විදේශ ණය නොගෙන දේශීය ආයෝජන වලින් පමණක් නව සංවර්ධන කට කටයුතු සිදු විය යුතු අතර සියලු ව්‍යාපෘතීන් දේශීය ප්‍රතිපත්තියට අනුකූල විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබෙනවා.
කොළඹ නගරය ඇතුලු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍රකරගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධ සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ආයතන, මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම ආයෝජන මණ්ඩලයේ සහ වාණිජ මණ්ඩලයේ නිලධාරින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත් වුණා.
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග කලින් ඇනහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
විදේශ ණය නොගෙන ආයෝජන වලින් පමණක් නව සංවර්ධන වැඩ සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති අතර සියලුම ව්‍යාපෘති දේශීය ප්‍රතිපත්තියට අනුකූලව විය යුතු බවද පවසා තිබෙනවා.
කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉදිකිරීම් නතර කර ඇති කොළඹ නගරය ආශ්‍රිත සියලු මහා පරිමාණ ගොඩනැඟිලි සහ සංවර්ධන කටයුතු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
ප්‍රයෝජනයට නොගත් භුමි හඳුනා ගනිමින් සංවර්ධනය ඇති මංතීරු දෙපස පරිසර හිතකාමී කෘෂි කටයුතු ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වී තිබෙනවා