ප්‍රචණ්ඩත්වය ඉස්මතු වන ආකාරයෙන් මේ දිනවල සාමාජ මාධ්‍ය තුළ පැතිර වීඩියෝ වලට සම්බන්ධ කුඩා දරුවන් සිටින ප්‍රදේශ හදුනාගෙන අදාළ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වලට මේ වන විටත් දන්වා ඇති බවත් , මේවාට සම්බන්ධ වැඩිහිටියන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි

මේ පිලිබද නෙත් එෆ් එම් බලුම්ගල වැඩසටහනින් ජාතික ළමා ආරක්ශක අධිකාරියෙන් කළ විමසීමකදි මෙලෙස පවසා සිටියා.

මේ සමහර ඒවා වාර්තා වනවා පොලොන්නරුව ප්‍රදේශයෙන් සහ නිකවැරටිය ප්‍රදේශයෙන්. මේ පිලිබද Cert ආයතනයෙන් හා අපේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ ලමා ආරක්ෂක නිලධාරීන් හරහා පරීක්ෂණ පවත්වනවා.

ඊට අමතරව ලිපිනයන්ට අදාල පොලීසියට මේ වන විටත් දැනුම් දීලා තියෙනවා. මේ පිලිබද ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් නැත්නම් දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේවා වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයන් සිටී නම් ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා

Advertisment