ධර්මවාදී සහ අවිනීත ලෙස හැසිරෙමින් ශ්‍රද්ධාවට හානි කරන වේශධාරීන් සිටීනම් ඔවුන්ව සිය නිකායෙන් නෙරපා දමන්නට කටයුතු කරන බව රාමඤ්ඤ මහා නිකාය දැනුම්දී සිටිති. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයට,භික්ෂුත්වයට සහ මහජන ශ්‍රද්ධාවට හානිවන ලෙස සමාජ මාධ්‍යවල හැසිරෙන පුද්ගලයින් අද සුලබ බවත්, ඔවුන් යම් යම් වාසි අපේක්ෂාවෙන් සහ දුර්වල මානසික ස්වභාවයන් ඇතිව එම ක්‍රියාවන්හි යෙදෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.
රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන්ගේ උපදෙස් අනුව එම නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන නාහිමියෝ මෙම නිවේදනය නිකුත් කළහ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙවැනි අවිනීත,අධර්මවාදී භික්ෂුන් තම නිකායේ සිටිනම් නිකාය කතිකානුකූලව ඔවුනගේ සාමණේර/උපසම්පදා ලියාපදිංචිය අවලංගු කොට නිකායෙන් නෙරපා හරින බවයි.
රාමඤ්ඤ මහා නිකාය විසින් ගරුකටයුතු සංඝ සමාජයටද දැනුම්දීමක් කර ඇත. එය මේ ආකාරයෙනි.
නිකාය නෙරපීම්වලට නිදසුන් ඉතිහාසයේ මෙන්ම, මෑත කාලෙත් ඇති බැවින් සහ ශාසන සංශෝදන ක්‍රියාවලියක් ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් එවැනි පුද්ගලයින් සහ කණ්ඩායම් පිළිබඳව විස්තර තොරතුරු සහිතව රාමඤ්ඤ මහා නිකාය දැනුවත් කරන ලෙස දැනුම්දී සිටී.
ශාසන විලෝපනයේ යෙදෙන්නන් අප නිකායේ නමින් ලියාපදිංචි වී ඇත්නම් ඒ සියලු දෙනා නිකායෙන් නෙරපා දැමීමට කතිකනුකුල පියවරක් ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.