමග සංවාදයේ යෙදෙන අයුරු දැක්වෙන අයුරු කිසියම් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයේ පටිගතව තිබුණා.

එහිදී එම හිමිවරුන් ඉදිරියේ ඇය පවසා සිටින්නේ “මමත් වරදක් කරන්නේ නෑනේ හාමුදුරුවනේ… වරද තියෙන්නේ තාලෙන් පිට සිංදු කියන එක විතරයි” යනුවෙනුයි.