ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන චීනයේ ආසාදිතයන් ගණන ඉක්මවා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 86,000 පසු කර තිබුණු අතර චීනයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 82,941 කි.

15 සහ 16 දෙදින අලුතින් හමුවුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 3,907 කි. එම දින දෙක ඇතුළත වාර්තා වූ මරණ සංඛ්‍යාව පමණක් 103 කි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2,700 පසු කර තිබේ.