හිරු CIA අනාවරනයෙන් අනතුරුව මුහුදු මහාවිහාරය අවට වෙරළ කලාපයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව අද වෙරළ සංරක්ෂණ දෙපාර් දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඉඩම් ආක්‍රමණය කරන අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් යොදා තිබූ කම්බි කණු ගලවා ඉවත් කිරීම ඒ අනුව සිදුකෙරුණා.

නැගෙනහිර පලාතේ පොතුවිල් වල පිහිටා ඇති මුහුදු මහා විහාරය කළක් තිස්සේ අනවසර ඉඩම් අත්පත් කරගන්නට හසු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරයක් වනවා. ගිරු CIA හරහා අවස්ථා ගණනාවකදී මේ පිලිබද හෙලිකර අතර කොරෝනා උවදුර පාලනය කිරීමට ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ දීද අනවසර වැටවල් ඉදි කර ඉදිකරමින් ඉඩම් ආක්‍රමණය නොකඩවා සිදු වුණා.

මේ පිලිබද හිරු CIA වැඩසටහනේ අනාවරණයත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය ඒ වෙත යොමු වූ අතර පසුගිය 3 වනදා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය එස්ම එම් චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබාදී තිබුණා.

අමාත්‍ය අමාත්‍යවරයා සමඟ අදාළ නිරීක්ෂණයට පැමිණීම වෙරළ සංරක්ෂණ දෙපාර් දෙපාර්තමේන්තු නිළධාරීන් සිදුකළ අනාවරණය තහවුරු කරගත් අතර වෙරළ සංරක්ෂණ නිලධාරීන් දැනුම්දුන්නේ ඉඩම් වෙන්කර ගැනීම්ට අවසරයෙන් යොදා තිබූ කම්බි කණු ආදිය කනවා ඉවත් කරගන්නා ලෙසයි.

එහෙත් ඉඩම් කොල්ල කරුවන් ඒවා ගලවා ඉවත් කර නොතිබීම හේතුවෙන් ඒ අනුව අද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ අදාල භූමි ප්‍රදේශයේ කර තිබූ කම්බි කණු ගලවා ඉවත් කරනු ලැබුවා.

මේ පිලිබද අදහස් දැක්වූ වෙරළ සංරක්ෂණය අධිකාරියේ අධ්‍යක්ශ ජෙනරාල් වරයා. “අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අපගේ නිලධාරීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා නමුත් පොලිසියේ මේ sam කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මෙම අනවසර ඉදිකිරීම් කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි මොවුන්ට ලබා දීමටවත් මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නෑ. ඇප ලබා ගන්නවා නම් ගත හැක්කේ මහාධිකරණයකින්. වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුව මගින් ලිඛිතව දැනුම් දුන්නට ඉවත් කරගන්නා ලෙස ඉවත් නොකර ගත් නිසා ඉවත් කිරීමට පොලීසියේ ආරක්ෂාවට ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කටයුතු කරනු ලැබුවා. hiru cia එකට ස්තුතිවන්ත වෙනවා අනවසර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්”