අද මෙරට ජනාධිපති වරයා සජිත් ප්‍රේමදාස මහතා නම් සෑම පවුලකටම රුපියල් 25,000 බැගින් මසකට ලබාදෙන බව සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.
එමෙන්ම මැතිවරණය කල් දමා ඒ සඳහා වියදම් වන මුදල් ද ජනතාවට බෙදා දෙන බව ද ඔහු පැවසීය.
ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අවශ්‍ය බඩු භාණ්ඩ ඉතා පහසුවෙන්ම බෙදාහරින්නට තිබූ බවත් එවන් කටයුතු සඳහා සුදුසුම සහ දක්ෂම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ඔහු කියා සිටියේය.
ඉදිරියේදී ජනතාවට කිසිදු විකල්පයක් නැති බවත් එහි ඇති එකම විකල්පයක් සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත් කිරීම බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.