සනී ලියෝන්, එක්තරා සිනමා පටයක දී, ඇගේ දුරකථනය අංකය කියා කිසියම් අංකයක් කියයි. ඈ එසේ තමන්ගේ යැයි කියා කියන දුරකථන අංකය ඇත්ත අංකයකි. අවාසනාවකට මෙන් එම අංකය අයිති පනීත් අග‍්‍රාවල් නමැති 26 හැවිරිදි තරුණයෙකුටයි.

එදා පටන්, ඔහුගේ දුරකථනයට නිවනක් නැති බව පනීත් අග‍්‍රාවල් පවසයි. සනී ලියෝන්ට කතා කිරීමට අවශ්‍ය බොහෝ දෙනා, පනීත් අග‍්‍රාවල්ට කතා කරයි.

දවසකට සිය දෙනෙක්වත් සනී ලියෝන්ට කතා කිරීමේ උවමනාවෙන් පනීත් අග‍්‍රාවල්ට කතා කරයි. මෙය ඔහුට මහත් හිස රදයක් වී තිබේ.

”සනී වෙලේ නානවා… පස්සේ කතා කරන්න..” ඇතැම් අයට ඔහු එසේ පවසන බව පනීත් අග‍්‍රාවල් පවසයි.