ඓතිහාසික මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියේේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බවද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයනවා.
එමෙන්ම මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 60ක් ඇතුළත් වන පරිදි නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනප්‍රවාද හා ලිඛිත සාක්ෂි මත විහාරමහා දේවිය මුහුදේ පාවී පැමිණ ගොඩබට ස්ථානය ලෙස මහා විහාරය සැලකෙන පුරාවිද්‍යා සාධක විශාල ප්‍රමාණයක් සහිත එම භූමිය 1951 වසරේදී අක්කර 72ක් සහිතව ගැසට් කිරීම්ට එවකට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කටයුතු කර තිබෙන නමුත් අන්තවාදී පිරිස් විසින් දිගින් දිගටම එම විහාරයට අයත් පුරාවස්තු පුරාවිද්‍යා භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින අතර මේ වනවිට විහාරයට අයත් භූමි ප්‍රමාණය අක්කර දහසක් දක්වා අඩු වී තිබෙනවා.

නමුත් ඒ අවට අක්කර 60 ඒකක ප්‍රදේශයක පුරාවිද්‍යා සාධක පවතී මේ හේතුවෙන් එම භූමිය පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කරන ලෙසටය ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එම් චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට පසුගියදා උපදෙස් ලබා දුන්නා.

ඒ විහාරය සතු ඉඩම් යළි අත්පත් කරගෙන යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී තිබූ උපදෙස් මතයි මේ අතර මුහුදු මහා විහාරය ආශ්‍රිතව පවතින තත්ත්වය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා සිදුකළ දැනුම්දීම මත ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් එන්නේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වැඩබලන පොලිස්පති සිරිල් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ද ඊට එක්ව සිටියා
